(චමිල් රූපසිංහ)
මහනුවර මහ රෝහලේ හෘද ඒකකයේ දී සිදුකළ දෙවැනි හදවත් බද්ධයද අද(27) සාර්ථක විය.
එහි ප්‍රතිකාර ලබමින් සිටි සචිනි සෙව්වන්දි (19) තරුණියට හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදුකෙරුණු අතර අද අලුයම වනවිට සැත්කම අවසන් කෙරිණි.
පූලියද්ද ප්‍රදේශයේ පදිංචි නලින්ද බණ්ඩාර සකලසූරිය නමැති විසි අට හැවිරිදි තරුණයකුගේ හදවත සෙව්වන්දිට බද්ධ කිරීම සඳහා ලබා දීමට ඔහුගේ ඥාතීන් කැමැත්ත පළකර තිබිණි. එම තරුණයා යතුරු පැදි අනතුරකින් බරපතල තුවාල ලැබ මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර හෘද ක්‍රියාකාරීත්වය 10 % ක පමණ මට්ටමක් දක්වා අඩුවී තිබූ අලුත්ගම ප්‍රදේශයේ පදිංචි සචිනි සෙව්වන්දිගේ ජීවිතය බේරා ගැනීමට එම හදවත් බද්ධය සිදු කෙරිණි.
සචිනිගේ වැඩිමහල් සහෝදරියද හදවත් රෝගයක් නිසා මෙයට වසර පහකට පෙර මියගොස් ඇත.
පසුගිය 19 වැනිදා ඇයට හදවත් බද්ධ කිරීමක් සිදු කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබියදී හදිසියේ සැත්කම අත්හිටුවීම හේතුවෙන් මහත් ආන්දෝලනයක් ඇතිවූ අතර සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ කළ සාකච්ඡාවකින් පසු වෛද්‍ය කණ්ඩායම හදවත් බද්ධ කිරීමේ සැත්කම් යළි ආරම්භ කිරීමට එකඟවී ඇත.
මහනුවර මහ රෝහලේ ප්‍රථම හදවත් බද්ධය පසුගිය ජූලි මස 07 දින සිදු කෙරුණු අතර.මහනුවර මහ රෝහලේ විශෙෂඥ වෛද්‍යවරුන් වන අනිල් අබේවික්‍රම, මුදිත ලංසක්කාර, ජගත් පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු 20දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙම සැත්කමට සම්බන්ධවී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඕකටත් දොස්තර මහත්තුරු බැනුම් අහයි.... ඇයි ඕක පටන් ගත්තෙ. කොච්චර හොද කලත් ඒ මිනිස්සු බැනුම් අහනව මිසක් හොඳක් අහනවද?
මහින්ද නම් වූ හදවත ලංකාවට බද්ධ කරන්න. අපිට කෑම බීම එපා....
දැන් එතකොට රෝහලේ උපකරණ පරණයි කියලා මීට දවස් ගාණකට කලින් නිර්වින්දන වෛද්‍යවරියක් ඔය සැත්කම කරන්න බැහැ කිව්ව නේද? මේ දවස් ගාණට රෝහලේ උපකරණ අලුත් කරලා වෙන්න ඇති නේද ඔය සැත්කම කරන්න ඇත්තේ....
මියගිය ලක්මවගේ දරුවාට අප නිවන් සුව ප්‍රර්ථනා කරන අතර මේ රැස්කර ගත්තාවූ පින්වල මහිමයෙන් මතු කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා.තවද මෙම සත්ක්‍රියාවට දායක වූ වෛද්‍යවරු ඇතුළු සියලු දෙනාටම මෙලොවදීම මෙපින් බල මහිමයෙන් ඔවුන්ගේ සියලු ප්‍රර්ථනා ඉෂ්ට වේවා.
මේක කරන්න අනිවාර්යයෙන්ම තවකෙනෙක් මැරෙන්න වෙනවා.දැන් මේ තරුණයත් මාර්ග අනතුරකට ලක්වෙලා.මේ රටේ දවසකට කිදෙනෙක් මාර්ග අනතුරු වලින් මැරෙනවද . එම අනතුරු වලක්වගන්න එක මෙට වඩා වෙදගත් නේද.
රවී, ඔබ නොදන්න දෙයක් මෙහි අැත. හරියට දැන ප්‍රතිචාර දක්වන්න. මේ දරුවාගේ පියා වන මහේෂ් මහතා මේ දරුවගේ ජීවිතය බේරගන්න පුදුම දුකක් වුණ අතර දරුවාගේ ජීවිතය බේරා ගැනීමට එක් දොස්තර මහතෙක් ලොකු කැපවීමක් කළේ කවුරුත් නොදැන...
දොස්තරවරුන්ට චන්ඩිකම් දාපු නාලිකාවල රඟපාපු අය දැන් කෝ ?
සමීර ,සංජීව කියන කතාව තේරුම්ගන්න . මෙතන දොස්තරලගේ කඹ ඇදිල්ලක් තිබුන මේ අහිංසක දැරියට කලින් වතාවේ ජීවිතය නැතිවෙන්න ගියේ ඒ හින්ද . එහෙම උනානම් මොන අපරාදයක්ද ? මේ වගේ දේවල් අපේ රෝහල් ක්ෂත්රයේ අමුතුදේවල් නෙමි නෙව. දකුණු පළාතේ ප්‍රදාන නගරයක තියන ශික්ෂණ රෝහලක හදවත් සහ උරස් ශල්‍ය වෛද්‍ය වරු අතරෙත් මේ වගේ ප්‍රකට ගැටුමක් තියනවා. මේවා පිටිපස්සේ සමහරවිට පුද්ගලික වෙදකමේ අමිහිරි කතා ඇති ඒවා මොනවා වුනත් ඒ ඔක්කොම අමතක කරලා මෙම ක්‍රියාවට සම්මාදම් වෙච්ච කාටත් මගේ ආචාරය පුදනවා .විශ්ෂයෙන් රාජිත ඇමති තුමාට ඔබතුමා කරන කියන සමහර දේවල් ගැන මට විවේචන තියනවා .නමුත් මේක උතුම් දෙයක් ඒ පින ඔබට ලැබෙනවා සත්තයි !
හොඳ වැඩ හැමතිස්සෙම අගය කල යුතුයි. සල්ලි පෙරේත දොස්තරලා ටික දෙනෙක් නිසා තමයි නම කැත වෙලා තියෙන්නේ...