(ඉන්දිකා රාමනායක)
රත්මලාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියන මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝල උණ්ඩ තුනක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
රත්මලාන ප්‍රදේශයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන වැල්ලේ රත්නපාල නැමැත්තාට අයත් ගිනි අවියක උණ්ඩ එම මන්ත්‍රීවරයා මෙසේ ළඟ තබාගෙන සිටි බව පොලිසිය කියයි.
රත්නපාල නැමැත්තාගේ 13 හැවිරිදි පුත්‍රයාගේ ප්‍රකාශ මත එම මිලී මීටර් 3.8 වර්ගයේ ගිනි අවිය රත්මලාන වෙරළේ සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.
රත්නපාල නැමැත්තා මීට දින පහකට පමණ පෙර හෙරොයින් ග්‍රෑම් 31ක් සමග අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගේ ප්‍රකාශ මත මෙම උණ්ඩ සොයාගෙන ඇත.
අදාළ මන්ත්‍රීවරයා අද ( 01) ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලියි නේ. මේ දෙගොල්ලම ගහයි පොත්තයි වගේ තමා.
පිස්තෝලේ නැතුව උණ්ඩ ටික විතරද තිබුනේ? මන් හිතන්නේ නම් උණ්ඩ තියා ගන්න ඇත්තේ කැටපෝල් එකක් හදා ගෙන විදින්න වෙන්න ඕනෑ.
දූෂිත දේශපාලුවෝ ඉන්නකම් මේ රටේ නොමනාකම් අඩුවෙන්නේ නැහැ. පොදු මහජන හිත සුවපිණිස මෙයාව නම් කරන්න.
මේකෙන් ඉතා පැහැදිලියි නේද... දේශපාලනඥයන්ගේ සහාය නැතුව මේ රටේ කොහොමත් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී වෙළඳාම් කරන්නම බැහැ කියලා..
පළාත් සභා ඡන්දෙදි පාවිච්චි කරන්න තියාගන්න ඇති. දැන්මම දැනගත්ත එක හොඳයි. කවුද නාම යෝජනා දෙන්නේ?