පොලිසිය හොයන රයන් ජයලත් සයිටම් විරෝධී රැලිය අමතයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා මීට ටික වේලාවකට පෙර සයිටම්රැ විරෝධී රැලිය ඇමතීම ආරම්භ කළේය. සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී පොදු දේපොළ වලට හානි කළැයි කියන සිද්ධියට සැකපිට ඔහු ද අත්අඩංගුවට ගැනීමට සොයනා බව පොලිසිය මුලින් කීවේය. 05 July 2017
අාපදා කළමනාකරණ පත්වීම් දීමේ උත්සවය අත්හිටුවයි ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අද (5) පැවැති කළමනාකරණ සහකාර පත්වීම් ලබා දීමේ උත්සවයක් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතාගේ නියෝග මත අත්හිටුවා එම පත්වීම් පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයි ආපදා කළමණාකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. 05 July 2017
අපට හානිවන තරමට සමාගමේ ලාභය ඉහළයි - රවීන්ද්‍ර කාරියවසම් උමා ඔය ව්‍යාපෘතියෙන් ඇතිවන විනාශය වැඩිවන තරමට එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වූ ෆරබ් නම් ඉරාන සමාගමට රක්ෂණායතන මගින් මුදල් ලැබෙන බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි. 05 July 2017
ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනා යළි රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී පොදු දේපොළ විනාශ කිරීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනා ලබන 19 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 05 July 2017
දුෂණ මර්දන කාර්යාලය ගැන ජනපති අප්‍රසාදය -රාජිත කියයි දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දැඩි අප්‍රසාදය පළ කළ බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශ ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 05 July 2017
කෝටි 19 ක මුදල් වංචා හිටපු කළමනාකරු රිමාන්ඩ් රුපියල් කෝටි 19කට අධික චෙක්පත් මිලදී ගෙන මුදල් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ලංකා බැංකු ශාඛාවේ හිටපු කළමණාකරු ලබන 14 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (05) නියෝග කළාය. 05 July 2017
ජනතාව ඡන්දෙ දුන්නේ නව ව්‍යවස්ථාවකටයි - ඇමැති රාජිත මේ රටේ ලක්ෂ 62ක ජනතාවක් ආණ්ඩුවට ජනවරමක් ලබා දී ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතර කර ගැනීමට යැයි ද, ඒ සඳහා විවිධ සංවිධානවලට බලපෑම් කළ නොහැකි යැයි ද කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 05 July 2017
මොරගහකන්ද ජලාශයේ ජලය නිදහස් කරන්නැයි ඉල්ලති මොරගහකන්ද ජලාශයේ ජලය වහා නිදහස් කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලා සිටිති . 05 July 2017
’ජාත්‍යන්තර සම්මුති පනත ඉවත් කළ යුතුයි’ - දිනේෂ් කියයි බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත වැනි පනත් තාවකාලිකව නතර කිරීම නොව එය සම්පුර්ණයෙන්ම ඉවත් කර ගත යුතු යැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 05 July 2017
ආනන්ද සමරසේකර අධිකරණයට බාර වෙයි පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව ප්‍රමාද වීම හේතුවෙන් අධිකරණය මගින් වරෙන්නතු නිකුත් කර සිටි හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට තිබු වරෙන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ ආපසු කැඳවිණි. 05 July 2017
‘බුද්ධාගමට හිමිතැන පහළ දමනවානම් ආණ්ඩුවේ ඉන්නේ නෑ‘ - අර්ජුන ‘අපේ රටේ බුද්ධාගමට හිමි තැන පහළට දාන්න හදනවා නම් මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ‘ යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළුතර ආසනයෙහි ආපදාවට පත් විහාරස්ථානවලට සහන බෙදා දීමේ වැඩසටහන් මාලාවකට එක්වෙමින් පැවසීය. 05 July 2017
මුතුරාජවෙලට කුණු බැහැර කිරීමට එරෙහි අතුරු තහනමක් මුතුරාජ වෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයේ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු අදාල බලධාරීන් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (5) අතුරැ තහනම් නියෝගයක් නිකුත් කළේය. 05 July 2017
’මහ බැංකු ලංසුව පිළිගත් ආකාරය පුදුමයටත් - කම්පාවටත් පත්වෙනවා’ රුපියල් බිලියනයක බැඳුම්කර ප්‍රදානයට සුදානමින් සිට රුපියල් බිලියන 10ක ලංසු පිළිගැනීම මඟින් ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රාථමික ගැණුම්කරුවන් නොමඟ යවා ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ‘නෙට් වෙල් සිකුරිටි සමාගමේ’ සහකාර කළමණාකාර නිමල් මීගොල්ල මහතා පැවසීය. 05 July 2017
මාධ්‍යවේදීනි මෙල් ගුණසේකර ඝාතනය කළ පේන්ට් බාස්ට මරණ දඬුවම මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කිරීමට වරදකරු වූ පේන්ට් බාස් නොහොත් ඒ.ජෝර්ජ් ට කොළඹ මහාධිකරණය අද(5) මරණ දඬුවම නියම කළේය. 05 July 2017
ස්විස් බැංකු ගිණුම්වල රුපියල් කෝටි 489 ක් ස්විට්සර්ලන්ත ජාතික බැංකුව විසින් 2016 වසර සඳහා ඉදිරිපත් කළ නවතම දත්ත සංඛ්‍යා ලේඛන අනුව ස්විස් බැංකු ගිණුම්වල ලාංකිකයින්ගේ මුදල් ස්විස් ෆ්රෑන්ක් මිලියන 307ක් පමණ තැන්පත් කර ඇති බව ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි. 05 July 2017
