(විනීතා එම් ගමගේ)
දකුණු අපි‍්‍රකානු රාජ්‍යයේ උගන්ඩාව ඇතුළු රටවල රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ බව කියන කොළොන්නාවේ පිහිටි විදේශ රැකියා ඒජන්සියක් වැටලූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය එහි හිමිකරු අත් අඩංගුවට ගෙන ඇත.
කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකයෙන් ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කළ බව කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අදාළ ව්‍යාජ ඒජන්සි ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින බව ද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd