ඩෙංගු මඬින්න සෞඛ්‍ය අමාත්‍යාංශයට නිසි බලධරයෙක් ඩෙංගු රෝගය මර්දනය කිරිමේ කටයුතු සිදු කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට නිසි බලධරයකු පත් කර තිබේ. 03 July 2017
බදුල්ලේ සිසුන් දෙන්නෙක් ඩෙංගු මරුවාට බිලි ඩෙංගු උණ රෝගයට ගොදුරුවීමෙන් බදුල්ලේ ප්‍රධාන පෙළේ පාසල් දෙකක සිසුන් දෙදෙනකු මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 03 July 2017
වනජීවී සහකාර අධ්‍යක්ෂකවරු අද සහ හෙට ලෙඩ නිවාඩු වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර අධ්යක්ෂවරුන් අද(3) සහ හෙට(4) අසනීප නිවාඩු වාර්තා කර රාජකාරි කටයුතු වලින් ඉවත් වි සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ රාජකාරි අවරණ සහකාර අධ්‍යක්ෂවරුන්ගේ සංගමය පවසයි. 03 July 2017
පොලිසියේ දෙන්නෙක් ගැන පරික්ෂණ 2015 ජනපතිවරණ සමයේ පෝස්ටර් සහ කටවුට් ගැලවීම සඳහා එකතු කළ මුදල් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි මට්ටක්කුලිය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි කොළඹ චංචා විමර්ශණ ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. 03 July 2017
පැෆ්රල් සංවිධානය අැමැතිට දෙහි කපයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පැවැති බාධක එකින් එක ඉවත් වෙමින් පවතිද්දී කිසිදු පූර්ව පැහැදිලි කිරිමකින් තොරව මැතිවරණය තවත් මාස තුනකින් කල් දැමීමට රජය ගත් තීරණය පිළිබඳව පැෆරල් සංවිධානය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසිර් මුස්තාපා මහතා වෙත අප්‍රසාදය පළ කර ඇත. 03 July 2017
වෛද්‍යවරු බදාදා සිට යළි අඛණ්ඩ වර්ජනයක මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් බදාදා (5) පෙරවරු 8 සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 03 July 2017
සරසවි සිසුන්ට කළ ප්‍රහාරයට පොලිස් කොමිසමට වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුන සිසුන්ට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම වෙත වාර්තාවක් බාර දී ඇත. 03 July 2017
බසයෙන් ඇද වැටුණු සිසුවා මියයයි හයිලෙවල් මාර්ගයේ ගොඩගම නගරය ආසන්නයේදී පාසල් ළමුන් ප්‍රවාහනයේ නිරතව සිටි ”සිසු සැරිය” බස් රථයකින් ඇද වැටුණු 14 හැවිරිදි පාසල් සිසුවා ඊයේ(2) රාත්‍රියේ මිය ගිය බව අතුරුගිරිය පොලිසිය පවසයි. 03 July 2017
බිහිසුණු පනතක් ගැන ජී.එල් කියයි රටට අහිතකර ඉතා බිහිසුණු පනතක් වත්මන් රජය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට යන බව බව හිටපු ඇමැති ජී. එල් පීරිස් මහතා මහනුවර ගැටඹේ රාජෝපවනාරාමයේ දී පැවැසීය. 03 July 2017
ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද(3) පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ආරංචි කියයි. 03 July 2017
රාගම කොල්ලයේ සැකකරුවන් අල්ලයි රාගම බැසිල්කා පාරේ දි වෑන් රථයකට වෙඩි තබා එහි තිබු රුපියල් ලක්ෂ 77ක් පැහැරගෙන ගිය සැකකරුවන් පස්දෙනා මුදල් වලින් කොටසක්ද සමඟ පෑලියගොඩ දිසා බුද්ධි ඒකකය අද (3) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. 03 July 2017
පුංචි ඡන්දය නැතිනම් ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂයේ සහාය නෑ පළාත් පාලන ඡන්දය පවත්වනනේ නැතිනම් ආණඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කිසිදු සහයෝගයක් ලැබෙන්නේ නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා බදුල්ල මැදගම නන්නපුරාවේදී අද (2) පැවැසීය. 02 July 2017
ධීවරයන් බේරා ගන්නැයි තමිල්නාඩු මුදල් ඇමැති විදේශ ඇමතිට ලියයි ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් 42 දෙනා වහා නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු මුදල් අමාත්‍ය ඩි.ජයකුමාර් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුශ්මා ස්වරාජ් මහත්මිය ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය අද (02) වාර්තා කළේය. 02 July 2017
පෝදා මත්පැන් විකිණීමට එරෙහිව තරුණයෙක් උපවාසයේ මුදල් අමාත්‍ය මංගල සමරවර මහතා කළ බව කියන ප්‍රකාශකයට විරෝධය දක්වමින් මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට වැව රවුමේරුණයෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබ තිබේ. 02 July 2017
ත්‍රස්තවාදය නැති කළ අය දඩයම් කරන්න ආණ්ඩුව සැරසෙනවා-මහින්ද අතුරුදන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප්රඥප්තිය ගෙන ඒම මගින් වත්මන් ආණ්ඩුව උත්සාහ කරන්නේ අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමට නොව ත්‍රස්තවාදය නැති කළ අය දඩයම් කිරීමට බව පෙනීයන්නේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 July 2017
