( මොහොමඩ් ආසික්)
බන්ධනාගාර ගතව සිටින සිරකුරුවකු ජංගම දුරකථන හරහා මුදල් යැවීමේ ක්රමයට මහා පරිමාණයෙන් කළ හෙරොයින් ජාවාරමක් කොටු කර ගැනීමට කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අංශය සමත්විය.
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත. දැනට බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු ජංගම දුරකථන මගින් මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවනු ලැබ ඇති අතර ඔහු බන්ධනාගාරයේ සිට එළියේ සිටින ඔහුගේ උප ජාවාරම්කරු දුරකථනයෙන් දැනුම් දීමෙන් පසුව හෙරොයින් ප්රමාණය තෝරාගත් රහස් ස්ථානයක තැබීම සිදු වෙයි. ඉන් පසුව අදාළ ගැනුම් කරු එම ස්ථානයට රහසේම පැමිණ එම කුඩු රැගෙන යාම සිදු වන බව පොලීස් පරීක්ෂණවලින් හෙළිව තිබේ.
මෙලෙස හෙරොයින් මිළ දී ගැනීම සදහා වන මුදල් බන්ධනාගාරගතව සිටින පුද්ගලයාට ජංගම දුරකථනය මගින් යැවිය යුතු වන අතර එම මුදල් ලැබුණු බව තහවුරු කර ගැනීමෙන් පසුව ඔහුගේ එළියේ සිටින උප ජාවාරම්කරුට ලබා දිය යුතු හෙරොයින් ප්රමාණයත් එය තැබිය යුතු ස්ථානයත් දැනුම් දෙනු ලබයි.
බන්ධනාගාරගත පුද්ගලයාගේ හෙරොයින් ජාවාරම එළියේ සිට මෙහෙය වූ බව කියන පුද්ගලයකු හෙරොයින් ග්රෑම් 1යි මිලිග්රෑම් 150 ක්ද සමග අද කටුගස්තොට හල්ඔළුව ප්රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර තවත් ඔහුගෙන් හෙරොයින් මිළ දී ගත් දෙදෙනකුද හෙරොයින් මිලි ග්රෑම් 22 ක් හා 18 ක් සමඟ අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (27) මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ජාවාරම් කරුවන්ට බන්ධනාගරයත් එළිමහනත් දෙකම එකයි. ඔවුන්ට සියලු පහසුකම් ලැබෙනවා. මේ අහුවෙන්නේ ඉඳහිට එකක් දෙකක් විතරයි. ඒකෙත් මහා මොළ කවදාවත් අහුවෙලා තියෙනවද? නෑ. මේ ගැන රන්ජන් අපුරු කතාවක් කරනවා පාර්ලිමේන්තුවේදී තමන්ගේම පක්ෂයේ ඇමතිවරුන් ගැන සඳහන් කරමින්. අන්තර්ජාලයේ ඒ කතාව ඇහුවාම ඕන කෙනෙකුට පැහැදිලි වෙනවා කොහොමද කුඩු ජාවාරම දුවන්නේ කියලා.
විවිධ අපරාධ සඳහා රජයේ බෝඩිමට ඇතුල් කරන එක ලෝක හොරු, අපරාධකරුවන් රට උළු ගෙදර සිටම ඔවුන්ගේ බිස්නස් යහතින් කරගෙන යන්නේ අද ඊයේ ඉඳල නොවෙන බව කවුරුත් දන්නා රහසක් ! පොඩි සපෝර්ට් එකක් නැතුව බෝඩිමට ජංගම දුරකථන ගෙනියන්න බැරිබව කවුරුත් දන්නා නමුත් ඒවා ඇතුලේ මේ මෙවලම් සිය දහස් ගණනක් තිබෙන බවත් කවුරුත් දන්නවා. විටින් විට බන්ධනාගාර නිලධාරීන් සිර මැදිරි "සුද්ද" කරනවානම් මෙවැනි අවස්ථා අවම කර ගන්න පුළුවන්. වෙන රටවල සිරකරුවන් බන්ධනාගාර ගත කරනකොට ඔවුන්ගේ අත් ඔරලෝසු, ආභරණ වැනි සියලු පුද්ගලික භාණ්ඩ ලැයිස්තු ගතකර සීල් තබා සේප්පුවක දමා, ඔවුන් නිදහස්වී යන විට ආපසු දෙනවා. මොකොද මෙවැනි දෙයක් "සකල සිරින් පිරි සිරි ලංකාවේ" කරන්න බැරි හේතුව? තවත් සමහර රටවල ජංගම දුරකථන විසන්ධි කිරීමේ විද්යුත් උපකරණ (electronic jamming devices) බන්ධනාගාර තුල සවිකර තිබෙනවා. අපේ රටේ බොහෝ දෙනෙකුට නම් ඇතුලත් එකයි, පිටත් එකයි !