(හර්ෂණ තුෂාර සිල්වා)
ධීවර කර්මාන්තයේදී බහුදින ධීවර යාත්‍රා භාවිත කරන මරුවැල් හෙවත් ලෝන්ග් ලයින් ධීවර පන්න ක්‍රමයට ඩොල්ෆින් මසුන් හසුවීම වැළැක්වීමට මෙරට ධීවර ප්‍රජාව පියවර නොගතහොත් ඉදිරි කාලය තුළ මෙරට මත්ස්‍ය අපනයනවලට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තහනමක් පැනවීමේ අවදානමක් මතු වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඩොල්ෆින් මසුන් ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් පියවර ගන්නැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ද එම අමාත්‍යාංශය කියයි.
මරුවැල් පන්න ක්‍රමයේදී යොදා ගන්නා ඇමට ඩොල්ෆින් මසුන් ආකර්ෂණය වීම වැළැක්වීමේ නව උපාංගයක් මේ වන විට ජාත්‍යන්තර ධීවර කර්මාන්තයේදී භාවිත කෙරෙන බවත් එම උපාංගය මෙරටට ආනයනය කටයුතු කරන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර පසුගිය දිනෙක දැනට පවත්නා දැල් මත්ස්‍ය පන්න ක්‍රමය වෙනුවට මරුවැල් මත්ස්‍ය පන්න ක්‍රමය ප්‍රවර්ධනය කටයුතු කරන බවද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය නිවේදනය කළේය.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය අපනයනවලින් සියයට 29ක් හෙවත් මෙටි්රක් ටොන් 4088 මිලදී ගෙන ඇත්තේ ද ඇමෙරිකා එක්සත් ජනපදය යැයි ද දත්ත වාර්තා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම අමාරුවෙන් යහපාලන රජය ලබාගත් විදේශ වෙළඳපොළට මත්ස්‍ය අපනයන කිරීමේ පහසුව නැති කරගැනීමට කිසිම ඉඩක් නොදිය යුතුය. ගැඹුරු මුහුදේ මත්ස්‍ය සම්පත් නෙලාගැනීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් ධීවරයාට ලබාදීම රජයේ වගකීමයි.
අපේ රටේ ධිවර අමාත්‍යංශය සහ ධිවර දෙපාර්තමේන්තුවේ සියලුම බලධාරීන් , නිලධාරින් සහ සේවකයින් දන්නේ මොකක් හෝ දෙයක් තහනම් කිරීමට පමණයි ...මේ කිසිවෙකුත් ධිවර අංශය ගැන හරි අවබෝදයකින් සහ දැනුමකින් නෙමෙයි වැඩ කරන්නේ .. ධිවර කර්මාන්තය දියුණු කිරීමට, ඊට අවශ්‍ය පහසුකම් සහ සේවාවන් සපයන්න කිසිම උවමනාවක් , දැනුමක් තේරුමක් මේ සියලුම දෙනාට නැහැ .. රට වටේම විශාල මුහුදක් තියෙනවා , ධිවර බෝට්ටු සහ ධීවරයෝ අති විශාල ප්‍රමාණයක් ඉන්නවා ..නමුත් හරියකට පහසුකම් සහිත ධිවර වරායවල් ටිකක් හදාගන්න බැහැ..දන්නා එකම දේ තමයි කළුගල් ටිකක් ගෙනල්ල රැල්ල කඩන තැනට හලලා දාන එක .. රට වටේම තියෙන සියලුම ධිවර වරායන් වල බෝට්ටු නවත්වන්න මොන තරම් අඩු පහසුකම්ද තියෙන්නේ . බෝට්ටු හිමියෝ මොන තරම් දුෂ්කරතා මැදද තමන්ගේ බෝට්ටු මේ ස්භාවික වරායන්වල නවත්වන්නේ .. මීගමුවේ බහුදින ධිවර බෝට්ටු හිමියෝ මොන තරම් අඩු ඉඩ ප්රමානයකද තමන්ගේ බෝට්ටු නවත්වන්නේ..කිසිම දේශපාලකයෙක්ට සහ මුළු ධිවර අමාත්යන්ශයටම දැනුමක් තේරුමක් නැහැ මීගමුවේ ලෙල්ලම අසල කොට පාලම තව ටිකක් උසින් හැදුව නම් තව කොතරම් බහුදින යාත්‍රා ප්‍රමාණයක් කලපුව තුල නවත්වන්න පුලුවන්ද කියල ..
අවුරුද්දකට මත්ස්‍ය අපනයන වලින් ලැබෙන අදායම් ප්‍රමාණය දැන ගන්න පුළුවන්ද? ඒ වගේම මාළු, කරවල, උම්බලකඩ, ටින් මාළු ආනයනයට වැයවන වාර්ෂික වියදම ගැන අදහසක් තියනවද? මේවා පාලනය කරන ආයතන තියනවද? ඒ අය ඇහැරිලාද? නිදාගෙනද ඉන්නේ.