(ටෝනි කරුණානායක)
ගම්පහ මදුරුවිට ප්‍රදේශයේ තරුණියක ඇගේ පැරණි පෙම්වතා බව කියන තරුණයකු සහ තවත් තරුණයන් දෙදෙනකු විසින් පැහැරගෙන යමින් සිටියදී තරුණියගේ අසල්වැසියන් විසින් සීදුව කොටුගොඩවත්ත ප්‍රදේශයේදී බේරාගනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
තරුණිය ත්‍රීරෝද රථයක දමාගෙන පැහැරගෙන යන බවට දැනගත් අසල්වැසියන් මෝටර් රථවලින් අදාළ රථය හඹා ගොස් මෙලෙස බේරාගෙන තිබේ.
එම තරුණිය බේරාගැනීමට ගිය අසල්වැසි පුද්ගලයකු ඇද වැටී මිය ගොස් ඇත.මියගොස් පුද්ගලයා හෘද රෝගයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගනිමින් සිටි බව ඔහුගේ ඥාතීහු පවසති.
තරුණිය පැහැරගැනීමට ආ අනෙකුත් තරුණයන් දෙදෙනා පළා ගොස් ඇති අතර අසල්වැසියන්ගේ පහර කෑමට ලක්වූ තරුණියගේ පැරණි පෙම්වතා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඇයි මරාගන්නේ... කාන්තාවෝ වැඩීනේ පිරිමින්ට වැඩිය...
කලබල නොවන්න... ලක්ෂණ හැටියට මෙය චිත්රපටි යකට ගත්ත දර්ශනයක් වෙන්න පුළුවන්... මම අහලා තිබෙනවා ... ළඟදීම හමනවා "සැඩ සුළං" කියා එම චිත්රපටයේ ප්රචාරයට අලවා තිබු පෝස්ටර් දැක සමහරුන් බියවී නිවස අසල තිබුණු මහා ගස් කපා දැමුවා කියා ..