පැරණි සොහොන් බිමේ දැව කැපීම් කළ කොන්ත්‍රාත්කරුට වාරණයක් වවුනියාව අග්බෝපුර මෙගලතික යුගයේ පෞරාණික සුමේරියන් සොහොන් විනාශ කරමින් කැණීම් සිදුකිරීම හේතුවෙන් වවුනියාව අඩවි වන නිලධාරීන්, රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන් හා ප්‍රදේශයේ තේක්ක දැව කැපීම් සිදුකළ පෞද්ගලික කොන්ත්‍රාත්කරු වෙත නැවත එම භූමි ප්‍රදේශයට ඇතුල් නොවන ලෙස දන්වා වාරණ නියෝගයක් අද (04) වවුනියාව අතිරේක මහෙස්ත්‍රාත් ෆස්ලම් තවුසිම් මහත්මිය නියෝග කළාය. 04 July 2017
මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතන නඩුවේ තීන්දුව හෙට මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කොට ඇගේ ජංගම දුරකථනය කොල්ල කෑ බවට චෝදනා ලැබ සිටින ‘පේන්ට් බාස්’ට එරෙහි නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා හමුවේ බදාදා (05) ප්‍රකාශයට පත් කෙරේ. 04 July 2017
උතුරු කොරියාව අන්තර්මහද්වීපික මිසයිලයක් අත්හදා බලයි උතුරු කොරියාව තවත් අන්තර් දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු සහ ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහූ අද (4) ප්‍රකාශ කළහ. එමෙන්ම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඒ බව සනාථ කරමින් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍යයද වාර්තා කර තිබිණි. 04 July 2017
වෛද්‍ය වර්ජනය සතියකින් කල්යයි හේතූන් කිහිපයක් මුල් කරගනිමින් හෙට(4) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වෛද්‍ය වර්ජනය සතියකින් කල් දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 04 July 2017
දරුවාට පහරදී මරා දැමූ මාපියන් අත්අඩංගුවට මින්නේරිය, මහරත්මලේ මවක සහ පියකු එක්ව සිය දරුවාට පහරදී මරා දමා ඇතැයි පොලිසිය පවසයි. 04 July 2017
යතුරුපැදි අනතුරින් සිසුන් තිදෙනකුට බරපතලයි කිලිනොච්චිය අන්නෙයිඉල්ල මන්සන්ධියේදී අද (4) උදෑසන සිදු වූ යතුරුපැදි අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි. 04 July 2017
වෛද්‍ය වර්ජනය නවත්වන්නැයි අගරදගුරු ඉල්ලයි ඩෙංගු රෝගයෙන් රටම පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය පසුපසට ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පැවසූහ. 04 July 2017
මයිලඩියේ අක්කර 54 ක් මුල් පදිංචිකරුවන්ට යුද සමයේදී අධිආරක්ෂිත කලාප වශයෙන් නම් කෙරුනු යාපනය වලිකාමම් මයිලිඩ්ඩි ප්‍රදේශය නදහස් කොට මුල් අයිතිකරුවන්ට දීමෙන් පසු මුල් ඉඩම් හා ආගමික ස්ථාන පරික්ෂා කළ වැසියන් ආරක්ෂක අංශවලට ප්‍රශංසා කොට ඇත. 04 July 2017
දක්ෂිණ අධිවේගයේ නටමින් රිය පැදවූ ටෙලි නිළියට දඩ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී සුක්කානම අතහැර නර්තනයක යෙදෙමින් රිය පැදවූ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි මේනකා මධුවන්තිට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 5000ක දඩයක් නියම කළේය. 04 July 2017
සෞදි කුමාරයා හදිසියේම ශ්‍රී ලංකාවට එයි සෞදි රාජ්‍යයේ කිරුළ හිමි සල්මාන් බින් අබ්දුලාසිස් අල් සවුද් කුමරු අද(4) පෙරවරු 11.20ට කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. 04 July 2017
’සයිටම් වහනවා හැර වෙනත් විසඳුමක් නෑ’ සයිටම් වෛද්‍ය උපාධි ආයතනය අහෝසි කිරීම හැර අද රටේ මතුවී තිබෙන සයිටම් විරෝධී ප්‍රශ්නයට වෙනත් විසඳුමක් නැතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳුදා (03) බත්තරමුල්ලේ දී පැවැසීය. 04 July 2017
වව්නියාවෙන් පුපුරන ද්‍රව්‍ය හමුවෙයි වවුනියාව, කනගරායන්කුලම, කොල්ලරපුලියන්කුලම හි කැලෑ ප්‍රදේශයක තිබූ පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක තිබී මිලිමීටර 61 වර්ගයේ මෝටාර් උණ්ඩ 13 ක් සොයාගත් බව කනගරායන්කුලම පොලිසිය පවසයි. 04 July 2017
අල්ලස් ගත් දොස්තර රිමාන්ඩ් රෝගීන්ගේ පරීක්ෂාවන් සිදුකරන පෞද්ගලික රසායනාගාරවලට රෝගීන් යැවීමට විශාල මුදල් අල්ලස් ලෙස ලබාගත් බව කියන කුලියාපිටිය රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා සහ පෞද්ගලික රෝහලක රසායනාගාර තාක්ෂණ නිලධාරිවරයා ලබන 10 දක්වා රිමාන්ඩ් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය. 04 July 2017
රජයේ ප්‍රධාන පුටු හතරක් වෙනස් වෙයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර වු ඔස්ටින් ප්‍රනාන්දු මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස අද (04) පෙරවරුවේ නිල පත් වීම් ලබා ඇත. 04 July 2017
පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණන අඩු කරන බව ප්‍රංශ ජනපති කියයි ප්‍රංශ දේශපාලනයේ සුවිශේෂී ප්‍රතිසංස්කරණ කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව දැනට සිටින ප්‍රමාණයෙන් තුනෙන් එකක් අඩු කරන බව ප්‍රකාශ කළේය. 03 July 2017
විද්‍යා නඩුවේදී සාක්කිකාර සිසුවාට අසනීප වෙයි යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා ඝාතන නඩුවේ සාක්කි දෙමින් සිටි 13 හැවිරිදි පාසල් සිසුවකුට ක්ලාන්තය සෑදීම නිසා අද (3) නඩු විභාගය මිනිත්තු 10කට අත් හිටුවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කළේය. 03 July 2017
