(විනීතා එම්. ගමගේ)
ආරක්ෂාව දිය යුතු පුරාවිද්‍යා ස්ථානවල ලැයිස්තුවක් දෙන්නැයි තමන් පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් ඉල්ලා වසරක් ගත වනතුරුත් එම ලැයිස්තුව දෙන්නට ඔහු සමත්වූයේ නැතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් දැන් පුරාවිද්‍යාවට ගිහින් ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එහි තනතුරු වෙනුවෙන් නිලධාරින් පිරිසක් අවුරුදු 10ක් තිස්සේ නඩු කියා ගන්නා බව කී සිරිසේන මහතා පවතින තත්ත්වය යටතේ පුරාවස්තු රැකගැනීමත් යුද්ධයක් යැයි ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා එසේ පැවසුවේ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ ඊයේ (27) පැවැති උත්සව සභාවක් අමතමිනි.
ගංගා රාජිනි දිසානායක මහත්මිය කළ පර්යේෂණයක් ඇසුරින් කළ ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර ග්‍රන්ථය දොරට වැඩුම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි.
එහි දී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේ ද කීය.
‘‘පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන රැක බලා ගැනීමට රජයේ මැදිහත්වීම අවශ්‍යයි. මම පුරාවිද්‍යා කොමසාරිස්තුමාට දුරකථනයෙන් කතා කරල ඇහුවා දෙපාර්තමේන්තුවේ ඇති ප්‍රශ්න ගැටලූ විසඳිලා ද කියලා.
ඒ දෙපාර්තමේන්තුවත් පුරාවිද්‍යාවට ගිහින් තියෙන්නේ. ඒ අයත් නඩු කියනවා. ඒකෙ නියෝජ්‍ය අධ්යක්ෂ, සහකාර අධ්යක්ෂ ඇතුළු නිලධාරින් 18 දෙනෙක් අඩුයි.
පුරවන්න බැරි, පිටින් සුදුසු අය ගන්න දෙන්නෙත් නැහැ. ඇතුළෙ ඉන්න අයට සුදුසුකම් නැහැ කියල ඇතුළෙන්ම කියනවා. 2007 ඉඳලම නඩු කියනවා.
එච්. සී. පි. බෙල්, මහාචාර්ය පරණවිතාන, ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ වගේ විද්වතුන් එදා මේ දෙපාර්තමේන්තුව හසුරවපු ආකාරය අපි අහල දැකල තියෙනවා.
මම ගිය අවුරුද්දේ පුරාවිද්‍යා කොමසාරිස්වරයාට කිව්වා පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ආරක්ෂාව දිය යුතු වෙහෙර විහාරවල ලැයිස්තුවක් දෙන්න කියලා. ඊයේ කථා කළ වෙලාවේ මේ ගැන ඇහුවම මොන මොන ස්ථානවලට දෙනවද කියල හදාගන්න බැරිලූ. පුරාවිද්‍යා ස්ථාන රැකගැනීමත් යුද්ධයක්.
මම විශේෂ සාකච්ඡාවක් කැඳවලා මේ පිළිඳව අවශ්‍ය පියවර ගන්නට කටයුතු කරනවා යැයි ද ජනාධිපතිවරයා පැවැසීය.’’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මාධ්‍යට කියල වැඩක් නැහැ. කල යුතු කාරිය නම් හරියට කරන්න පුළුවන් අය තනතුරුවලට පත් කිරීමය. නැත්නම් ඉතින් අපි වෙන කෙනෙක් පත් කරනවා තුමනි.
ඉතින් මේ රට පාලනය කරන්නේ අපිද ?
ජනාධිපතිතුමනි, ඔබ ළඟ තබාගන්න යතුර සහ නමුත් දොර විවර කිරිමට ප්‍රථම වෙනත් අයගෙන් විමසන්න .... පුරවැසියෙකු ලෙස අපි ඔබට බලය ලබා දුන්නා...ඇයි ඔබ බලා සිටින්නේ
පුරා විද්‍යාව බාර ඇමතිතුමා ඔබද නැත්නම් වෙන ඇමතිකෙනෙක් ඉන්නවාද? එහෙම වෙන කෙනෙක් ඉන්නවානම් ඔබතුමා ඒ ඇමතිවරයාගෙන් පිට පාරේ යන්නේ ඇයි? ඔබේ ගම වන පොළොන්නරුවේ සුගලා දේවියගේ මමිය තිබෙනවා කියන ගල පුපුරවා හැරලා ඒ මමිය බවට කියවෙන දේහයක් පිලිස්සු බව කියන අවස්ථාවේ ඔබ ක්‍රියාත්මක වුනේ නැත්තේ ඇයි?
අනේ මම දන්නේ නැහැ සර්, අර කට්ටිය අපේ උරුමයන් ඔක්කොම බුල්ඩෝසර් කළාට පස්සෙද ඕවා රකින්නේ?
අපි නම් මෙය දැනගෙන දශක දෙකකටත් වැඩි බව කාරුණිකව දන්වන්නෙමු.
ජනාධිපති කෙනෙක් මේවා කියන කොට ඔබතුමාව පත්කළ අපිටම මඩුවලිගෙන් තලාගන්න හිතෙනවා. ඔබතුමාට යුද්දේ කරන්න ලැබුණානම් කොහොමට තියේද කියල හිතා ගන්න පුළුවන්.
අතිගරු ජනාධිපතිතුමනි, ලැයිස්තු මොකටද පුරාවස්තු රකින්න - හඳුනාගත්තු සියලුම පුරාවස්තු අපේ උරුමයන්... ඒවාට ආරක්ෂාව අත්‍යාවශ්‍යයයි. අද ඒවා රැක ගත්තොත් හෙට උපදින පරපුර අඩුම තරමින් කියයි එවකට අදීන ජාතියක් හිටියා... පසුකාලීනව ඒ අයගේම නිවටකම් නිසා විනාශවෙලා ගියා කියලා.
මේවා කියන තමාට ගෙදර ගැහැණු කෙනාවත් පාලනය කරන්න පුලුවන්ද?
මොනවද මේ කතා. රටේ දැවෙන ප්‍රශ්න අනන්තයි. මෙයා පුරා විද්‍යාවක් ගැන දොඩවනවා .යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමා .මෙහෙම ගියොත් අපේ රටයි, සිංහල ජාතියයි, ආගමයි ඉතා ඉක්මනින් පුරා විද්‍යාවට එකතු වෙයි.
මේවා ඉතින් පුරාවිද්‍යාවෙන් හිතාමතා සැලසුම් සහගතව කරන ලද වැඩ. හරි ගණනයන් තිබුණොත් හොර වැඩ මාට්ටු. ග්‍රාම නිලධාරී මට්ටමේම සංගණනයක් කරලා තෝරා බේරාගෙන වැඩේ පටන්ගත්තොත් ටිකක් හරි අනාගත පරපුරට ඉතිරිවෙයි.
තමන් රටේ විධායක ජනාධිපති නම්, තමන්ට පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථානවලට ආරක්ෂාවක් දීමට ඕනෑකමකුත් තිබේ නම්, ලැයිස්තුවක් ඉල්ලලා අවුරුද්දක් බලන් ඉන්න ඕනෑද? සරල වැඩි වුණාම නිවට වෙනවා කියන්නේ මේවට තමයි. රටකට ඕනෑ අපමණ අගයකට... කලින් කොන්ද පණ තියෙන නායකයෝ ඉන්න ඕනේ. එතකොට අපමණ අගය ඉබේම ලැබෙයි.
මට පේන්නේ තමුන්නාන්සෙත් දැන් පුරාවස්තුවක් වෙලා. සුසාන් කියනවා වගේ යුද්දේ කරන්න වුණා නම් අපිට වැලේ වැල් තමයි. අඩු තරමින් තමන් ප්‍රකාශ කරන දෙයක් වත් හිතා මතා කරන්න බැරිද ලෝකේ හිනස්සවන්නේ නැතිව. මටම ලැජ්ජයි කියන්න මම ලාංකිකයෙක් කියලා මේ වගේ පාලකයෙක් යටතේ...
මං හිතන්නේ නම් මේ වාර්තාව වැරදීමකින් ලියපු එකක්ද කොහෙද... ඔයවගේ කතා කියනවද අපේ ජනාධිපතිතුමා? වෙන රටක ජනාධිපති කෙනෙක් කියපු දෙයක් වෙන්න ඕනෑ...
වැඩේ කෙරන්නේ නැත්නම් වෙනම ව්‍යපෘතියක් ඔබතුමා යටතේ පටන් ගන්න පුළුවන්.එකට ඉලක්ක දෙන්න පුළුවන්.කාල සීමාවක් දෙන්න පුළුවන්.අය වැයක් වෙන්කළ යුතුයි. හදිසියේම කලයුතු සමීක්ෂණයයි.මේකට විශ්ව විද්‍යාල සිසුන් පවා යොදවාගත හැකයි. දැන් නුතන තාක්ෂණ මගින් ඡායාරූප ගතකර තොරතුරු සටහන් කර වෙබ් අඩවි වල දැමිය හැකියි.මේකට පුරාවිද්‍යා විද්වතුන් ම වෙන්න ඕනේ නැහැ.වෙබ් අඩවි වලින් ප්‍රචාරය කලාම සංචාරකයෝ නිතරම යන කොට ආරක්ෂා වෙනවා.සමීක්ෂණයෙන් හදපු ලැයිස්තු ආරක්ෂාවට සිවිල් ආරක්ෂක නිලධාරීන්ට ලිඛිතවම භාර දෙන්න.එකම දේ අවංක විද්වතුන් කිහිප දෙනෙකුට වැඩේ භාර දීමයි.දෙපාර්තමේන්තු ගොඩක් තිබෙද්දී මහවැලි අධිකාරියක් පිහිටෙව්වේ වැඩ ඉක්මන් කරන්නයි..ඔබ තුමා ගේ අවධානය මේ සඳහා යොමුකරනු ඇතයි ගෞරවයෙන් බලාපොරොත්තු වෙමු.
අම්මපා මෙතුමා කට ඇරියොත් කියන්නේ මේවගේ කතාවක්. හරියට අපි රට පාලනය කරනවා වගේ. සමහරවිට මට හිතෙනවා ජනතාවට වරදුණාද කියලා. මොකද රටේ ජනාධිපතිගේ රස්සාව සමහරවිට වැරදි අඩුපාඩු බලලා ජනතාවට වාර්තා කරන එකද දන්නේ නැහැනේ. මම මේක ගැන පරීක්ෂණයක් කරන්න හිතුව ඔන්න.
පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේගෙන් අහලා අදම වැඩේ කරන්න. නැත්නම් ඕනේ නැහැ. අල්ලලා දාන්න. ඔක්කොම වැනසෙන එකේ ඕක මොකක්ද? අපි අනිත්‍ය මෙනෙහි කරමු.
ඕකත් යාළුවට කියලා කීයකට හරි විකුණලා දාන්න මහත්තයෝ!!