(මහින්ද නිශ්ශංක)
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතාට එම ප්‍රධාන කාර්යාලයේ දී මැර ප්‍රහාරයක් එල්ල කිරිමට විරෝධය දක්වා එහි සේවක සේවිකාවෝ අද (29) විරෝධතාවයක යෙදුණහ.
දහවල් කැම පැයේ දී මෙම විරෝධතාවය පැවැත්විණි.
මහනුවර, කොළඹ, සුඛෝපභෝගී පෞද්ගලික බස් සේවාව සඳහා විධිමත් චක්‍රීය කාල සටහනක් ක්‍රියාත්මක කිරිම පිළිබඳව බස් හිමියන් දැනුවත් කිරිමට යාමේ දී එය ට උරණ වු බස් හිමියෝ කිප දෙනෙකු මෙම පහරදීම සිදු කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවර පමණක් නොවෙයි, දක්ෂිණ අධිවේගයේ සියලුම දේ මෙයට අනුගත කරන්න. දැනට අධිවේගයේ වෙන දූෂණ එහි දිනපතා යන අප ඕනේ තරම් දැක ඇත. එයට ඉක්මන් පිළියම් යෙදිය යුතුය. එකම අයිතිකරු, කොම්පැනි කිහිපයකින් රෙජිස්ටෙර් වී මෙම ව්‍යාපාරය ජයටම කරගෙන යනවා.
වහාම ඒකෙදි කාරිය අහෝසිකර බස් ජනසතු කරන්න. සේවකයින් මණ්ඩලයට ගන්න. නැතිනම් මැර කල්ලි බිහිවෙනු ඇත. දැනටමත් එසේය. ගුණගරුක, වැදගත් රියදුරන්, කොන්දොස්තරවරුන් බිහිකළ හැක්කේ ලංකා ගමනා ගමන මණ්ඩලයට පමණි.
මේ බස් හිමියන් අත්අඩංගුවට ගතයුතු අතර ඔවුන්ගේ බලපත්‍රය තහනම් කල යුතු වේ.
1958 ජනවාරි 01 වැනිදා කොම්පැනි බස් ජන සතුකොට ලංගම පිහිටෙව්වේ මහජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැලසීමට මිස ලාභ ලැබීමට නොවේ. ලංගමය එකල්හී ක්‍රමවත් කාල සටහනකට අනුව විධිමත්ව ක්‍රියාත්මක වුණා... වර්තමානයේ පෞද්ගලික ප්‍රවාහන ස්වාවන් මුදල් ඉපයීමේ ව්‍යාපාර මිස මහජන සේවාවන් නොවේ. මුදල් ඉපයීමේ තරඟයක නිරත මගමරුවන් නිසා අහිමිවන ජීවිත සංඛ්‍යාව සහ රටේ ධනය මෙතරම් යයි කිව නොහැක. මේ පෞද්ගලික බස් සේවකයින්ගේ අසංවර නොහික්මුණ අක්‍රමවත් ක්‍රියාකලාප නිසා හැමඅතින්ම විධිමත් වැඩ පිළිවෙලක් සැකසීම රටේ අවශ්‍යතාවක් බවට පත්වී ඇත . මෙයට අනුගත වීමට නොහැකි නම් , රජයේ රජයක අණ පනත් නීති රෙගුලාසි අනුව කටයුතු නොකරේ නම් සියලුම බස් ජනසතු කර විධිමත් මගී ප්‍රවාහන සේවාවක් පිහිටුවීම ඉතා හොඳය. එවිට , මහජනයාග් කාලය අපතේ යවමින් එකෙක් ගාටන විට අනිකා පිම්මේ නොදුවනු ඇත. පාරවල්ද අවහිර නොකරෙනු ඇත.
1958 ජනවාරි 01 වැනිදා කොම්පැනි බස් ජනසතුකොට ලංගම පිහිටෙව්වේ මහජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැලසීමට මිස ලාභ ලැබීමට නොවේ. ලංගමය එකල්හී ක්‍රමවත් කාල සටහනකට අනුව විධිමත්ව ක්‍රියාත්මක කෙරිණි. වර්තමානයේ පුද්ගලික ප්‍රවාහන සේවාවන් මුදල් ඉපයීමේ ව්‍යාපාර මිස මහජන සේවාවන් නොවේ. මුදල් ඉපයීමේ තරඟයක නිරත මගමරුවන් නිසා අහිමිවන ජීවිත සංඛ්‍යාව සහ රටේ ධනය මෙතරම් යැයි කිව නොහැක. මේ පුද්ගලික බස් සේවකයින්ගේ අසංවර නොහික්මුණු අක්‍රමවත් ක්‍රියාකලාප නිසා සැමඅතින්ම විධිමත් වැඩ පිළිවෙලක් සැකසීම රටේ අවශ්‍යතාවක් බවට පත්වී ඇත. මෙයට අනුගත වීමට නොහැකි නම්, රජයක අණ පනත්, නීති රෙගුලාසි අනුව කටයුතු නොකෙරේ නම් සියලුම බස් ජනසතු කර විධිමත් මගී ප්‍රවාහන සේවාවක් පිහිටුවීම ඉතා හොඳයි. එවිට මහජනයාග් කාලය අපතේ යවමින් කෙනෙක් ගාටන විට අනිකා පිම්මේ නොදුවනු ඇත. පාරවල්ද අවහිර නොකරනු ඇත.
මේ මැර කල්ලියට අයත් බස් හිමියෝ සොයා, ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කරන්න.
ප්‍රයිවෙට් බස් වල මගීන්ගේ කන පලන සද්දෙට අර කාඩ සින්දු දාන එක නවත්වන්නම බැරිද?