ගාල්ලේ යතුරුපැදි අනතුරින් අයෙක් මරුට ගාල්ල ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ කරන්දෙණිය ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ සමරවීර ක්‍රිඩාංගණය අසල දී සිදු වු යතුරු පැදි අනතුරකින් එක් යතුරුපැදිකරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 05 July 2017
අතුරුදන් කිරීම්වලින් වැළැක්වීමේ පනත අද පාර්ලිමේන්තුවට නොඑන ලකුණු බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් ආරක්ෂා කිරීමේ පනත අද(5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව රජයේ ආරංචි පවසයි. එම පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය පැහැදිලි කරගන්නා තුරු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනපති උපදෙස් දී ඇතැයි වාර්තා වේ. 05 July 2017
දුම්රියේ ලොරියක් ගැටී කැලණිවැලි මාර්ගයේ ගමනාගමනයට බාධා අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක කොස්ගම හා කිරිවන්දල අසල දී ලොරියක් ගැටීමෙන් කැලණිවැල දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය. 05 July 2017
වෛද්‍ය ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්න වරෙන්තු නාදුනන පිරිමි මළ සිරුරකට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් වසර හයක කාලයක් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීමේ සිද්ධියකට අදාළව හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා වරෙන්තු නිකුත් කර ඇත. 04 July 2017
දඹුල්ලේ සංරක්ෂණ නවතා ඇතැයි ඇමැති කියයි දඹුල්ල රජමහා විහාරයේ මේ වනවිට කිසිදු සංරක්ෂණ කටයුත්තක් සිදුනොවන බවත්, සංරක්ෂණ නිළධාරීන් සියල්ලම මේ වන විට එයින් ඉවත්වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුයේ අද(04දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. 04 July 2017
විද්‍යා නඩුවේ සාක්කි දුන් පොලිස් පරීක්ෂක අධිකරණ රෙජිස්ටාර් බාරයේ යාපනය පුංකුඩිතිව් හි ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ සාක්කි ලබාදුන් යාපනය හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්වීටර් පෙරෙයිරා අද (04) දිවා විවේක කාලයේදී අධිකරණ රෙජිස්ටර්වරයා භාරයේ තබන ලෙස ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේය. 04 July 2017
මහනාහිමිවරුන්ගේ ස්ථාවරය ජනපතිට බාරදීම හෙට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත නොකිරීම ඇතුළු විශේෂ කරුණු තුනක් සම්මත කර රජයට ඉදිරිපත් කිරීමට ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (04) මහනුවරදී පැවති විශේෂ මහා සංඝ සමුළුව ඒකමතික තීන්දුවකට එළැඹී තිබේ. 04 July 2017
යතුරු පැදි අනතුරින් දෙදෙනෙක් මරුට පන්නල ජනහිතගම ප්‍රදේශයේදී අද (04) යතුරුපැදි දෙකක් ගැටීමෙන් එම යතුරු පැදිකරුවන් දෙදෙනා එම ස්ථානයේදිම මියගොස් ඇතැයි පන්නල පොලිසිය කියයි. 04 July 2017
සුමේරියන් සොහොන් බිමට ඇතුළු නොවන ලෙස අධිකරණ නියෝගයක් වවුනියාව අග්බෝපුර මෙගලතික යුගයේ පෞරාණික සුමේරියන් සොහොන් බිමට ඇතුළු නොවන ලෙස වවුනියාව අතිරේක මහෙස්ත්‍රාත් ෆස්ලම් තවුසිම් මහත්මිය පාර්ශ්වයන් තුනකට වාරණ නියෝගයක් නිකුත් කළාය. 04 July 2017
රංගිරි දඹුලු ලෙන් පුරාවස්තු රැකගන්නවා - අකිල විරාජ් දේශපාලනික වශයෙන් සියදිවි නසා ගැනීමක් වුවද රංගිරි දඹුලු ලෙන් පුරාවස්තු රැකගැනීමේ අභියෝගයට මුහණ දෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 04 July 2017
දැරිය ගැටුණු ටිපර් රථය ගිනි තැබූවැයි 41 ක් රිමාන්ඩ් නානුඔය කහ ඉරක් මතදී පාසැල් සිසුවියක ටිපර් රථයකට යටවි මිය යාමෙන් අනතුරුව නගරයේ සිදුවූ කලහකාරි සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 41 දෙනකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා අද (04) නියෝග කළේය. 04 July 2017
නව ව්‍යවස්ථාවක් එපා-මහ නා හිමිවරු කියති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නැතැයි ත්‍රෛනිකායික මහ නා හිමිවරු අද (04) නිවේදනය කළහ. 04 July 2017
සයිටම් ගැටළුවට මැදිහත් වන්නැයි කොළඹ අගරදගුරුගෙන් ඉල්ලති සයිටම් ගැටළුව විසඳීම සඳහා මැදිහත් වන්නැයි තම සංගමය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් කාදිනල්වරයා රය පිළිගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි. 04 July 2017
සෞදියට එන්නැයි ලක් ජනපතිට ආරාධනා ජාත්‍යන්තර වහයෙන් ඉහළ අයෝජනයන් සිදුකරන සෞදි ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේදී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව සෞදි රජ පවුලේ සාමාජිකයකු වන අබ්දුල් අසීස් අල් සෞද් කුමරු අද (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවසීය. 04 July 2017
උමා ඔය ජනතාව රඳවා තැබීම අවදානම් - මහින්ද අමරවීර ‘උමා ඔය’ ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල අවට ගම්මාන ගණනාවක ජනතාවට බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 04 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026