(නිමන්ති රණසිංහ)
සැලසිනේ රූපවාහිනි ආයතනයේ හිටපු සභපති ප්‍රදීප් උදයකුමාර එදිරිසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(29) විවෘත වරෙන්තු නිකුත් කළේය.
දැනට එංගලන්තයේ පදිංචිව සිටින ඔහු සැලසිනේ සභාපතිව සිටි කාලයේ දී එම ආයතනයේ මුදල්වලින් රුපියල් ලක්ෂ 120ක් කූඨ ලෙස සුබ සාධක ගිණුමට ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
එම නඩුවට අදාළව සැලසිනේ හිටපු අභ්‍යන්තර විගණක මහේෂා සුභානි ජයලත් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඇය ලබන ඔක්තෝබර් 13වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩන් වැසියනි ඔය හොරා ඉන්න තැනක් බලලා දෙන්න පොලිසියට කෝල් එකක්. ඔක්කොම හොරුයි පාතාලයෝයි රිංගන යුරෝපය දැන් ග්‍රෑන්ඩ්පාස්-මාලිගාවත්ත වගේ.
මිනිහටත් තානාපති වරප්‍රසාද තියනවද දන්නේ නැහැ!
පිටිගල ඔබගේ කතාව ඇත්ත. ඉහත පුවතේ සඳහන් සැලසිනේ හොරා, ප්රමුඛ බැංකු හොරා, සුදු වෑන් සාමාජිකයෝ, පාතාලයෝ, පොලිසියෙන් හොයන මේ ඔක්කොම ලන්ඩනයේ ප්‍රසිද්ධියේ ගැවසෙනවා.
පිටිගල ඔබගේ කතාව ඇත්ත. ඉහත පුවතේ සඳහන් බැංකු හොරා, සුදු වෑන් සාමාජිකයෝ, පාතාලයෝ, පොලිසියෙන් හොයන අය මේ ඔක්කොම ලන්ඩනයේ ප්‍රසිද්ධියේ ගැවසෙනවා.