(බී.ජී. චතුරංග)
අනුරාධපුර මෛත්‍රීපාල සේනානායක මාවතේ ඉදිකෙරෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ කොටසක් බිමට කඩාවැටී සිදුවීමට ගිය මහා විනාශයක් ව්‍යාපාරිකයකුගේ විමසිලිමත්භාවය හේතුවෙන් අද (28) වැලකි ගියේය.
අනුරාධපුර මාර්කට් පෙදෙසේ පැරණි බස් නැවතුම්පල අසල ඉදිකෙරෙන අඩි හැටක් පමණ උස මෙම ගොඩනැගිල්ලේ ඉහලම මාලයේ පිහිටි අඩි සියයක් පමණ දිගින් යුතු බිත්තියක් අද (28) සවස සුළගට අඩියක් පමණ වැනෙන අයුරු එම ගොඩනැගිල්ලට ඉදිරිපිට ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන ව්‍යාපාරික ජේ.ඒ මුබාරක් මහතා දැක ඒ අසල කඩ සාප්පුවල පිරිස්වලට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස කෑ ගසා තිබේ.
මුබාරක් මහතා මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියටද දන්වා ඇති අතර රථවාහන පොලිස් නිලධාරින් වහා එහි පැමිණ ප්‍රධාන මාර්ගය වසාදමා අවට කඩසාප්පු කිහිපයක් වසා දැමීමට කටයුතු කර තිබුණි.
අනතුරුව ප්‍රමිතියට ඉදි කර නොමැති බව කියන එම බැම්ම ආරක්ෂිත ලෙස කඩා දැමීමට කටයුතු කෙරුණි.එම බිත්තිය කඹ යොදා බැද ආරක්ෂා සහිතව කඩා දමනු ලැබීය.
අවට වෙළෙදසල් විස්සක් පමණ වසා දමා එහි සේවකයන් එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර මෙම සිදුවීම පිළිබද කටකතා පැතිරගිය පසු විශාල පිරිසක් එය කඩා වැටෙන අයුරු නැරඹීම සදහා පැමිණ සිටියහ.
අවශ්‍යතාවක් වුවහොත් භාවිතයට ගැනීම සදහා ගිලන් රථ හා අනුරාධපුර නගර සභා ගිණි නිවන ඒකකය ද එම ස්ථානයට කැදවා තිබුණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ කොන්ක්‍රීට් බීම් එක දාල තියෙන්නේ කොලම් උඩ නෙවෙයි. එ්කත් කඩලා ඉවත් කරන්න වහාම... නැත්නම් එකත් වැටෙයි. කිසිම ප්‍රමිතියක් නැතුව හදන්නේ. වහාම පියවර නොගත්තොත් ජීවිත නැතිවෙයි. කොන්ක්‍රීට් දාන්න ගහල තියෙන ලෑලි වලට ගහල තියෙන්නේ එක මුක්කුවයි. හදලා තියෙන ටිකත් පරීක්ෂා කරලා බැලුවොත් හොඳයි.
මුබාරක් මහත්මා ඔබට බොහොම පින්... මහා විනාශයක් වැළැක්වූවාට...
ඔය හදාගෙන යන්නේ ගොඩනැගිල්ලක් වෙන්න බැහැ. හුළඟට වැනෙනවා නම් ඒක සරුංගලයක් වෙන්න බැරිද? කොහොම වුණත් "සකල සිරින් පිරි සිරි ලංකාවේ" උස ගොඩනැගිලි නිර්මාණය කරන්නේ වාස්තු විද්‍යාව ගැන කිසිම උපාධියක් හෝ දැනුමක් නැති පිරිසක් විසින් බව පසුගිය දිනවල සිදුවුන ගොඩනැගිලි අනතුරු කඩාවැටීම් වලින් පැහැදිලිව පේනවා ! මේසන් හැන්ද අතට ගත්තම මේ ගොල්ලෝ අහස උසට ඉදිකිරීම් කරන්න දක්ෂයන් කියල හිතේ ඇති !!! මාරයි නේ අපේ රට !!!
නියමයි.. ඔබ කර ඇත්තේ යහපත් වැඩකි. ස්තුතියි.
මේ පවුරක් වැනි මහා බිත්තිය සැලසුම් කරලා තියෙන්නේ මහදැනමුත්තා වෙන්න ඕනෑ. මේක හරියට වැල වරකා ගෙඩියක් ගහෙන් බාන කොට ලණුව නැට්ටේ මුල බැඳලා නැට්ට ගෙඩිය ලඟින් කපනවා වගේ වැඩක්.
ඇයි මේවායේ ප්‍රමිතිය බලන්න රජයේ ආයතනයක් නැද්ද? මුබාරක් මහතාණෙනි, ඔබට බොහොම පින් අත්වේවා..!!!
මේ මුබාරක් කියන්නෙත් අර රෝහිග්න්ය පැත්තේ ඉඳල ආව අයගේ ජාතියේ කෙනෙක් නේද. අපරාදේ එය කියපු දේ පිළිගත්තේ මොකද අදහස් අන්තවාදී නේ . ඔන්න ඕකට තමා කියන්නේ උවමන වෙන කොට කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ. අනේ අනිච්චං
තවත් උඩට බඳින්නයි කල්පනාව මරුනේ...
ඔන්න බලන්න කොන්ත්‍රාක් වරුන් මුදල්ගසා කන හැටි. ඕනෑම ගොඩනැගිල්ලක් ඉදි කිරීමේදී එහි අයිති කරු නිතරම සෙවිල්ලෙන් ඉන්න ඕන, කොන්ත්‍රාක් ක්‍රමයට බාර දුන්නත්. මොකද ඔහුද විශ්වාස නැති නිසා. ඇස්තමේන්තුවට අනුව නොවේ වැඩ සිදුවන්නේ. කොන්ත්‍රාක් එකක් ලබා ගන්න තියෙන පොරය බලන්න. වාසි නිසානෙ