දඔුල්ලෙන් දිනකට ලක්ෂ 25 ක ආදායමක් දඹුල්ල ලෙන් විහාර නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිකරිමෙන් දිනකට රුපියල් මිලියන 2.5 කට වැඩි ආදායමක් ලැබෙන බව තහවුරු වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය. 26 June 2017
කොල්ලුපිටියේදී දුම්රියේ ගැටී අයෙක් මරුට කොළඹ සිට අලුත්ගම බලා ධාවනය වෙමින් තිබු කාර්යාල දුම්රියට කොල්ලූපිටිය දුම්රියපොළ ආසන්නයේදී ගැටුණු පුද්ගලයකු ඒ ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි. 26 June 2017
මුන්දලම දෙපිරිසක් අතර ගැටුමක් - ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව මුන්දලම කොත්තන්තිව් ප්‍රදේශයේ අද(26) දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පසු ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් කණ්ඩායම් කිහිපයක් අනියුක්ත කර ඇති බව ඉහළ පොලිස් නිලධාරියකු පැවසීය. 26 June 2017
‘ජීඑම්ඕ කථා කිතුලට ගිය මිනිසාගේ කථාව වාගේ‘ - රාජිත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කරන ප්‍රකාශ කිතුල් ගහට ගිය මිනිසාට කියන්නට සිදු වූ හේතු වගේ යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 June 2017
සයිටම් සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඇතුළත් ජනාධිපති ලේකම් නිකුත් කළ නිවේදන පිළිබඳ හදිසි සාකච්ඡාවක් මේ වනවිට කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැත්වේ. 26 June 2017
ඕස්ට්‍රේලියා ගිය අනවසර සංක්‍රමණිකයන් 20ක් ආපසු ලංකාවට එවති බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස ඕස්ටේ්රලියාවට සංක්රමණයවී සිටි ශ්‍රී ලාංකිකයින් 20කට ආසන්න පිරිසක් අද(26) යළි ශ්‍රී ලංකාව බලා පිටත් කර යැවීමට එරට ආගමන විගමන බලධාරීන් පියවර ගෙන ඇතැයි ‘‘ ද ඕස්ටේ්රලියන් ’’ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කළේය. 26 June 2017
ජනපති ලේකම්ගේ නිවේදනය වෛද්‍යවරු ප්රත්ක්ෂේප කරති සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා සමඟ සිදු කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපති ලේකම් විසින් නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම නිවේදනයේ පවතින බහුතරයක් කරුණු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය දක්වන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය. 26 June 2017
ත්‍රී රෝද රථවලට උපරිම වේග සීමාවක් එයි තී‍්‍ර රෝද රථ ධාවන වේගය පැයට කිලෝ මීටර් 40ක උපරිම වේග සීමාවකට යටත්ව ධාවනය කළ යුතු බවට නීති ගෙන ඒමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි. 26 June 2017
වෛද්‍ය සිසුවා ජුලි 5 තෙක් රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සිසුවා ලබන මස 5 වැනි දින දක්වා රිමාන්ඞ් බාරයට පත්කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය. 26 June 2017
මහේල අනුමාන වාර්තා ප්‍රතික්ෂේප කරයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ඉල්ලුම් කිරීමට තමන් සූදානම් වන්නේ යයි පවතින අනුමාන කිරීම් වල ගතයුතු යමක් නැතැයි මහේල ජයවර්ධන ප්‍රකාශ කරයි. 26 June 2017
’කළමනාකරණ හා තොරතුරු තාක්ෂණ පීඨ වල උපාධිධාරින්ට රැකියා අහුරලා’ කළමණාකරණ පීඨ හෝ තොරතුරු තාක්ෂණ පීඨවලින් පිටවන උපාධීධාරින්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ රැකියාවලට ඒමේ ඉඩ ප්රස්ථා අහුරා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය. 26 June 2017
ආණ්ඩුවේ සයිටම් යෝජනාවලියට විරුද්ධ බව ගුරු වෘත්තීය සමිති කියයි උද්ඝෝෂණය කළ ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම සිදු කරන්නේ නම් මර්දනයට එරෙහිව සියලු ගුරු සංගම් එක්ව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් අද කොළඹ විශ්ව විද්‍යාලයයේ දී පැවසූහ. 26 June 2017
පුත්තලමේ කසල රඳවනයේ වැඩ සැප්තැම්බරයේ අැරැඹෙයි පුත්තලම, අරුවක්කාලූ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සනීපාරක්ෂක කසල රඳවනයේ කටයුතු ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එය තවත් මීතොටමුල්ලක් නොව ජාතික සම්පත් කලාපයක් වනු ඇති බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 26 June 2017
තැන තැන කුණු දමන 454 ක් අත්අඩංගුවට කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ තැන තැන කසල බැහැර කළ පුද්ගලයින් 454 දෙනකු අද (26) වනවිට අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 26 June 2017
මහ දවල් ලක්ෂ 80ක් කොල්ලකති ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයකට අයත් රුපියල් ලක්ෂ 80 ට ආසන්න මුදල් වෑන් රථයකින් රැගෙන යමින් තිබියදී අද (26) දහවල් රාගම කඩවත පාරේදී පිරිසක් විසින් එම මුදල් කොල්ල කා පළාගොස් ඇතැයි පොලිසිය කියයි. 26 June 2017
