(සිතුම් චතුරංග)
යාපනය කයිට්ස් කෝවිලන්තුඩුව මුහුදේ ධිවර කටයුතු වල යෙදී සිටි ධීවර බෝට්ටුවක් නාවික හමුදා යත‍්‍රාවක ගැටී පුද්ගලයකු සෙනසුරාදා (30) රාත‍්‍රියේ මියගොස් ඇතැයි කයිට්ස් පොලිසිය පවසයි.
යාපනය එළාර නාවික හමුදා කඳවුරේ සිට කරෙයිනගර් මුහුදු තීරයේ රාත‍්‍රි මුරසංචාරයේ යෙදී සිටි නාවික හමුදාවට අයත් ඩෝරා වර්ගයේ යාත‍්‍රාවක් මෙලෙස ධීවර බෝට්ටුවෙහි ගැටී තිබේ.
අනතුරින් තුවාල ලැබූ තවත් අයකු යාපනය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය පවසයි.
අනතුරින් නාවික හමුදා නිලධාරීන්ට කිසිදු අනතුරක් වී නැතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදත් ඉඩමදී වගේ බැලුවම.
දැන් ඉතින් අරගොල්ලෝ ජිනීවා ගිහින් ඕකත් කියයි... සමූල ඝාතනය කිරීමක් කියලා. එහෙම නැත්තං උතුරේ හමුදාව ඉවත් කරන්න මේකත් සාධකයක් කියලා.
නැවක් මූදු තරණයේදී ගතයුතු ආරක්ෂිත පියවර වලට මොකද වුණේ? මානුෂිකෙ, නිලධාරීන්ගේ අත්වැරැද්දක්ද?
දැන් සිවාජිලිංගම්ට සහ විග්නේෂ්වරන්ට කියන්න පුළුවන්... උතුරු මුහුදෙන් නාවික හමුදාව ඉවත් කරන්න කියලා..