මියන්මාර ජාතික සරණාගතයින් පිරිසක් රඳවා සිටි ගල්කිස්ස නිවසක් අසල නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඔවුන් සිව් දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත්රාත්වරයාට දැන්විය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින්නීය. සැකකාරුවෝ මීතොටමුල්ල, ගනේමුල්ල ,නාවල සහ එඩේරමුල්ල යන ප්‍රදේශවල පදිචිකරුවෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය පොඩ්ඩක්වත් බයවෙන්න එපා. අපි එවන්නම් ලස්සන කහ හමුදාවක්. හිඟා කාල ඔය ගොල්ලන්ගේ ඇප මුදල් එකතුකරලා දෙයි. ඒ ගොල්ලන් හොඳට පුහුණු කරලා ඉන්නේ ඒ ජොබ් එකට.
මේ අය යහමඟට පැමිණෙත්වා. අපේ ජනපතිතුමාගේ නොබෙල් ත්‍යාගයට මෙයින් කිසිම බලපෑමක් නොවේවා !!!
මේ නිවටයන්ව අල්ලා හිරේ දාන්න.
ඔහොම ඉන්නකෝ තව ටික කාලයක්. බලමු ඊට පස්සේ ගල් ගහන හැටි.
සරණාගතයන් යනු කබලින් ලිපට වැටුණු අය. ඔවුන් හට හිරිහැර කිරීම ඉතා පහත් පෙලේ වැඩක්. බලධාරින්ගෙන් කාරුණික ඉල්ලීමක් ඔවුන්ව කරුණාකරලා රටින් පිටුවහල් කර ඔවුන්ට නිදහසේ ජීවත්වීමට ඉඩ සලසදීමයි. නැතිනම් රටේ සිටින අසීලාචාර භික්ෂුන් වහන්සේලා ඔවුන් හට අඩන්තේට්ටම් කරාවි. නැවතත් සරණාගතයන් යනු අන්ත අසරණ පිරිසකි. ජාතිබේද ඔවුන් හට නැත.