ජෙට් සද්දෙට පොල්පිතිගම වැසියන් බය වෙලා පුහුණු වන ජෙට් යානයක් පහළින් පියාසර කිරීමෙන් ඇති වූ විශාල ශබ්දයක් නිසා පොල්පිතිගම ප්‍රදේශවාසීහු අද (29) දහවල් කලබලයට පත්වූහ. 29 June 2017
සරසවි ලියාපදිංචිය සතියකින් දිගු කරයි විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි කිරීමේ අවසන් දිනය ලබන ජූලි 7 වැනි දා දක්වා සතියකින් දීර්ඝ කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පවසයි. 29 June 2017
උතුරු පළාතට නව ඇමැතිවරු දෙදෙනෙක් උතුරු පළාත් සභාවේ පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් වෙනුවෙන් නව අමාත්‍යවරුන් දෙදෙනෙක් අද (29) උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දුන්හ. 29 June 2017
ලක්ෂ 35ක මැණික් - දුම්වැටි සමඟ චීන කතුන් දෙදෙනෙක් අත්ඩංගුවට චීනයේ කූමි යෑන්ග් සිට නීති විරෝධිව රැගෙන එනු ලැබු රුපියල් ලක්ෂ තිස් පහක් වටිනා මැණික් , ස්වර්ණාභරණ ඇතුළු විදේශීය දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික කාන්තාවෝ දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. 29 June 2017
උතුරු පළාත් සභාව යළිත් කැළඹෙයි උතුරු පළාත් සභාවේ පුරප්පාඩු අමාත්‍ය ධූර දෙක සඳහා නව අමාත්‍යවරුන් දෙදෙනකු පත් කිරීමේදී පළාත් සභාවේ මන්ත්‍රීවරුන් දෙපිරිසක් අධ්‍යාපන අමාත්‍යධූරයට නම් දෙකක් ලබා දීම නිසා එම පළාත් සභාව තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇතැයි ආරංචි මාර්ග පවසයි. 29 June 2017
හොර සල්ලි සමග පහක් සැකපිට රුපියල් 696000ක ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි. 29 June 2017
මට්ටක්කුලියේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු කැළණියෙන් අල්ලයි මට්ටක්කුලිය ජුබිලි මාවතේදි ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදි වෙඩි තබා ඝාතනය වු එක්දරු පියාගේ ඝාතකයට කිරිමේ සිදධියට සම්බන්ධ සැකකරුවෙක් කැලණිය ප්‍රදේශයේදි කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 29 June 2017
විදුලි සේවක සංගම් සමුළුව උණුසුම් වෙයි වැටුප් විෂමතා ඉවත් කර ගැනීම හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කැදවා තිබූ සමුළුවක දී අද උණුසුම් තත්ත්වයක් ඇති විය. 28 June 2017
ගෝලීය ප්රවණතාවලට බිය විය යුතු නැහැ - රවී කරුණානායක ගෝලීයව ඇති වී තිබෙන නව ප්රවණතාවලට ශ්‍රී ලංකාකියන් බිය විය යුතු නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (28) පැවැසීය. 28 June 2017
‘විද්‍යා අපයෝජනය කර ඇත්තේ වීඩියෝ කර විකුණන්නයි‘ - නීතිපති යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිට ඝාතනය සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් බවත්, සිසුවිය අපයෝජනය කරන අයුරු රූගත කර විකිණීමේ උත්සාහයක් තිබී ඇති බවත්, දකුණු ආසියාවේ දැරියන් හා තරුණියන් අපයෝජනයට කර ඒවායේ දර්ශන පටිගත කර අලෙවි කරමින් කෝටි ගණනින් ලාභ ලබන ව්‍යාපාරයක් මීට හේතු වී ඇති බවත් වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද පැවසීය. 28 June 2017
සැකකරුගේ ඡායාරූප මුදා හළ පොලිස් පරීක්ෂක ගැස සොයයි කාන්තාවගේ ගේ ගෙල බැඳි රුපියල් 70,000 ක් වටිනා රන් මාලයක් කඩා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා සෙබළකුගේ ඡයාරූප පොලිස් පරීක්ෂකවරයකු විසින් මුදා හැරිනු ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බලා පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 28 June 2017
ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වෙයි ලාංකික ශ්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳ දැඩි ඕනෑකමකින් සොයාබලන බව දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති මහාචාර්ය පාක් යොන් බුම් මහතා අද (28) කොළඹදී පැවසීය. 28 June 2017
නීතීඥ ලක්ෂාන් ඩයස්ට එරෙහිව පැමිණිලි 04ක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිතුණු ආගමික මධ්‍යස්ථාන වලට පහරදී ඇතැයි නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා කළ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් පවත්වා සුදුසු නීතීමය පියවර ගන්නැයි පැමිණිලි 4 ක් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරිය වෙත අද (28) බාර දී තිබිණි. 28 June 2017
පෙර පාසල් දරුවන් සඳහා ප්රමිතීන් පෙර පාසල් දරුවන් සඳහා ‘මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රමීතීන්‘ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී තිබේ. 28 June 2017
අල්ලස් ගත්තැයි හිටපු ස්ථානාධිපතිවරයකුට වසර 28ක සිර දඬුවම් අතුරුදන් වු පුද්ගලයෙකු සොයාදීමට අතුරුදන් වු පුද්ගලයකුගේ ඥාතියෙකුගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලසක් ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු හලාවත බුද්ධි කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපතිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (28) වසර 28ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. 28 June 2017
පොලිස් නිලධාරියාගෙන් බැනුම් ඇසූ නීතිඥවරියට වන්දි මාතර මූලස්ථාන පොලිසියට ගිය නීතීඥවරියකට එම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා බැනවැදී අමානුෂික ලෙස බැන සැලකීමෙන් ඇගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් ඇයට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස එම පොලිස් නිලධාරියාට අද (28) නියෝග කළේය. 28 June 2017
නාමල් ඇතුළු තිදෙනකුට ඇප හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයින් පස්දෙනාගෙන් අධිකරණයේ පෙනී සිටි තිදෙනකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද(28) නියම කළේය. 28 June 2017
විශ්ව විද්‍යාල සිසුන් පිටුපස දේශපාලන පක්ෂයක් බලයක් නැති දේශපාලන පක්ෂයක් දේශපාලන වාසි ලබාගැනීම සඳහා විශ්ව විද්‍යාල සිසුන් යොදාගෙන තරුණ අසහනයක් ඇති කිරීමට උත්සාහ ගන්නා බව නීතිය,සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. 28 June 2017
උමා ඔය ගැන සොයන්න ඇමති අනු කමිටුවක් උමා ඔය සංවර්ධන ව්‍යාපාරය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතිවී තිබෙන ගැටළු පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය පිළියම් යෙදීම පිණිස ඇමති අනු කමිටුවක් පත් කර තිබේ. 28 June 2017
අමාත්‍යංශ රියදුරාගේ බලපත්‍රය අත්හිටුවයි පොසොන් රාජකාරි නිමවා නිවසට යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු මරණයට කරමින් මාරක රිය අනතුරක් කළැයි රිමාන්ඩ් බාරයේ සිටින ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය අත් හිටුවීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද (28) නියෝග කළේය 28 June 2017
‘උමා ඔය ප්රශ්නය විසඳුවේ නැත්නම් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටිනවා‘ - හරීන් උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජූනි 30 වැනිදා සවස 6ට ජනපති නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද(29) සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 28 June 2017
වෛද්‍ය සිසු දෙමාපියෝ උද්ඝෝෂණයක වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ දෙමාපිය එකමුතුව සංවිධානය කරන උද්ඝෝෂණයක් අද(28) දහවල් කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් ආරම්භ කෙරිණි. 28 June 2017
ජනපති හදිසියේ මීගමු රෝහලට යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(28) මීගමුව රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය. 28 June 2017
පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සිසුන්ගේ දෙමාපියන්ගේ සංසදය විසින් අද (28) විහාරමහා දේවි උද්‍යානය අසල සිදු කිරීමට නියමිත සත්‍යග්‍රහය සහ විරෝධතා පාගමන තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ප්‍රතික්ෂේප කළේය. 28 June 2017
රතුපස්වල සැකකරුවෝ යළි රිමාන්ඩ් ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා සාමාජිකයන් සිව් දෙනා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා අද නියෝග කළේය. 28 June 2017
විද්‍යා ඝාතන සැකකරුවෝ උසාවියට යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ සැකකරුවෝ නව දෙනා නඩු විභාගය සඳහා අද (28) යාපනය මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. 28 June 2017
උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල උණුසුම් වෙයි උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද(28) උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත. 28 June 2017
සිරියාවේ අන්තවාදී කඳවුරකට ගුවන් ප්‍රහාර - 60 ක් මරුට සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ මයාදීන් නගරයේ ඉස්ලාම් අන්තවාදීන් විසින් පවත්වාගෙන යන සිරකඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් 60 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 28 June 2017
හොර ඩොලර් දී ඉඩමක් ගන්න ගිය නයිජීරියානුවා අත්අඩංගුවට ව්‍යාජ ඩොලර් නෝට්ටු දී ගාල්ල රූමස්සල අක්කර 71 ක ඉඩමක් කෝටි 50 ක මුදලකට 99 වසරක ට බදු පදනම යටතේ ගැනීමට තැත් කළ නයිජිරියා ජාතිකයකු සංචාරක පොලිසිය විසින් වැල්ලවත්තේදී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි. 27 June 2017
බල්ගේරියාවේ හොරෙන් සිටි 32ක් යළි දිවයිනට නීති විරෝධී ලෙස බල්ගේරියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයෝ 32 ක් එරටින් පිටුවහල් කරනු ලැබ එරට විශේෂ ගුවන් යානයකින් අද (27) මෙරටට ගෙන එනු ලැබූහ. 27 June 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026