‘වක්වැල්ල පාලමේ කණු දිරලා‘ දිගින් ශ්‍රී ලංකාවේ දෙවැනි තැන තිබෙන වක්වැල්ල පාලමේ කණු දිරා ඇති බව නාවික හමුදාව විසින් පවසන බැවින් ඒ පිළිබඳ වහාම අවදානය යොමු කළ යුතුයැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. 26 June 2017
‘වැලි කතර’ යළි තිරයට ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී.බී. නිහාල් සිංහයන්ගේ විශිෂ්ඨතම සිනමා නිර්මාණයක් වූ 70 දශකයේ ඉමහත් ජනාදරයට පත් ‘වැලිකතර’ ප්‍රථම පුළුල් තිර වෘතාන්ත චිත්‍රපටය ඩිජිටල් සත්කාරයේ මහිමයෙන් ප්‍රතිස්ථාපිතව මෙම මස 30 දා සිට යළි තිරගත කෙරේ. 26 June 2017
කාෙලොම්බියා මගී බෝට්ටුවක් ගිලී 7 ක් මරුට කොළොම්බියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ග්වාටබේ නගරයේ ගංගාවක මගී බෝට්ටුවක් ගිලීයාමෙන් හය දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. අනතුරට පත් වූ 133 දෙනකු බේරා ගත් බවත් අතුරුදන් වූ 16 දෙනකු සොයා මෙහෙයුම් දියත් කර ඇති බවත් බලධාරීහු පවසති. 26 June 2017
ඇහැලියගොඩ අනතුරින් දෙදෙනෙක් මරුට ඇහැලියගොඩ පනාවල පාරේ ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට දී සිදු වූ ත්‍රීරෝද කැබ් රථ අනතුරකින් කාන්තාවක් හා පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය කියයි. 26 June 2017
ඉන්දීය පුහුණුකරු වෙන්න මහේලත් උනන්දුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ඉදිරිපත් වනු ඇතැයි ‘ඉන්දියා ටුඬේ’ පුවත් පත කියයි. 26 June 2017
පොලිස් වෙඩි පහරින් සැකකරු මරුට වරකාපොළ පෞද්ගලික වෙළඳසලකට ඇතුළුවී එහි තිබූ භාණ්ඩ තොගයක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිසිය කළ වෙඩි තැබීමකින් සැකකරු මියගොස් ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි. 26 June 2017
සෙත්සිරිපාය හා ඉසුරුපාය යාකරන්න ගුවන් මඟක් බත්තරමුල්ලේ සෙත්සිරිපාය 1 කොටස, සෙත්සිරිපාය 2 කොටස සහ ඉසුරුපාය සම්බන්ධ කරමින් ගුවන් මාර්ගයක් ඉදිකිරීමට පියවර ගන්නා බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 26 June 2017
තරුණිය ඝාතනය කළ සැකකරු රිමාන්ඩ් කොට්ටාව නගරයේ තරුණියක් තෙමහල් නිවසක දෙවැනි මහලේ නිදන කාමරක් තුලදී විසිතුන්පලකට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ බවට පොලිස් අත් අඩංගුවට පත් වූ සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 4 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පි‍්‍රයංගා මද්දුමපටබැදි මහත්මිය නියෝග කළාය. 26 June 2017
තවත් වෛද්‍ය සිසුවෙක් අත්අඩංගුවට සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත් කාරයෙන් කඩා වැදි එහි දේපළ වලට පහර දි අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ශිෂ්‍ය නායකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 June 2017
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මුල්පුටුව වෛද්‍ය පාදෙණියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහසභාව ඊයේ (24) කොළඹ එම සංගම් මූලස්ථානයේදී පැවැති අතර එහිදී නව නිලධාරි මණ්ඩලය නිතරගයෙන් පත්විණ. 25 June 2017
ශිෂ්‍ය නායකයන්ගේ නිවෙස්වලට තර්ජන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයින්ගේ නිවෙස්වලට පොලිසියෙන් තර්ජන එල්ල වී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මහතා පැවසීය. 25 June 2017
අමරපුර මහා නිකායේ උපසම්පදා උත්සවය කළුතරදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් කථතර බෝධි පරිශ්‍රයේ දී අද (25) පැවැත්විණි. 25 June 2017
සයිටම් විරෝධී සිසුන්ට පහර දීම ගැන පොලිස් කොමිසමෙන් වාර්තාවක් ඉල්ලයි සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුන සිසුන්ට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇත. 25 June 2017
තවත් ශිෂ්‍ය නායකයෙක් අත්අඩංගුවට සයිටම් විරෝධී පාමනකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී පැය තුකට ආසන්න කාලයක් පුරා ඒ තුළ රැදී සිටිමින් දේපළ වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සියඹලාණ්ඩුව පොලිසිය විසින් අද (25) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 June 2017
කොටි හම අළෙවි කිරීමට ගිය අයෙක් අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ සංරක්ෂිත සතෙකු වන දුර්ලභ ගනයේ කොටියෙකු මරා සතාගේ සම අලෙවි කිරීමට සුදානම් වූ අවස්ථාව් කොස්ඉන්න ප්‍රදේශයේ අයෙක් 25 දින පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 25 June 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026