(ජුඩ් සමන්ත)
පුත්තලම - හලාවත මාර්ගයේ උඩප්පුව මංසන්ධියේදී බස් රියක් මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව උඩප්පුව පොලීසිය කියයි.
වව්නියාවේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් ගමන් කරමින් තිබූ මාළු ලොරියේ පිටුපස ගැටී අනතුරුව මාර්ගයේ වම් පස ඇති ගසකද ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ පුද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා ලෙස කටයුතු කළ පුත්තලමේ පදිංචි අවුරුදු 32ක අයෙකි. තුවාලකරුවන් හලාවත මහා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ හැප්පිලා අයින් කරන වාහන කාටත් පෙනෙන විදිහට කරදරයක් නැතිවෙන ආකාරයට තබන්න පුළුවන් නම් ඒ දෙස බලාවත් වේගය අඩු කරන්න පෙලබේවි
පාර අයිනේ තිබුන ගහ හිටවපු කෙනා තමයි වැරදිකරු