(අර්නස්ට් ජයතිලක,බුද්ධි බොල්ලත සහ දේවප්‍රිය චන්ද්‍රසිරි)
‘එක්සත් ජාතික පක්ෂයේත් හොරු ඉන්නවා යහපාලන ආණ්ඩුවෙත් හොරු ඉන්නවා පක්ෂයේ හොරු ඉන්නකම් පක්ෂයේ ඓතිහාසික ජයග්‍රහණ අවතක්සේරුවට ලක්වෙනවා‘යැයි ජාඇල එජාප ප්රධෘන සංවිධායක හිටපු ඇමති ජෝෂප් මයිකල් පෙරේරා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ජාඇල කෝට්ඨාසයෙන් ඉදිරිපත් කිරීමට යෝජිත එජාප අපේක්ෂකයින් දැනුම්වත් කිරීම සඳහා ජාඇල එජාප ප්‍රධාන කාර්යාලයේදී පැවති රැස්වීමක් අමතමිනි.
“රවී කරුණානායකගේ සෑම වැඩපිළිවෙළක්ම පක්ෂයට පමණක් නොවෙයි.රටටත් හානි කරයි.ඇමතිකමෙන් අස්වුණේ කැමැත්තකින් නොවෙයි.අස්නොවී බැරිවුණා.දැන් ඔහු තමන්ගේ දිස්ත්‍රික්කය බලාගන්නේ නැතිව අපේ කොට්ඨාසවලටත් අත පොවනවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ට වැරදි කිව යුත්තේ තමන් වැරදි නොකරනවා නම් පමණයි. අඩු වශයෙන් තමන්ගේ පක්ෂයේ අය ප්‍රසිද්ධියේ විවේචනය කරන එක හොඳ දෙයක්ද?
ඔයා දැන් නාකි නේ. කරන කෙනෙක් ට කරන්න දීලා ගෙදර ඉන්න.
හැම රජයේ සේවකයෙකුටම පොදු, විශ්‍රාම ගැනීම දේශපාලකයන්ටත් පොදු විය යුතුයි. උපරිමය අවුරුදු 60 විය යුතුයි.
කතාව නම් සම්පුර්ණ ඇත්ත, අපි කොළඹ ඡන්දදායකයෝ එදා වෙච්ච දේවලුත් අද සහ ඉදිරිය ගැනත් හොද සෙවිල්ලෙන් ඉන්නේ .
ඇයි ඔයා නාකි වෙන්න අදහසක් නැද්ද? නිකන් මෝඩ කතා කියන්න එපා. දේශපාලනයේදී නාකි කියන්නේ පරිනත වීමයි. සාර්ථක දේශපාලකයෙක් වෙන්නේ බොහෝවිට වයසට ගිහිල්ල. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් එහෙම තමයි.
ඔබ හරියට හරි. රවී යන තැන ගඳයි. 2001 බලයට ඇවිල්ල සතොස කෑව. රනිල් ඔය වගේ කුණු තමා ළඟ තියන් ඉන්නේ. ඒ නිසා තමයි තාම බලයට එන්න බැරි. දැනුත් අගමැති වෙලා ඉන්නෙත් මෛත්‍රීගේ පිහිටෙන්. 2001 අගමැති වුනෙත් හිටපු මහ ලේකම් ගාමිණි අතුකෝරාල මහතාගේ දක්ෂම නිසා තමයි.
රවී කරන හැමදේකින්ම පක්ෂෙට හානි වෙනකම් බලා හිටියේ අපිද? එකට වගකිවයුතු ඔහෙලගෙ නායකයා නෙමෙයිද?