(මහින්ද නිශ්ශංක)
හාල් වර්ග අටක හා හාල් මැස්සන් මිල අඩු කර තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ අටක් අඩු මිලට ලබාදීමට ලංකා සතොස පියවර ගෙන ඇතැයි ලංකා සතොස සභාපති ආචාර්ය පී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා පවසයි.
නව මිල ගණන් අද(28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සභාපතිවරයා පවසයි. සුදු නාඩු, සුදු කැකුළු, සම්බා, රතු කැකුළු, රතු නාඩු, සුදු කැකුළු සම්බා, රතු කැකුළු සම්බා සහ කැඩුණු සහල් මෙම මිල අඩුකර ඇති සහල්වර්ග අතර වේ.
මෙයට අමතරව බී ලූනු, අර්තාපල්, ටින් මාළු, සතොස කිරිපිටි, සීනි, පරිප්පු සහ තිරිඟු පිටි වෙළඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට වඩා ජනතාවට ලබාදෙන බවද ඔහු කීවේය. ජීවන වියදම අඩු කිරීම සඳහා ජනාධිපති උපදෙස් මත මෙම මිල අඩුකිරීම ක්‍රියාත්මක බව ද ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ගමකම සතොසක් අරින්න. සමහර සමුපකාර කලු කඩ වෙලා.
ඇයි මේ නිවේදනයටම ඒවායේ මිල ගණන් නොදැම්මේ? එහෙම දැම්මා නම් මුළු රටේම ජනතාවට එක වරම අලුත් සහන මිල දැන ගන්න තිබුණා. හොඳ දෙයක් කලත් එ්කෙත් මේ වගේ අඩු ලුහුඬුකම්.
ගැන කොහොම වුණත් අපි නිතර දකින්නේ බාල කන්න බැරි දේවල්.... ඕන කෙනෙක් ගෙන් අහන්න බොරුද කියලා?
මේකත් 'සිල් රෙදි ' වගේ කේස් එකක් නේද ?
මිල අඩු කිරීම නම් ඉතා හොදයි.ඒත් අල ළුණු හාල් මැස්සෝ වල ප්‍රමිතිය හා විවෘත වෙළද පොළේ ඇති එම භාණ්ඩ වල ප්‍රමිතියත් අතර ඇති වෙනස අපි විවේචනය කරනවට වඩා රජයේම නිලධාරීන් ලවා විමසා බලනවානම් හොදයි.හාල් නම් එතරම් වරදක් නැහැ.කාලෙකට පස්සේ ඊයේ හොඳ ලොකු ළුණුත් තිබුණා.