ඩබ්ලිව්.ඒ. අසේල
වයස අවුරුදු දොළහක පිරිමි ළමයෙකුට වද හිංසා කළැයි සැකපිට එම දරුවාගේ වැඩිමහළු සහෝදරයකු සහ සහෝදරයාගේ බිරිය ලෝක ළමා දිනය යෙදන අද අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය කියයි.
කුඩා ළමයකු මහ හඬින් හඬන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත එහි ගිය පොලිස් නිලධාරින්ට දහසක් අඩන්තේට්ටන් වලට මැදිවූ මෙම දරුවා සොයාගත හැකිවී තිබේ. දරුවාට විසි කැතිවලින් හා පොලු වලින් පහරදී ඇති අතර ඇවිදිමට නොහැකි ලෙස දැව කදන් කකුල් මත පටවා තිබී ඇතැයි පොලිසිය පවසයි.
ග්රාම නිලධාරි කාර්යාලයක් පිටුපස පිහිටා ඇති මෙම නිවසේ දොර මුල්ලක සිටිය දී දරුවා සොයා ගෙන ඇත. දරුවාගේ පියා මියගොස් ඇති අතර මවද විදේශගතවි ඇතැයි පොලිසිය පවසයි.
වයස අවුරුදු විසිහතරක් පමණ වන අයියා සහ ඔහුගේ බිරිද මෙම දරුවාද වද දි ඇතැය මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඇසෙනකොට මට හිතෙන්නේ මෙච්චරයි. අකාලයේ මගේ පියා මියගිය පසු ගෙදර බර කරට ගෙන මට උගන්වා ආදරයෙන් රැක බලාගත් මගේ දයාබර ලොකු අක්කව සියළු දෙවියන් රකිවා කියලයි !!!
අනිවාර්යයෙන් අර දෙන්නා හදන්න ඇත්තේ මල්ලිව මරන්න. දේපළ අයිති ඇත්තේ මලයට වෙන්න ඇති...
ආර්ථික ප්රශ්න නිසා වෙන්නැති මේ දරුවගේ මව විදේශ රැකියාවකට ගිහින් ඇත්තේ... රටේ නිසි ආර්ථික ප්රතිපත්තියක් තියෙනවා නම්, මෙවැනි මව්වරුන් විදේශගත වෙන්න ඕනේ නැහැ. විදේශ රැකියා සඳහා ගිය කාන්තාවන්ට එහෙ නොයෙකුත් හිරිහැර..., මෙහෙත් දරුවන් අනාථයි..
මේ සිදුවන දෙය අනුමත කල නොහැකියි. එහෙත් සහෝදර සහෝදරියන් අතර මෙවැනි දේවල් සිදුවීමට මව්පියන්ගේ ඇතැම් ක්රියා කලාපයන් හේතු වෙනවා. ඇතැම් මව්වරු ගෙදර බාලයාට වැඩි ආදරයත් සියලුම පහසුකමුත් සපයා වැඩිමලාට බාල වියේ සිට ගෙදර වගකීම් සහ වැඩ කටයුතු පවරනවා. ඉඳහිට වත් වැඩිමලාට ආදරයක් පෙන්වන්නේ නැහැ. මල්ලි පොඩියි නංගිට තාම තේරෙන්නේ නැහැ. ඔයා ලොකු නිසා ඒ ගොල්ලන් කරන දේවල් ඉවසන්න ඕනෑ යනුවෙන් කියනවා. මේවා හිතට වැටෙන වැඩිමල් දරුවන් සමහරු බාල දරුවන් ගැන හිත යටින් තරහ ඇති කරගන්නේ ලොකු වුණාම වැඩේ දෙන්නම් සිතමින්. මේ අයියගේ නපුරුකමට හේතුව අර විදේශගත අම්මා නම් සමහර විට දන්නවා ඇති....
අයියා මෙවැනි අමානුෂික ගති පැවතුම් ඇති කෙනෙකු කියා මව දැනගෙන හිටියේ නැද්ද ? එවැනි දරුවෙකු ළඟ තවත් දරුවෙකු රඳවා දුරක ගියේ. දරුවෙකුගේ මෙවැනි ගතිපැවතුම් හිටි හැටියේ අවුරුදු 24 දී මතු වෙන්නේ නැහැනේ. මට මතක් වෙන්නේ ටී බී ඉලංගරත්න ශුරීන්ගේ සසර නවකතාව. එහි මව්පියන් නැති බාල සොයුරාටත් අයියා නිසා හරිම දුක් සහිත ඉරණමක් අත්වෙනවා.
අනේ පව් අසරණ ළමයි
මේ වගේ 'සහෝදරයෙක්' ලබන එක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි.