(ප්‍රසාද් රුක්මල් සහ ප්‍රසන්න පත්මසිරි)
පවුල් 16000කට ජලය සපයන බදුල්ල දෙමෝදර ජල ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) විවෘත කෙරිණි.
මෙම ජල ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රජයේ හා ඇමෙරිකානු ණය අධාර යටතේ රුපියල් මිලියන 11880ක මුදලක් වැය කර තිබේ.
මේ අතර බදුල්ල සේනානායක පිටියේ ඉදිකළ නව රථගාල ද ජනපති අතින් අද විවෘත කෙරිණ.
ඒ සදහා ඌව පළාත් සභාව රුපියල් මිලියන 100ක් වැයකර තිබෙන අතර මෙහි රථවාහන 200ක් නැවැත්වීමට පහසුකම් තිබේ.
ඌව පළාත් සභාවේ ආයතන සදහා උපාධිධාරී හා කළමණාකාර සහකාර නව පත්වීම් 320ක් ප්රදානය කිරීමද මෙහිදී සිදුවිය.
(ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)








(ඡායාරූප- ප්‍රසන්න පත්මසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරන හැටි පේනවා නේද? අපේ ජනාධිපතිතුමාට ජයවේවා.!!!
මිලියන 100ක් වියදම් කරලා හදපු පිට්ටනියේ නවත්තන්න පුළුවන් වාහන 200යි. මට නම් හිතෙන්නේ ගාන හුඟක් වැඩියි වගේ...
මේකට මුල් ගල් තිබ්බේ කවද්ද?