(වසන්ත චන්ද්‍රපාල)
නැගෙනහිර පළාත් සභාවේ අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ශ්‍රිලනිප මන්ත්‍රීවරු තිදෙනා යහපාලන ආණ්ඩුවේ ක්‍රියාදාමයට විරෝධය පාමින් ශ්‍රිලනිපයෙන් ඉවත් වන බව අද (28) අම්පාරේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඩබ්ලිව්. ඩී. වීරසිංහ , චන්ද්‍රා තෙවරප්පෙරුම හා ටී.එම් ජයසේන යන පළාත් සභා මන්ත්‍රීවරු මෙලෙස ඉවත්වීමට තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලඥයෝ කියන්නේ කමකට නැති මිනිසුන් පිරිසක්
යහපාලන ආණ්ඩුවේ ක්‍රියාදාමය දැන්ද හොඳ නැති උනේ?
මේ වගේ අය ගෙදරම යවන එක තමයි හොඳ...
මේවට කියන්නේ නරලොව හොල්මන් කියලා. තව සති දෙකකින්ද කොහෙද පළාත් සභාවේ කාලය ඉවරයිනේ. ඉතින් කොහොමත් හුළං බහින එකේ වීරයෝ වගේ අස්වෙලා කාවද රවටන්නේ. අපේ මෝඩ ජනතාවත් දැන් මෙයාලව මල්මාලා දාලා පිළිගනියි. පේනවනේ මහබැංකු හොරුන්ට තියෙන සැලකිලි. අපේ රට කවදාවත් හදන්ඩ බෑ මේවා තියෙනකම්...
මේ පළාත් සභාව විසුරැවන්න තව දවස් 3 නේද තියෙන්නේ.....මොවුන් හිතන්නේ ඡන්ද දායකයොත් මොවුන් වගේම මෝඩයි කියලාද?
යහපලානේ නොතේරෙන කට්ටිය තමා ශ්‍රිලනිප ඉන්නේ
ඉස්සෙල්ලම බලන්න මේ ගොල්ලොන්ගේ සමාජිකත්ව ඉතිහාසය. දෙවනුව අධ්‍යාපනය ලද ප්‍රමාණය. තුන්වෙනුව දේශපාලනයට පෙර වෘත්තීය සුදුසුකම්. ඊට පස්සේ පුළුවන් ඕනෑම පක්ෂයකින් ගිය එක පාඩුද ලාභද කියලා මැනලා බලන්න. දූෂිතයෝ කොයි පක්ෂේ හිටියත් එලවල දාන්න.
අලුත් උගත් තරුණයින් 3 දෙනෙකුට අවස්ථාවක්... යන අය ගියාවේ.
අද උදේද මතක් වුනේ 'යකෝ අපි මෙච්චරකල් ඉඳලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවෙනේ' කියලා.