(රංජන් කස්තුරි)
නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය හෙට (30 ) මධ්‍යම රාත්‍රීයෙන් නිම වේ.
නැගෙනහිර පළාත් සභාව මන්ත්‍රී ආසන 37 න් සමන්විතය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 14 ක්ද දෙමළ ජාතික සන්ධානයට ආසන 11 ක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 7 ක්ද එක්සත් ජාතික පක්ෂයට ආසන 4 ක් ද සහ ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක්ද වශයෙන් මෙවර එම පළාත් සභාව සමන්විත ව තිබිණ.
නැගෙනහිර පළාත් සභාවේ අවසන් රැස්වීම ඉකුත් දා (28) දවස පුරා ත්‍රිකුණාමලයෙහි පිහිටි පළාත් සභා සංකීර්ණයේ දී පැවැත්විණි.
නැගෙනහිර පළාත් සභාවේ පරිපාලන බලපත අනිද්දා (1) සිට ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාට නිල බලයෙන් පැවරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුර සභා නිල කාලය අවසන් වුණාම තමයි කට්ටිය දෙගොල්ලන්ටම තරු විසි වෙන්නේ..