(රංජන් කස්තුරි)
සයිටම් ගැටළුව විසදීම සඳහා නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතාගේ කමිටු වාර්තාව එකහෙළා ප්‍රතික්ෂේප කරන බව වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.
හර්ෂ ද සිල්වා මහතාගේ කමිටුව නියෝජනය කළ නියෝජතියන් සයිටම් ආයතනයට පක්ෂග්රාහී බව පෙනී යන අතර ව්‍යාජ ආයතනයක් බේරා ගැනීම සඳහා එම කමිටුව පකෂග්‍රාහි යෝජනා ඉදිරිපත් කර තිබෙන බවද වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය එම කමිටු යෝජනාවලට ප්‍රතිචාර දක්වමින් ඉදිරිපත් කර තිබෙන ප්‍රකාශයේ සඳහන් වේ.
විශ්ව විද්‍යාල සිසුන් අධ්‍යයන කටයුතු වලින් ඉවත්වීම සාවද්‍ය ලෙස අර්ථ නිරූපණය කිරිමට කමිටුව උත්සහ කරමින් තිබෙන බවද අඩුම තරමින් විශ්ව විද්‍යාල සිසුන්ගෙන් හෝ ශිෂ්‍ය සංගම්වලින් හෝ අදහස් ලබා ගෙන නැතැයි ද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක තීරණයක් ගන්නා විට එය සියලු දෙනාගෙන්ම ඇසිය යුතුයි සිතීම විහිළුවකි. එම නිසා තීරණය ගෙන එය පසුව මොවුන්ට දැනුම් දීම පමණක් ප්‍රමාණවත් යයි අප සිතමි. මොවුන්ගේ එකම පැතුම වී ඇත්තේ ඔවුන්ගේ තැන ආරක්ෂා කර ගැනීම පමණක් යයි අපට නිතර සිතෙන දේ දැන් ඔප්පුවී හමාරය.
මේක අසීරු තත්වයක්,මේක එක පුද්ගලයෙකු ගේ විරෝධයකුත් නෙවෙයි,නූගත්කණ්ඩායමක විරෝධයකුත්නෙවෙයි,එබැවින් ද්වේශයෙන්,ක්‍රෝධයෙන් පිරුණු, වංචාකාරී චරිතයක් සතුටු වන ආකාරයෙන් මෙය ඉටු කිරීමට දී ඇති ඉඩ කඩ අවසන් කර පොදු ජනතාවාදීව මෙයට විසදුම් ගේන්න.අප්පමාදෝ අමත පදං
ගරු හර්ෂ මැතිතුමෙනි, ඔබ තුමා අනාගතයේදී මේ රටේ ජනාධිපතිවීමට පවා සුදුසුකම්ඇති උගත් බුද්ධිමත් වගේම අවංක දේශපාලඥයෙක්. කුහක හනමිටිකාරයින්ගේ අදහස් පසෙකලා, ඔබලාගේ මතය ක්‍රියාත්මක කරන්න. මේ රටේ බුද්ධිමත් තරුණ පරපුර හා බුද්ධිමත් වැඩිහිටියන් ඔබ තුමා සමග සිටිනවා.
ඇත්තටම ඇමතිතුමාගේ කමිටු වාර්තාව අදාල පාර්ශව වලින් අදහස් නොවිමසා රාජිත, කිරිඅල්ල සහ එස්.බී ඇමති තුමාලාගේ සහ දොස්තර නෙවිල් ප්‍රනාන්දුගේ අදහස් සඵලවන ආකරයට සකස් කල වාර්තාවක්. කෝ විශ්ව විද්‍යල දෙමව්පියන්ගේ අදහස්?
අපේ රටේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට හරියන වාර්තා ගෙනෙන්නට හඳට යන්නට වෙයි.
පුදුමයක් නැහැනේ.. මෙයාලගේ වුවමනාව සයිටම් මාරයාගෙන් වැටුණු දේ කෙළින් කර ගැනීමනේ.. ඉතින්...
රාජිතගෙයි, කිරිඇල්ලගේ ලේකම්ලා දාලා සයිටම් නඩුව වෙනුවෙන් ඉන්න රාජරත්නම් දාලා කමිටු හදලා... ආචාර්ය හර්ෂ සභාපති කලාට වැඩක් නෑ. අන්තිමට සයිටම් එකේ විසඳුම් තමයි වාර්තාවට එන්නේ....
දැන්නම් ගම්‍ය වන එකම දෙය ෂයිලොක් මස් රාත්තලම ඉල්ලුව වගෙයි. මේ ජීඑම්ඕඒ කෝලම. උසස්පෙළට ජීව විද්‍යාව වත් නොකර පිටරට ගිහින් එන දොස්තරලා ගැන මේ අය මොනවද කළේ. ACT16 වලට උගන්නපු එක විතරමද? අනේ මෙහෙම නෙයියාඩන්.
මෙයාල සියල්ල හිතලා වගේ ක්‍රියා කරන්නේ... සයිටම් නොවසා හොර කඩේ වෙනුවෙන් ක්‍රියාකරන්නේ මොකද? කරුණාකර ජනාධිපතිතුමා අවංක නම් කොමිසමක් දමා සයිටම් වසා දමන්න.
මේ රටේ උගත්ම අය ඔවුන් කථා කරන්නේ කණ්ඩායමක් හැටියටයි. අනික ඔවුන් කථා කරන්නේ ජාතික ප්‍රශ්නයක් ගැනයි. රජය අනිවාර්යයෙන්ම සාවධාන වියයුතුයි.
අපි හිතන් හිටියේ හර්ෂ කියන්නේ හොඳ මිනිහෙඅක් කියල, බලාගෙන ගියහම රාජිතලගේම වල්ලේ එකකෙක්නේ. චී ලජ්ජයි. දේශ පාලනේ නිසා මිනිස්සු ඕනම ගූ වැඩක් කරනවා කියන්නේ මේවට තමයි.
අපේ රටේ වරද මොකුත් දන්නෙ නැති පන්ඩිතයො පන්ඩිත කම් කියවන එක.. ඇමතිවරැද, මහචාර්ය ආචාර්ය වරද දැන් දන්නෙ වෙද අද්යාපනය ගැන..
අපිට ඔය මොන වාර්තාවලින් වත් වැඩක් නැහැ, අවශ්‍ය කරන්නේ වෙද මාෆියාවෙන් මේ රට මුදාගෙන, පිටරට වෛද්‍ය වරුන්ට මේ රටේ සේවය කරන්න අවස්තාව ලබා දෙන ලෙසයි. ලංකාවේ අසරණ රෝගීන්ට අනුකම්පා කරන කාරුණික වෛද්‍ය වරුන්ගේ විශාල හිගයක් පවතිනවා. ඒ පුරප්පාඩුව පියවීම රජයේ වගකීමක්. මුදල් ගෙවලා නිදහස් සෞඛ්‍ය සේවය ලබා ගන්න අපිට මේ ලෙස උද්ද්ච්ජ ලෙස සලකනවා නම්, නොමිලේ ප්‍රතිකාර කරන රෝගීන්ට අත්වෙන ඉරණම අපට හිතා ගන්න පුළුවන්. අනික පිටරට දොස්තරලා ගෙන් මුදල් ගෙවලා ඔවුන්ගේ සේවය ලබා ගත්තාට ගැටළුවකුත් නැහැ,. මන්ද, ඔවුන් අසරණ ජනතාවගේ බදු මුදලින් ඉගෙන නොගත් නිසා.
සයිටම් වැසුවාට කමක් නෑ. පෞද්ගලික විද්‍යා විද්‍යාල ස්ථාපිත කල යුතුවෙනවා. ලෝකයේ සෑම රටකම පුද්ගලික විද්‍යා විද්‍යාල ඇත්නම් අැයි ලංකාවේ දොස්තරලට විතරක් අකැප. මේ රටේ බොහෝ දෙනෙක් පිටරට පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් උපාධි ගත් අය ඉන්නවාද? දොස්තර මාෆියාව මැඩිය යුතුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දොස්තරලගේ චැනල් ආදායමට සියයට 30 බදු පැනවිය යුතුයැයි යෝජනා කරමි.
