(නිමල කොඩිතුවක්කු)
වසර 2020 වනවිට රටේ සියලූම දුම්කොළ වගාවන් සහ ඒ ආශ්රිත නිෂ්පාදන නතර කිරීමට තීන්දුවක් ගෙන ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
දුම්කොළ ආශ්රයෙන් 35000 ක පමණ පිරිසක් ජීවත්වන බවත් ඒ අයට වෙනත් වගාවන් සදහා ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියයි.
දුම්කොළ නිවාරණය පිළිබඳ ලෝක සෞඛ්‍යය සංවිධානයේ පස් අවුරුදු වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී අද (28) ආරම්භ කරමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙම ව්‍යාපෘතිය සදහා බි්රතාන්යය රජය මගින් පවුම් මිලියන 15ක මුදලක් ප්‍රධානය කෙරෙන අතර ශ්‍රී ලංකාවට අමතරව වෙනත් රටවල් 15ක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව පෙරලගන්න වැඩක් කරගන්න තමයි ඇමති තුමාගේ උත්සාහය.. මම නම් දැනටමත් තීරණය කරලා ඉවරයි මේ ප්රශ්නය මත මේ ආණ්ඩුව පෙරලන්න සහයෝගය දෙන්න .. සිගරට් බොන මිනිස්සු ගොඩක් මේ රටේ ඉන්නවා කියලා ඇමතිතුමා මතක තියාගත්තොත් හොඳයි.
ඇයි ඇමතිතුමා ඒ වෙනකම් විතරද මේ රටේ බෙහෙත් තියෙන්නේ? දැන්ම ඒ තීරණය ගත්තොත් මොකද වෙන්නේ....
බහු ජාතික බූවල්ලා මෝඩ දේශපාලකයින්ගේ කණෙන් රිංගනවා. දේශීය දුම්කොළ නිෂ්පාදනය නැවැත්වූවාම ඔක්කොම නිෂ්පාදන ගන්න වෙන්නේ පිටරටින්... එතකොට ඒ සල්ලි ඔක්කොම යන්නේ බහුජාතික සමාගම්වලට. දේශීය නිෂ්පාදකයාට සතයක් වත් නැහැ. ඔච්චර නීති දාන්න මේ ගොල්ලෝ ඇයි දුම්වැටි සහ ඒවා නිෂ්පාදනයට දාලා අමුද්‍රව්‍ය ආනයනය කිරීම නවත්වන්නේ නැත්තේ...
2020 වනවිට තමන්ගේ දේසපාලන ගමනත් ශ්‍රීලංකා වැසි ජනතාව නවත්වා රටේ සෞඛ්‍යයට සහ නිදහස් අධ්‍යාපනයට කරන විනාශය සලකලා කටයුතු කරන්න.
බලාගෙන ගියාම 2020 මාර අවුරුද්දක්නේ? ඔබතුමා කියනවා 2020 දුම්කොළ වගාව නවත්වනවා කියලා. තවත් කෙනෙක් කියනවා 2020 වෙද්දී සංචාරකයෝ වැහි වහින්න වගේ ගේනවා කියලා. දැන් ඔය කාලෙටම නේද ඔබතුමාලගේ කාලේ ඉවර වෙලා අකුලාගෙන යන්න තියෙන්නෙත්? ඒ සේරම අස්සේ ජනාධිපතිතුමා කියනවා කිසිම ආණ්ඩුවකට මේ වගේ සුළු කාලෙකින් වැඩක් කරන්න බැහැ කියලත්? මේවා අහල අපට දැන් මොලේ කුරුවල් වෙලා.
මේකට තමයි කියන්නේ "හිඟන්නාගේ තුවාලේ" කියල.
නියමයි... මින් ඉදිරියට ජනගහනය සීඝ්රයෙන් වැඩි වෙයි... වද බෙහෙත් නතර කරමු...
පිටරටින් සිගරට් ගේන එකත් නතර කරන්න.
එඩිතර තීරණයක් ඇමතිතුමනි,
මෙයා දුමට තිත තියනව. තව කෙනෙක් හංදියක් ගානේ බියර් විකුණනවා. මේක එක ආණ්ඩුවක් නැත්නම් ආණ්ඩු ගානක්ද? දෙයියෝ තමයි දන්නේ, මේ තව එකක්, මෙයා පාර්ලිමේන්තුවේ දී අනුර සහෝදරයාට දබර ඇඟිල්ල පෙන්නුවා... වැඩිය උඩ පනින්න එපා, දැන් රනිල්ට අනුරට වැඩිය කෙනෙක් නෑ. මොකද ඉස්සරහටත් තුනෙන් දෙක ඕනනේ... අනික එයා ඒක කරන්නේ අතින් පාඩුකර ගෙනනේ... දැන් දැනගන්න... සයිටම් අවසාන කැමැත්ත ඔයාගේ නෙමෙයි දැන් ඒක අනුරට මාරුවෙලා. ඒක නිසා ඒ කරුණ සම්බන්ධයෙන් වැඩි උජාරු කථා එපා....