ශ්‍රීලනිප මන්ත්‍රීවරු 18ක් සැප්තැම්බරයේදී ආණ්ඩුවෙන් ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූර හොබවන මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ලබන සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා ලංකාදීපයට පැවසීය. 01 July 2017
වෛද්‍ය සභාව ආනන්ද සමරසේකර වැරදිකරු කරයි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා වරදකරුවකු වන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර ඇත. 30 June 2017
විද්‍යා සිසුවිය කෙළෙසන දර්ශන රූගත කරලා විද්‍යා සිසුවිය සමූහ දූෂණයට ලක් කලේ ඝාතන ඝාතනයේ විත්තිකරුවන් සිව් දෙනෙකු බවත් ඔවුන් සිසුවිය පාළු නිවසකට පැහැරගෙන ගොස් ගෙන ඇයව දූෂණයට ලක් කරන දර්ශන රූගත කර ස්විස්කුමාර් වෙත ලබාදුන් බවත් සිද්ධිය ඇසින් දුටු බව කියන පුංකුඩිතීව්හි පදිංචි නඩරාජා පුවනේස්වරන් හෙවත් මාපිල්ලේ නැමැත්තා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්කි දෙමින් පැවසීය. 30 June 2017
මම මට කළ හැකි උපරිමය කළා - මහැදුරු කාලෝ ‘‘මම තවදුරටත් රස්සාවක් කරන්න බලාපොරොත්තුවක් නෑ. මම මට කළ හැකි උපරිමය කළා. මගේ වයස දැන් අවුරුදු 85ක්‘‘ යැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. 30 June 2017
උදයංග වීරතුංගගේ විදෙස් ගමන් බලපත්‍ර භාවිතය තහනම් කෙරේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රක් භාවිත කිරීම වළකාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(30) නියෝගයක් නිකුත් කළේය. 30 June 2017
‘ජාන තාක්ෂණය භාවිත කරමින් ප්‍රතිකාර කළ හැකි වෙනම ඒකකයක්‘ ජාන තාක්ෂණය භාවිත කරමින් වෛද්‍ය ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරුන් 7 දෙනෙක් ශ්‍රී ලංකාවේ සිටින අතර ඔවුන්ගෙන් සැදුම්ලත් වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි. 30 June 2017
සැකකරුවකු ඝාතනය කළ පොලිසියේ පහකට මරණ දඬුවම සැකකරුවකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන්වූ පොලිස් නිලධාරීන් 5 දෙනකුට අද(30) පානදුර මහාධිකරණය මරණ දඬුවම් නියම කළේය. 30 June 2017
සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව පරදවයි ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව පරදවා කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. 30 June 2017
වාසුගේ පෙත්සම විසිවෙයි හම්බන්තොට වරාය සහ ඒ ආශ්රිත අක්කර 15,000 ක ඉඩම චීන සමාගම් දෙකකට බදු දීමට ගෙන ඇති කැබිනට් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) තීන්දු කළේය. 30 June 2017
ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ. 30 June 2017
කොම්පඤ්ඤවීදිය කඩපෙළක ගින්නක් කොම්පඤ්ඤවීදිය හංදියේ නිපෝන් හෝටලය අසල ඇති කඩපෙළක ගින්නක් හටගෙන ඇතැයි ගිනි නිවන හමුදාව කියයි. 30 June 2017
පිළියන්දල වෙඩි තැබීමේ සැකකරුවන් රිමාන්ඩ් පිළියන්දල වෙඩි තැබීම සම්බන්ධයෙන් අද(30) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා නියෝග කළේය. 30 June 2017
තැන තැන කුණු දැමු 1180 ක් අත්අඩංගුවට මාර්ගයට නීති විරෝධී ලෙස කසල බැහැර කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාතේ දින 9ක් පුරා සිදුකළ මෙහෙයුම් වලින් පුද්ගලයින් 1180 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 30 June 2017
දයාසිරිට එරෙහි පෝස්ටර් ගාල්ල ක්‍රිඩාංගණයේදී අත්ඩංගුවට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගය නැරඹීමට පැමිණ සිටි නරඹන්නන් අත තිබූ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාට විරුද්ධව ලියැවුණු පෝස්ටර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පෝස්ටර් ක්‍රීඩාංගණයේදී ප්‍රදර්ශනය කිරීම පිණිස ගෙනැවිත් තිබිණ. 30 June 2017
ශ්‍රී ලංකාව කඩුලු 5 ට 316 ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30)පැවැත්වෙන පළමු වැනි එක්දින තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 316 ක් ලබාගත්තේය. 30 June 2017
බොරැල්ල රථ වාහන පොලිසියේ ලොක්කා සමඟ 9 ක් රිමාන්ඩ් අකුණු සන්නායකයක් හා රුපියල් 55000ක රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ඕඅයීසි ඇතුළු පොලිස් නිලධාරින් පස් දෙනා හා සිවිල් පුද්ගලයන් සිව් දෙනා ජුලි 14 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (30) නියෝග කළේය. 30 June 2017
