රංජන් කස්තුරි
කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තුසිත හල්ලොළුව මහතා අද එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යටතේ පවතින ආයතනයක තවදුරටත් කටයුතු කළ නොහැකි නිසා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කළ බව තුසිත හල්ලොළුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර තිබේ.
දුමින්ද දිසානායක මහතා යහපාලනයට වින කරන බලවේගවල ග්‍රහණයට හසුවී තිබෙන අතර ඔහු අගාධයෙන් ගොඩවීම වෙනුවට තව තවත් අගාධයේ පතුළ දෙසටම ගමන් කරමින් සිටින බව ද හල්ලොළුව මහතා කෘෂිකර්ම ඇමැතිවරයා වෙත යවා ඇති ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් කොන්ද පණ තියෙන නිලධාරීන් ලංකාවේ ඉන්නවා...
ඔබතුම මීටකලින් විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ හිටියාවගේ මතකය්.ඔබතුමා ගත තීරණය හරියට හරි. ඔබතුමාට ජයවේවා.
එහෙම කරපු එක ඔබේ ඇඟට ගුනයි. නැත්නම් මෙයාගේ පව් ගෙවන්න වෙන්නේ ඔබ වැනි නිළදාරින්ට.
දුමින්ද තාත්තා වගේමයි. හොඳ කොලුපැටියා.
බැරි එකාට බැහැ තමා. පොලොව ඇදයි.
අපේ සීයා නිතරම අපට කියන ලද කවියක පද දෙකක් මගේ මතකයට නැගෙනවා... ලැග්ගොත් බල්ලන් සමග, හිටගන්නේ මැක්කන් සමග...
ඇත්ත කතාකරන්නයි බිම ඉඳගන්නයි බයවෙන්න ඕනේ නෑ වගේ. කෙලින් වැඩ කරන්න බයවෙන්න එපා. වේදකරන්න දෙන්නේ නැත්තම් යමු කොන්ද කෙළින් තියාගෙන....
ඔබ වැනි අය තමයි අද රටට අවශ්‍ය.. හදවතින් ම ගරු කරමි
දුමින්ද දූෂිතයි...ජනාධිපතිගේ දුර්වලකම නිසා තමයි මේවා වෙන්නේ.....රවි කරුණානායකගේ විදේශ අමාත්‍යංශයට ලොතරුයි මණ්ඩලය පවරා දීම ජනාධිපතිගේ ලොකු දුර්වලතාවයක්....දුමින්දගේ අමාත්‍යංශය වෙනුවෙන් හිස් ගොඩනැගිල්ලකට මාස්පතා කෝටි ගණන් බඩු ගෙනාවා...ජනාධිපති තමන්ට වැඩ කළ පලියට සුළු පිරික් වෙනුවෙන් පෙනී සිටීම වැරදියි....
පහුවෙලා හරි මොළේ පෑදිච්ච එක ලොකු දෙයක්....
මෙතන තියෙන්නේ තරඟයක්. එක පාටකට අයිති කට්ටිය එක හොරකමක් කරනකොට අනික් පාටේ කට්ටියට එක මදිකමක්. ඒ ගොල්ල දෙගුණ කරලා ගහනවා. ඒක දකින මුල් කට්ටියත් අරින්නේ න, දෙනවා හිටු කියල. සම්මුති ආණ්ඩුවනේ. දැනට කෘෂිකරමෙට ගත්තු ගොඩ නැගිල්ලෙන් පටන් අරන් මේ අලුත්ම එක දක්වා ඇවිත්. අර අන්තර්ජාල වැඩ සටහනේ හොඳ විස්තරයක් තියෙනවා අනික් වැඩ ගැනත්. තුසිත හල්ඔලුව මැතිතුමා වගේ අයට මේ හොර ගුහාවල් වල ඉන්න බැරි බව අපට පේනවා. හැබැයි මහා මාර්ග වැනි කුණු වලවල් වල ඉන්න බොහොම දෙනෙක් ඒකෙන්ම යැපෙමින් ඉන්න බවත් පේනවා.
මෙම නිලදාරියාට මගේ ප්‍රණාමය.මෙය ප්‍රජාතන්ත්‍රවදය ඇතිකිරීම ගැන මෛයිත්‍රී ජනාදිපතිතුමා ප්රමුඛ සියල්ලන්ටමත් ප්‍රණාමය.
දුමින්දලා යහ පාලනේ බයිලා ගැහුවට කලත්තාවේ සොයිසාගේ පුතාට අනුරාධපුරේ පුජා නගරයේ ක්ලබ් දාන්න දුන්නෙත් එයා සහ එයාගේ පියාගේ බල මහිමයෙන් නිසා බව මුළු අනුරාධපුරේම දන්නවා. මේ ගොල්ලන් අනුරාධපුරේට එක බයිලාවක් කොළඹට සහ රටේ අනිකුත් පළාත්වලට තව බයිලාවක්.
මෙච්චර කල් වැඩ කලා නේද මොකද? හිටි හැටියේම උනේ? වෙන මොකක් හරි දෙයක්ද? අනික ඔයා යද්දී ඔතනට දෙන්නෙක් එන්න බලන් ඉන්නේ
කෘෂිකර්ම අමාත්‍යතුමාගේ වැඩ පිළිවෙල පසුගිය වසර කිපය තුළ නිරීක්ෂණයට ලක් කළහොත් අසාර්ථක බව කිවහැකිය. 1 ඉදිරිදක්මක් නැත. 2 විනිවිද බාවයක් නැත 3. හිස් ගොඩනැගිල්ලකට මාස්පතා කෝටි ගණන් බදු ගෙවීම. 4 පොහොර සහනාධාර ඉවත් කිරීම. 5 අලුත් වාහන ගැනිම සඳහා කෝටි ගණන් මුදල් වියදම් කිරීම. 6 ගොවිතැන කරන ජනතාවගේ සිතුම් පැතුම් පිළිබද අවබෝධයක් නැතිකම 7 නිළදාරීන් සමඟ වැඩ කිරීමට නොහැකිබව