(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවට කඩා වැදුණු රැකියා විරහිත උපාධි ධාරීන් 400 ක පමණ පිරිසක් අද (2) පළාත් ප්‍රධාන ලේකම්වරයා ගේ කාර්යාලයට යෑමත් සමඟ උණුසුම් තත්වයක් හට ගත්තේය.
ප්‍රධාන ලේකම්වරයා හමුවට පැමිණි ඔවුන් කියා සිටියේ ප්රශ්නය විසඳන තුරු ඉන් ඉවත් නොවන බවයි. ලේකම්වරයාගේ කාර්යාලයට කඩා වැදුන ඔවුන් එම කාර්යාලය තුලට වෙනත් කිසිවකුට ඇතුල් විය නොහැකි පරිදි දොරගුළු දමා ලේකම් වරයා සමඟ සාකච්ඡා කලද විසදුමක් ලැබී නැත.
ප.ව.2.00 ට පමණ මේ පිළිබඳ ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කිරීමට යැයි පවසා ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.බණ්ඩාර මහතා සමග උපාධිධාරින් කීපදෙනකු ඉන් පිටත්ව ගිය අතර උද්ඝෝෂකයන් පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයතුල රැඳී සිටිනු දක්නට ලැබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉන්නේ ලස්සනට ඒ සී කරපු පැසේජ් එකේ වාඩිවෙලා මොනවහරි තියෙන දෙයක් හොයල බලල කාල ඉන්න එකනේ...
ටික කලකට පෙර මේ සියලු දෙනා සයිටම් පෙළපාලිවල දක්කා ගෙන ගිය ජනතාවාදීන් මොකුත් සපෝට් එකක් දෙන්නේ නැද්ද ජොබ් එකක් හොයා ගන්න? සමහරවිට අනික් සංගමෙන් උදව්වක් ඉල්ලුව නම් දෙන්න ඉඩ තියෙනවා.
කුණු එකතු කරන රස්සාවල් දුන්නා නම් හරි. වෙන දෙයක් දන්නේ නැහැ. මේ අය දක්ෂ නම් සත්ව උද්‍යානේ සතුන් බලාගන්න දෙන්න.
මහජන මුදලින් ඉගෙනගත්තා නම් අඩු ගානේ තමන්ගේ උත්සාහයෙන් පුද්ගලික අංශයේ රැකියා සොයා ගන්න බැරිද ? උපාධියක් කියන්නේ රජයෙන් හැමදේම අතට පයට සපයා දෙන බලපත්‍රයක් නෙවෙයි.
අන්තරයේ වීරයෝ කව්රුවත් මෙතන නැද්ද?
කුඹුරු වැඩ ගොවිතැන් වැඩ කරන්නන, රබර් කිරි කපන්න කැමති කවුරුවත් දැන් නැහැ. හැමෝටම ඕන වෙලා තියෙන්න ටැලිපෝන් එකට ඇඟිල්ලෙන් ඇන ඇන ඉන්න ගමන් ආණ්ඩුවේ රස්සාවල් කරන්න. මේක අධ්‍යාපන ක්රමයේ වරද. රටේ ඉන්න ඔක්කොටම රස්සා දුන්නත් අපට කමක් නැහැ, හැබැයි පඩි ගෙවන්නේ නැතුව!
ඔහොම ප්‍රශ්න විසදන්න පුලුවන්ද?
ආණ්ඩුවේ රස්සාවලට මේ තරම් පොරකන්නේ නිකන් ඉන්නද?