කොළඹ සරසවියේ ඇදුරිඳුට වසර 12කට පසු පත්වීම යළිත් කොළඹ විශ්ව විදයාලයේ සේවයෙන් ඉවත් කර සිටි ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයකු වසර 12කට පසුව නැවත සේවයේ පිහිටුවා ඔහුට සියලු හිඟ වැටුප් ගෙවීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පාලක සභාව තීන්දු කර තිබේ. 02 July 2017
පතලක් කඩා වැටී අයෙක් මරුට නිවිතිගල පොලිස් බල ප්‍රදේශයේ මඩාර ගමේ නිවසක ගෙවත්තක කැපු පතලක දෝනාවක් අද (02) කඩා වැටීම නිසා එක්දරු පියෙකු (34) ජිවිතක්ෂයට පත්ව ඇතැයි නිවිතිගල පොලිසිය කියයි. 02 July 2017
උමාඔය ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ඉල්ලති උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුව ඇති විපත සම්බන්ධයෙන් ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී තමන්ගේ ප්‍රශ්නවලට ලැබුණේ ක්ෂනික පිළිතුරු බවත් තම ජනතාවට අවශ්‍ය සෘජු පිළිතුරු බවත් උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. 02 July 2017
මන්ත්‍රී පුතුගේ කැබ් රියේ ගැටී යතුරුපැදිකරු රෝහලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුතෙකු පැදවූ කැබ් රථයක් සහ යතුරු පැදියක් ගැටී යතුරු පැදිකරු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට අද (02 ) ඇතුළත් කළ බව මිහින්තලය පොලීසිය පවසයි. 02 July 2017
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (2) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමවී තිබේ. 02 July 2017
මොරටු සරසවිය වසාදමා නෑ - උපකුලපති මොරටු විශ්ව විශ්ව විද්‍යාලය ලබන 17 වැනි දා තෙක් සම්පූර්ණයෙන් වසා නොදැමූ බවත් සිසුන්ට නිවාඩු දීම පමණක් කළ බවත් එහි උපකුලපති ආනන්ද ජයවර්ධන මහතා පවසයි. 02 July 2017
ගලහ රෝහලේ වෛද්‍යවරු නැහැ ගලහ ප්‍රාදේශිය රෝහලේ නේවාසික රෝගීන් පරීක්ෂා කිරීමට අද (2) දහවල් වන තෙක් කිසිදු වෛද්‍යවරයකු නොපැමිණි බව නේවාසික රෝගීහු චෝදනා කරති. 02 July 2017
අරණායක සුරපුරයක් කරනවා යයි කියපු නිවාස ඇමති කෝ? - නාමල් රාජපක්ෂ එදා අරණායක සුරපුරයක් කරන බව කී නිවාස ඇමති නැවත අරණායක අවතැන් වූවන් බැලීමට පැමිණ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 02 July 2017
ගැබ්ගෙල පිළිකාවට එරෙහි එන්නත හෙට සිට අනාගතයේ ඇති වියහැකි ගැබ්ගෙල පිළිකා වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් ක්‍රියාත්මක කරන ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ‘හියුමන් පැපිලෝමා’ වයිරස එන්නත පාසල්වල 6 ශ්‍රේණියේ ඉගැනුම ලබන ගැහැණු දරුවන්ට එන්නත් කිරීම හෙට (03) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 02 July 2017
ආණ්ඩුව පෙරළීම මෝඩ වැඩක්-සුමන්තිරන් ජාතික ගැටළුවට විසඳුමක් වශයෙන් නව ආණ්ඩුවක් පත් කර පසුව එය පරාජයට පත් කිරීම අනුවණ හෙයින් රජයට සහය දෙමින් විසඳුම් ලබා ගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියයි. 02 July 2017
රාජගිරිය සුපිරි වෙළඳ හලක ගින්නක් රාජගිරිය සුපිරි වෙළෙඳ සංක්රීර්ණයක ඇති වූ අද (2) අලුයම ඇති වූ ගින්නක් නිවා දැමූ බව කොළඹ නගර සභා ගිනි නිවන ඒකකය කියයි 02 July 2017
ජනාධිපති ලේකම් තනතුරට ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් තනතුර සඳහා නැගෙණහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කෙරෙනු ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගැනීමට තිබේ. 01 July 2017
අයි.එස්. ප්‍රහාරයක් ගැන ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් රත්මලාන ගුවන් තොටුපොළන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහරදීම සඳහා අයි.එස්.ත්රස්තවාදීන් කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමෙරිකා බුද්ධි අංශ දන්වා ඇතැයි වාර්තාවෙයි. 01 July 2017
ජයවර්ධනපුර සරසවි සිසු ගැටුමෙන් තිදෙනෙක් රෝහලේ ජයවර්ධනපුර සරසවියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් හා තවත සිසුන් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් තිදෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 01 July 2017
ශ්‍රීලනිප මන්ත්‍රීන් ආණ්ඩුවෙන් ඉවත්වන කථාව අමරවීර දක්නේ නැතිලු සම්මුතිවාදී යහපාලන ආණ්ඩුවේ ඇමැති ධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවක් තමා නොදන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. 01 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026