ලංගම රිය දියනාවල ඔයට පෙරළෙයි කන්දෙගෙදර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බදුල්ල ඩිපෝවට අයත් ශ්‍රීලංගම බස් රථයක් දියනාවල දේවාලය අසලදී දියනාවල ඔයට පෙරළීමෙන් සිව්දෙනකු තුවාල ලබා බදුල්ල සහ කන්දෙගෙදර රෝහල්වලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි. 30 June 2017
කොටගල කේම්බ්‍රිජ් විද්‍යාලයට පොලිස් ආරක්ෂාව නුවරඑළිය කොටගල කේ‍්‍රම්බි‍්‍රජ් දෙමළ විද්‍යාලයේ ගුරුවරුන්,දෙමවිපියන් සහ සිසුන් අතර ඇති වු බව කියන ගැටුමක් හේතුවෙන් එම පාසලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ. 30 June 2017
හිඟ බදු නොගෙව්වොත් දේපළ තහනම් කැළණිය ප්‍රාදේශීය බල ප්‍රදේශයේ හිඟ වරිපනම් බදු නොගෙවන පුද්ගලයන්ගේ දේපළ තහනම් කරන බව කැළණිය ප්‍රාදේශීය සභාවේ ලේකම් කේ.එච්. කපිල කුමාර මහතා පවසයි. 30 June 2017
පොලිසියේ 11 කට මාරුවීම් පොලිස්පතිගේ නිර්දේශය මත නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් හා සහකාර පොලිස්පතිවරු නව දෙනෙක් අද (30) මාරුවීම් සිදු කර ඇත. 30 June 2017
තැපැල් වර්ජනය අවසන් තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දුව මත සිය අඛණ්ඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. 30 June 2017
පිළියන්දල වෙඩි තැබීමට සැකපිට තව දෙදෙනකු අත්අඩංගුවට වැටලිමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමකට පිළියන්දලදී වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 30 June 2017
විද්‍යා දැරිය පැහැර ගන්න රුපියල් 23,000ක කොන්ත්‍රාත්තුවක් දීලා ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය පැහැරගැනීම සඳහා මෙම නඩුවේ හය වැනි විත්තිකරු වන දුෂාන්තන් හෙවත් පෙරියම්බි විසින් රවී නැමති අයෙකුට රුපියල් 23,000ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි මෙම නඩුවේ රජයේ සාක්කිකරුවකු වන උදයසූරියන් සුරේෂ්කරන් ඊයේ (29) විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි දෙමින් සඳහන් කළේය. 29 June 2017
ආරක්ෂාව ප්‍රශ්නයක් නිසා සාක්කිය රහසේ ගනී යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධානම සාක්ෂිකරු වන උදයසූරියන් සුරේෂ්කරන් තමන්ගේ හා තම පවුලේ ආරක්ෂාවට තර්ජනයක් වීමේ අවධානමක් ඇතැයි කියමින් විවෘත අධිකරණයේ සාක්ෂි ලබා දීම අද (29) ප්‍රතික්ෂේප කළේය. 29 June 2017
සයිටම් විරෝධීන්ගේ අට්ටාලය ඉවත් කරන්න නියෝග සයිටම් ජනසතු කරන ලෙසට ඉල්ලමින් සහ සරසවි සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එල්ල වු ප්‍රහාරයට විරෝධය දක්වමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්යග්රහ කිරීමට ඉදිකළ අට්ටාලය ඉවත් කරගන්නා ලෙසට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (29) නියෝග කළාය. 29 June 2017
සයිටම් ජනසතු නොකළොත් අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් ලබන සතියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි. 29 June 2017
සීඑස්එන් පෙත්සම් විභාගය කල් යයි තම විකාශන බලපත්‍රය අත්හිටුවීමට එරෙහිව සී.එස්.එන් නාලිකාව ගොනු කර තිබූ රිට් පෙත්සමේ පෙත්සම්කරුවන් හා වගඋත්තරකරුවන් අතර ඇති වී බව කියන සමථය ගැන සලකා බැලීම ලබන අගෝස්තු 03 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (29) තීන්දු කළේය. 29 June 2017
මාස හයකදී ලක්ෂ 38ක හොර සල්ලි 2017 වසරේ මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වැටලීම්වලින් 3 894 600 ක ව්‍යාජ මුදල් නොට්ටු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මුලස්ථානය කියයි. 29 June 2017
'විදුලි බිල වැඩි කරන්න තීරණයක් නෑ' - අජිත් පී පෙරේරා ජල විදුලිබල බලාගාර ආශ්රිත ජලාශවලට වැසි නොලැබුණත් ඉදිරියේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නොගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසීය. 29 June 2017
උමා ඔය ගැටලුව ගැන සොයන්න විදේශ විශේෂඥයන් ජනතාවට සිදුවන හිරිහැරය වළක්වමින් උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහාය ගැනීමට අපේක්ෂා කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (28) නුවරඑළියේ දී පැවසීය. 29 June 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026