පනත ගෙනාවොත් පුංචි ඡන්දය ඔක්තෝබරයේ පළාත් පාලන මැතිවරණය ඔක්තෝබර මාසයේදී ද සබරගමු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සභා මැතිවරණය දෙසැම්බර මාසයේදී ද පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේය. 27 June 2017
ක්‍රිෂාන්ත ද සිල්වාට උසස්වීමක් මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ ඩබ්ලිව් ජේ ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ජනරාල් තනතුරට උසස් කරනු ලැබ තිබේ. 27 June 2017
පොලිසියේ නම විකුණා කප්පම් ගත් හිටපු කොස්තාපල් අත්අඩංගුවට මාතර කැකණදුර ව්‍යාපාරිකයකුට බොරු නඩුවක් පවරන බවට බිය කළ මත්බීම මිලදී ගැනීමට රුපියල් 125000ක මුදලක් ගත් බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය කියයි. 27 June 2017
ගූගල් සමාගමට යුරෝපයෙන් දඩයක් සාධාරණ ලෙස ව්‍යාපාර කිරීමට අදාළ රෙගුලාසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ගූගල් සමාගමට එක්සත් ජනපද ඩොලර් බිලියන 2.7ක දඩයක් පැනවීමට යුරෝපා සංගමයේ අදාළ අංශ කටයුතු කර තිබේ. 27 June 2017
බීඑම්ඩබ්ලිව් 1675 ක් ගෙන්වීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි ඉකුත් රජය පැවති 2011 සිට 2014 දක්වා කාලය තුළඳී ව්‍යාජ වාහන බලපත්‍ර තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටට බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1675 ක් ගෙන්වීමේදී රජයට බිලියන 16ක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රේගු අධ්යක්ෂ ජනරාල්ට නියෝග කරන ලෙස ඉල්ලා හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙක් අභියාචනාධිකරණය හමුවේ අද (27) රිට් පෙත්සමක් ගොනු කළේය. 27 June 2017
පුත්තලමට කොළඹ කුණු එපාලු දිවයිනේ සියලු කසළ පුත්තලමට දමන්නේ එහි වැසියන් පුත්තලම් බූරුවෝදැයි තමන් ප්‍රශ්න කරන බව වාරිමාර්ග හා ඡල කළමනාකරණ රාඡ්‍ය ආමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 27 June 2017
උද්ඝෝෂණ කරන්න වෙනම ස්ථාන උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම ස්ථාන ලබාදීම ගැන අද(27) කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවූ බව ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි. 27 June 2017
ලක්ෂ 80 කොල්ලයට වාහන අංක තහඩු පන්නිපිටියෙන් වත්තල ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් වෙළඳසලක රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් කොල්ලකෑමට යොදාගත් මෝටර් රියට සවිකිරීම සඳහා පන්නිපිටිය කලල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක අලුත්වැඩියාව සඳහා ගෙනැවිත් තිබූ වාහන දෙකක අංක තහඩු තුනක් ගලවාගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි. 27 June 2017
බැඳුම්කරයෙන් අර්ථ සාධක අරමුදල පාඩු ලබයි බැඳුම්කර වෙන්දේසිවලින් පර්පචුවල් ටේරෂරීස් සමාගම වැඩිම ලාභ උපයාගනිද්දී සේවක අර්ථ සාධක අරමුදල පාඩු ලබා ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය. 27 June 2017
ඉන්දීය ධීවරයින් වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමැති කට අරී ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට දිගින් දිගටම සිදුවන හිරිහැර නතර කිරීම සඳහා මැදිහත් වන ලෙසත්, එසේම දැනට ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 27 June 2017
