(රොමේෂ් මධුෂංඛ,සිතුම් චතුරංග)
යාපනය පුංකුඩතිව් ශිවලෝහනාදන් විද්‍යා දැරිය දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනුවෙන් යාපනය මහාධිකරණයේ පැවති නඩු විභාගයේ තීන්දුව අද (27) දිනයේදී ලබා දීමට නියමිතව ඇත.
වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රීකුණාමළය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමෂංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් යන මහන්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම නඩු තීන්දුව ලබා දීමට නියමිතය.
මේ අනුව විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් නව දෙනෙකුට එරෙහිව නඩු විභාගය මෙතෙක් සිදු වූ අතර එහිදී පළමු වන සැකකරු හා හත් වැනි සැකකරුට එරෙහිව සාක්ෂි නොමැති බවටත් සෙසු 02 ,03 ,04 ,05 ,06, 08,සහ 09 යන සැකකරුවන්ට එරෙහිව නඩු තීන්දුව අද දිනයේදී ලබා දීමට නියමිතව ඇත.
2015 වසරේ මැයි 15 වනදා විද්‍යා දැරියව පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්ව 16 වනදා උදෑසන පුන්කුඩතිව් කැලෑවක තිබී සොයාගනු ලැබීය.
මේ අතර යාපනය මහාධිකරණය අවවට දැඩි ආරක්ෂාවක් සැපයීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.




ඡායාරුප - රොමේෂ් මධුෂංක




ඡායාරුප - සිතුම් චතුරංග

ඡායාරූප - තරිඳු ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම විදිහට මරණීය දන්ඩනය දුන්නොත් එ්ක ක්‍රියාත්මක කරන්න. මේ සිද්දියට විතරක් නෙවෙයි, ළමා අපචාර වලටවත් අඩුම ගානේ මරණීය දණ්ඩනය දෙන්න. බුදු හාමුදුරුවෝ කවදාවත් රටේ පාලනයට අගිලිගහුවේ නෑ, මේ රටේ ඉන්න හොර දේශපලන්ග්යෝ බුදු හාමුදුරුවෝ ඉස්සරහට දාල හැම දාම බේරිලා ඉන්න හදන්නේ.
එතකොට ප්‍රධාන සැකකරුට පලායන්න උදව් කරපු සහ ඒ ගැන සාක්ෂිද තිබෙන විජයකලා මහේෂ්වරන් යහපාලන ආන්ඩුවේ ඇමතිවරියගේ ඉරණම තීරණය කරන්නේ කවදාද?
ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම තවත් අවුරුදු ගාණක් නඩු ඇදෙයි ද දන්නේ නෑ. සිල් රෙදි නඩුව වගේම.