රුවන් ඔබගේ බුද්ධිය විෂිශ්ටයි. හැබැයි ඔයා වගේ හිතලා වැඩ කරපු කට්ටියක් දැන් විපක්ෂේ ඔබ තුමා කියන විදියට එ්කාදිපති විදියට වැඩ කලහැකි. ඔබ වගේ හිතන නිවටයන් රටක සිටිනතාක්. හැබැයි ලෝක ඉතිහාසයත් වර්ථමානයත් සාක්ෂි දරනවා ඔයා වගේ හිතන කට්ටිය නිතරම ඉතිහාසයෙ කුනුබක්කියට වැටෙනවා කියලා. මතක තියාගන්න වැඩක් කරද්දි හැම වෙලේම හැමෝගෙම නෙමේ වැඩි බහුතරයි බුද්දිමත්ම අදහස තමා කරන්න ඔ්නේ
ශ්‍රී ලංකන්, මේක පටන් ගත්තේ කවුද? ඒ කාලේ කෑ ගැහුවද?
මුලුලොකෙටම වෙද පුරප්පාඩු සපුරන්නේ ඉන්දියාව ඇමෙරිකාවේ35 %එංගලන්තයේ 40%ඉන්දියන් වෙද්දු ..මෙ සැමදෙනා ඉන්දියාවේ පුද්ගලික අංශයෙන් පුහුනුකරන්නේ .එ්ත් මේ අපේ හරක් වගේ උන් මරාගන්නේ නැහැ
මේ රටේ මෙච්චර වරප්‍රසාධ දීලා ඈමතිවරු ඉන්නේ මොකටද? මේ මිනිස්සු බුක්ති විදින්නේ අපේ සල්ලි. හෑම එකම විසදන්න ජනාධිපති ඕනේ නම්, මොකටද හාල්පාරුවන්?
පිටරට වෛද්‍යවරුන්ට මෙහි වැඩ කිරීමට අවසර ලබා දෙන්න කියා අපි රජයට බල කරමු. මේ රටේ ජනතාව වර්ජකයින්ට විරුද්ධව සංවිධානය වෙමු.
"සයිටම් ආයතන 2011 වසරේ දී ආරම්භ කළා. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විභාග වුණා. ඒ කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවශ්‍ය තරම් කාලය තිබුණත් ඊට මැදිහත් වූයේ නැහැ."මෙහෙම කියන්නෙ නීතිපති. නමුත් දැන් වෛද්‍ය සභාවත්, දොස්තරලත් වීරයෝ වෙලා....
ලාහෝර් ගුවන්තොටුපොළ හදන දවස්වල අපේ ආයතනයට රැකියා ඉල්ලුම්පතක් ඒවා තිබුණා පාකිස්තානු ජාතිකයෙක්. ඔහු ඉල්ලා තිබුනේ දොස්තර තනතුර හෝ "ට්‍රිප් චෙකර්" (ට්‍රක් රථවලින් ගෙනෙන පස් ලෝඩ් ගණන සලකුණු කරන්නා) තනතුර. සම්මුඛ පරීක්ෂණයේදී කරච්චියේ බඛායි වෛද්‍ය විද්‍යාලයේ එම්බීබීඑස් සහතිකයද ඉදිරිපත් කලා. මේ වගේ දොස්තරලා අපට ගෙන්වා ගන්න පුළුවන්. ලොකු කතාවක් මා කෙටියෙන් කීවේ ගාමිණී වගේ අයට දැනගන්න.
වෛද්‍ය පීඨ ආචාර්යවරුනුත් විරුද්ධයි කමිටු වාර්තාවට. දැන් මොනවා කියයිද දන් නෑ සියල්ල දත් ඇමතිතුමාලා.