ධීවර යාත්‍රාවක කොටස් අම්බලන්තොටින් මතු වෙයි අනතුරකට ලක් වූ ධීවර යාත්‍රාවක බවට සැක කෙරෙන ය්‍රාතාවක කොටස් හා දැල් ආම්පන්න අම්බලන්තොට වැලිපටන්විල මුහුදු වෙරළට අද (27) ගොඩගසා ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි. 27 June 2017
ගාලු කොටුවේ සංරක්ෂිත කොටස් ඉවත් කළාට තිදෙනෙක් රිමාන්ඩ් ලෝක උරුම ගාලු කොටුව තුළ නිවසක සංරක්ෂිත කොටස් ඉවත් කර පුරා විද්‍ය ස්මාරක විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනකු මේ මස 29 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය. 27 June 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගෙන ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමති කබීර් හෂීම් මහතා කියයි. 27 June 2017
‘තවත් රසායනික ප්‍රහාරයකට සිරියාව සුදානම්‘ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ හමුදාව තවත් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙතැයි ධවල මන්දිරය ප්‍රකාශ කරයි. 27 June 2017
සයිටම් ගැන සාකච්ඡාවක් සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයෙන් ඉදිරිපත් කර ඇති ලිඛිත යෝජනා පිළිනොගන්නා බව කියන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඒ පිළිබඳව ගන්නා ඉදිරි පියවර කුමක්දැයි තීරණය කිරීමේ සාකච්ඡාවක් මේ වන විට එහි ප්‍රධාන කාර්යාලයේ දී පවත්වමින් සිටියි. 27 June 2017
කොටි සාමාජිකයෝ දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙති අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට පහර දී ගුවන් යානා 16ක් විනාශ කර රුපියල් කෝටි 400ක අනර්ථයක් සිදු කර ආරක්ෂක අංශ සාමාජිකයන් 14 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නගා ඇති අධිචෝදනාවන්ට ඉදිරියේදී අධිකරණය හමුවේ වරද පිළිගෙන නඩුව අවසන් කර ගැනීමට සූදානම් බව කොටි සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් දෙදෙනකු අද (27) අධිකරණයට දැන්වීය. 27 June 2017
පොලිස් ස්ථානාධිපති 20කට ස්ථාන මාරු පොලිස් ස්ථානාධිපතිවරුන් 20 දෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 27 June 2017
වැලිසර හමුදා කඳවුරේ හිටපු අධ්‍යක්ෂකට ඇප කොටහේන ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනෙකු අතුරුදන් කළැයි සැකපිට චෝදනා ලැබ මාස 6 ක් රිමාන්ඩ් බාරයේ සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ හිටපු විධායක අධ්‍යක්ෂක කමාන්ඩර් ධම්මික අනිල් මාපා මහාධිකරණ ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය. 27 June 2017
තැපැල් වර්ජනය අස්සේ තැපැල් කාර්යාල තුනක් වැඩ රටපුරා තැපැල් වර්ජනයක් සිදු වුවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට,තිස්සමහාරාමය සහ තංගල්ල යන ප්‍රධාන තැපැල් කාර්යාලවල අද (27) දහවල් වනතෙක් රාජකාරී කටයුතු සිදුවන බව හම්බන්තොට ප්‍රදේශිය තැපැල් අධීකාරී නාලක මනුකුලසූරිය මහතා කියයි. 27 June 2017
කෝටි දෙකක් අවභාවිතා කළ මහින්දගේ රියදුරුත් රිමාන්ඩ් නවගමුව ප්‍රදේශයේ ගල් කොරියක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ රියදුරු කපිතාන් තිස්ස විමලසේන මහතා සහ පුත්තලම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ලාල් ප්‍රියන්ත පිරිස් ලබන 11 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රානිමා විජය බණ්ඩාර මහත්මිය නියෝග කළාය. 27 June 2017
කෑන්ස් ලයන්ස් කිරුළ ඩේලිමිරර් මාධ්‍යවේදිනියට ප්‍රංශයේ පැවති ‘කෑන්ස් ලයන්ස් ‘ ජාත්‍යන්තර නිර්මාණාත්මක උළෙලේදී ලොව රටවල් 150 ක් පරදවා ‘2017 කෑන්ස් ලයන්ස්‘ කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩේලි මිරර් පුවත්පතේ කමන්ති වික්‍රමසිංහ සමත් වූවාය. 27 June 2017
ගිලන් රථ රියදුරෝ ලෙඩ නිවාඩු දමති ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ හා පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන මුලික සහ ප්‍රාදේශීය රෝහල්වල ගිලන් රථ රියදුරෝ ලෙඩ නිවාඩු දමා අද (27) උදෑසන වෘත්තිය සමිති කි‍්‍රයා මාර්ගයක් ආරම්භ කළහ. ගිලන් රථ දෙක බැගින් හා ඊට වැඩියෙන් ගිලන් රථ තිබෙන රෝහල්වල එක් ගිලන් රථ රියදුරකු රාජකාරියේ යොදවා අනෙකුත් රියදුරන් වර්ජනය යෙදෙන බව එම රෝහල්වල අධ්යක්ෂවරුන් හා දිස්ති‍්‍රක් රෝහල් වෛද්‍යවරු පැවසූහ. 27 June 2017
ට්‍රම්ප් නිකුත් කළ සංචාරක තහනමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාට ජයග්‍රහණයක් අත්පත් කරදෙමින් මුස්ලිම් රටවල් හයක සංචාරකයන්ට පැනවූ සංචාරක තහනම සහ සියලු සරණාගතයන්ට ඇමෙරිකාවෙන් පිටවන්නැයි සඳහන් කරමින් දුන් විධායක නියෝගය නැවත ක්‍රියාත්මක කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ. 27 June 2017
අද පැවැත්වෙන උද්ඝෝෂණ දෙකකට තහනම් නියෝග සයිටම් විරෝධී සරසවි සිසුන් හා සයිටම් ආයතනයට සහාය දක්වන වෘත්තීය සමිති යන කණ්ඩායම් දෙකක් අද(27) කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණ නවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය. 27 June 2017
නියෝජ්‍ය ඇමැති අරුන්දික එෆ්සිඅයීඩියට නියොජ්‍ය අමාත්‍ය ඇරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා ගැනීමට අද පෙරවරු 9.30 ට මුල්‍ය අපරාධ විමර්ශක කොට්ටාසයට කැඳවා ඇත. 27 June 2017
කිලිනොච්චියේ වෙළඳසැලක් ගිනි ගනි කිලිනොච්චිය මුලංකාවිල් නච්චිකුඩා මන්සන්ධියේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ ඇති වූ ගින්නකින් වෙළඳසැල සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවට මුලංකාවිල් පොලීසිය කියයි. 27 June 2017
යාපනයේ ආයුධ කල්ලිය යළිත් හිස ඔසවයි යාපනය මණිපායි ප්‍රදේශයේදී යතුරුපැදි කිහිපයකින් තියුණු ආයුධ සහිතව පැමිණි පිරිසක් පුදගලයකු කපා කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි. 27 June 2017
දිවයින පුරා තැපැල් කාර්යාල වසා දමයි නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඇතුළු ඉඩම හා දිවයිනේ ප්‍රධාන තැපැල් කාර්යාල කිහිපයක්ම පෞද්ගලික අංශයට ලබා දිමට විරෝධය පාමින් අද (27) දිවයින පුරා තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක නිරත වෙති. 27 June 2017
මිල කළ නොහැකි රන් අබරණ තොගයක් රේගුවේදී අත්අඩංගුවට වටිනාකම ගණනය කළ නොහැකි රන් ආබරණ තොගයක් බැංකොක් සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ බණ්ඩාරගම ව්‍යාපාරිකයෙන් ගුවන්තොටුපොළ රේගුවෙන් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය. 27 June 2017
එල්ලෙමින් තිබූ සිරුරු 4 ක් කඹුරුපිටියෙන් සොයා ගනී කඹුරුපිටිය රංචාගොඩ ප්‍රදේශයේ කොස් ගසක හා මහෝගනී ගසක එල්ලෙමින් තිබූ සිරුරු හතරක් අද (27) අලුයම සොයා ගත් බව පොලිසිය කියයි. 27 June 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026