ජපුර සරසවියේ ගැටුම විමර්ශනයට කමිටුවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත් කළ බව එහි උපකුලපති මාහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියයි. 03 July 2017
‘අද රටට නායකයෝ ගොඩයි‘ - මහින්ද අනිද්දා පාර්ලිමේන්තුවේ දී විවාද කිරීමට නියමිත අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනතට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(3) ත්‍රිකුණාමලයේ දී පැවසීය. 03 July 2017
වෛද්‍ය සභාවේ පිරිසක් යළි කාලෝ ඉල්ලති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස නැවත වතාවක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාම පත්කරන්නැයි වෛද්‍ය සභාවට ඡන්දයෙන් පත්වූ සාමාජිකයන් පස් දෙනකු සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 03 July 2017
විදුහල්පතිනියට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට බම්බලපිටිය ප්‍රදේශයේ පාසල විදුහල්පතිනියකට සිය නිළ කාර්යාලයේ දී අද (3) පෙරවරුවේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 July 2017
කසල ප්‍රතිපත්තියක් ඉල්ලූ පෙත්සම කල්යයි කැලිකසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජයට නියම කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමක් සලකා බැලීම ලබන අගෝස්තු 09 වැනිදා තෙක් කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු තළේය. 03 July 2017
මහේෂ් සේනානායක හමුදාපති තනතුර අබියස නව යුද හමුදාපති වරයා ලෙස මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරි දින දෙක ඇතුළත පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 03 July 2017
ආරක්ෂක ලේකම් තනතුරත් වෙනස් වෙයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉවත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 03 July 2017
මුතුරාජවෙලට කුණු දැමීමට එරෙහි පෙත්සම සලකා බැලීම අනිද්දා මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ වැලි ගොඩ දැමීම, පස් කැපීම ,පිරවීම හෝ කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීමක් සිදු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම බදාදා (5) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (3) තීන්දු කළේය. 03 July 2017
අතුරුදන් කිරීම වරදක් වන පනත හය වැනිදා විවාදයට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියළු තැනැත්තන් ආරක්ෂාකිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනියර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අනිද්දා(06දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පැවසීය. 03 July 2017
මොරටු සරසවියේ ඩෙංගු කීට ස්ථාන 15ක් මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන 15ක් තිබී සොයා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 03 July 2017
ආබාධිත පවුල ජීවත්කරවු කිකිළියන් කටගැස්මට ගනී කිකිලියන්ගේ බිත්තර විකුණා ලැබෙන සුළු අදායමින් අබාදිත පිරිසක් පෝෂණය කරමින් සිටි දුප්පත් පවුලක තිබු කුඩා පරිමාණයේ කිකිළි බිත්තර ගොවිපලක කිකිළියන් සොරකම් කොට උන් මරා මස්කර මදුවිත පානයට කටගැස්මට මස් යොදා ගත්තේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි. 03 July 2017
පොලිසියේදී මියගිය තරුණයන් වෙනුවෙන් වන්දි ගෙවන්න රජයට නියෝග 2008 වසරේ මඩකලපුවේදී නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගනු ලැබූ ද්‍රවිඩ තරුණයින් දෙදෙනෙකු පොලිස් බාරයේ සිටියදී වද හිංසා පමුණුවා මරණයට පත් කර ඔවුන්ගේ මළ සිරුරු මුහුදට විසිකළ බව කියන සිද්ධියක් මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් රුපියල් ලක්ෂ 20 ක වන්දි මුදලක් එම තරුණයින් දෙදෙනාගේ දෙමව්පියන්ට ගෙවන ලෙස රජයට නියෝග කළේය. 03 July 2017
අල්ලස් ගත්තැයි විශේෂඥ වෛද්‍යවරයෙක් සැකපිට කුලියාපිටිය පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණාගාරයක වාර්තා ප්‍රතික්ෂේප නොකිරීමට මසකට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000 ක් අල්ලස් වශයෙන් ලබාගත් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හා පෞද්ගලික රෝහලක විකිරණ තාක්ෂණ නිලධාරියකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද අත්අඩංගුවට ගත්තේය. 03 July 2017
ජවිපෙ මන්ත්‍රී තර්ජනය කළ බව ඇමැති අමරවීර කියයි උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවී ඇති හානිය බැලීමට කළ සංචාරයේ දී ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා කාමරයකට දමාගෙන තමාට තර්ජනය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සහ ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි. 03 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026