ඉන්දික නිරෝෂණ
බත්ගන්ගොඩ ආදාහනා ගාරයට යමින් පිරිසක් රැගත් බස්රථයක් කහවත්ත යායින්න ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන ඉවුරක හැපිමෙන් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා කහවත්ත මුලික රෝහලටත් සහ රත්නපුර පලාත්බද මහ රෝහලටත් ඇතුලත් කළ බව කහවත්ත පොලිසිය කියයි.
සුරියකන්ද ප්‍රදේශයේ සිට අවමංගල්‍ය රිය පෙරහරක ගමන් ගත් මෙම පෙද්ගලික බස්රථය යායින්න සර්වෝදයට ආසන්නයේදි මාර්ගයෙන් ඉවතට පැන ඉවුරක වැදිමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
තුවාල ලැබු අය අතර කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි 11 දෙනෙකු සහ දරැවන් 03 දෙනෙකු සිටින බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd