(රංජන් කස්තුරි)
ගැමුණු විජේරත්න මහතාගේ සංවිධානයකට සයිටම් ආයතනයේ හෝ දෙමාපියන්ගේ හෝ නිල සම්බන්ධතාවයක් නැතැයි මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කළමනාකාරිත්වය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකා රජය විසින් සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබාදී ඇති විසඳුමට සයිටම් කළමනාකාරීත්වය සහ එහි සිසුන්ගේ දෙමාපියන් බහුතරයක් පූර්ණ සහාය දක්වන බවත් කිසිදු භේදයකින් තොරව රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකටම අදාළ වන පරිදි ප්රමිතීන් මාලාවක් නීතිමය වශයෙන් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවට ද සයිටම් ආයතනය සිය ප්‍රසාදය පළ කරන බවත් කියයි.
නමුත් ගැමුණු විජේරත්න මහතා පිහිටුවාගෙන ඇතැයි කියන දෙමාපිය සංසදය ඔහුගේ පෞද්ගලික අදහස් දක්වන සංවිධානයක් මිස දෙමාපියන් බහුතරයක් නියෝජනය කරන්නක් නොවන බවත් එම සංගමයේ ප්‍රකාශ සම්බන්ධයෙන් සයිටම් ආයතනය කිසිදු වගකීමක් නොදරන බවත් එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමේදී ගැමුණුට ඇත්ත තේරුනා. එපමණයි. අනිත් දෙමව්පියන්ටත් ඇත්ත ටිකෙන් ටික පෙනෙන්නට ගනිද්දී සයිටම් මුදලාලි මිනිස්සුන්ගෙන් ගත්ත සල්ලි ලැහැස්තිකරලා තියන්න ආපසු ගෙවන්න පොලියත් ඇතුළුව.
මොනව කරත් ඔය හොර ගුහාව වහනවා ඇර වෙන විකල්පයක් නැහැ. ළමයින්ගේ සල්ලි ටික බේරල ඒ දරුවන්ට සාධාරණයක් කරන්න. ලක්ෂ 120 කියන්නෙත් ඉතින් සුළු පටු ගානක්ද නේද?
බොරු කියල තවත් මිනිස්සු රවටන්න එපා. සයිටම් ව වහන දිනය අතලග. කොපමණ යටිකූට්ටු වැඩ කලත් සයිටම් වැසෙනවාමය... ජනතාවනි තවත් රැවටී අලුතින් ලියාපදිංචි වෙන්න එපා. ඔබගේ ආයෝජනය අපරාදේ.. මේක හොර කඩයක්. සයිටම් වැසේවා.. ජාතික ප්රශ්නය විසදේවා..
සයිටම් නාටකයේ අවසන් ජවනිකා කීපය දැන් රඟ දැක්වේ.
පුද්ගලික විශ්ව විද්‍යාල වසනවානම් පුද්ගලික වෛද්‍ය සේවාවත් නවත්තන්න බල කරන්න. මෝඩ මිනිසුනි, දියුණු කිසි රටක රජය මත යැපෙන ආයතන නැත. ලංකාවෙන් පිට නොගිය මිනිසුනි අඩුම තරමේ සිංගප්පුරුවට ගොස් පැමිණ හෝ ගිය අයෙකුගෙන් විස්තර අසා කොමෙන්ට් කළා නම් තමා හොඳ.
“පුද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරනවා නම් පුද්ගලික වෛද්‍ය සේවාවත් අහෝසි කරන්න“. මෝඩ මිනිසුනි, දියුණු කිසි රටක රජය මත යැපෙන ආයතන නැත. ලංකාවෙන් පිට නොගිය මිනිසුනි අඩුම තරමේ සිංගප්පුරුවට ගොස් පැමිණ හෝ ගිය අයෙකුගෙන් විස්තර අසා ප්‍රතිචාර දැක්වූවා නම් තමා හොඳ.
පුද්ගලික විශ්ව විද්‍යාල වසනවානම් පුද්ගලික වෛද්‍ය සේවාවත් නවත්තන්න බල කරන්න. මෝඩ මිනිසුනි, දියුණු කිසි රටක රජය මත යැපෙන ආයතන නැත. ලංකාවෙන් පිට නොගිය මිනිසුනි අඩුම තරමේ සිංගප්පුරුවට ගොස් පැමිණ හෝ ගිය අයෙකුගෙන් විස්තර අසා කොම්මෙන්ට් කළා නම් තමා හොඳ.
ලෝකයේ මිනිසුන්ට ජීවත් වීමට වඩා දියුණු තත්ත්වයක් පවතින නෝර්වේ, ඩෙන්මාර්ක්, ස්වීඩන් වැනි රටවල පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන නොමැති බව ඔබ දන්නවාද? ඒසේම ඒ රටවල 98% වඩා අධ්‍යාපනය රජය මැදිහත් වීමෙන් ලබාදෙන බව ඔබ දන්නවාද?