(නිමල කොඩිතුවක්කු)
පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත හරහා රජය පළාත් සභා ඡන්දය කල් දැමීමේ උත්සාහයක නිරත වන බැවින් එම උත්සාහය පරාජය කිරීමට තනිව හා සාමූහික ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පහක් අද (22) අවධාරණය කළේය.
මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති මෙම මාධ්‍ය හමුව සඳහා පැෆරල්, කැෆේ, මැතිවරණ ප්රචණඩක්රියා නීරීක්ෂණ මධයස්ථානය, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් › ලංකා සහ ජාතික මැතිවරණ නිරීක්ෂණ ආයතනය නියෝජනය කරමින් නියෝජිතයෝ එක් වූහ.
එහිදී අදහස් දැක්වු පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහන හෙටිටිආරචිචි මහතා මෙසේ ද පැවසීය.
‘‘පළාත් පාළන මැතිවරණය දිගින් දිගටම කල් දැම්මා. දැන් මේ වනවිට පළාත් සභා මැතිවරණයත් දින නියමයකින් තොරව කල් දමමින් සිටිනවා.
මේ පනත සම්මත කරගත් ආකාරයෙන් කිසිදු ඉඩක් ජනතාවට ලැඛෙන්නේ නැහැ තමන්ගේ විරෝධය ඉදිරිපත් කරන්න. පනතේ කරුණු හොඳද නරකද කියන එක නෙමෙයි මෙතනදි වැදගත් වෙන්නේ. ඒ කරුණු ඉදිරිපත් කළ ආකාරයයි. ඉන් වැරදි පූර්වාදර්ශයක් සපයනවා. අනාගතයේදී ඕනෑම පනතක් ගෙනල්ලා මේ ආකාරයෙන් කටයුතු කළ හැකියි. ජනාධිපතිවරණයේදී ඕනනම් එකතු කරන්න පුල්වන්. ගණනය කිරීම ජනාධිපතිවරයාගේ නිළ නිවසේදී සිදුවිය යුතුය යන පනතක් ගෙනාවොත් කොහොමද? මිනිස්සුන්ට අභියෝග කරන්න තැනක් නැහැ. මේ ක්රියාවළියත් එවැනිම එකක්‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුත් හාමුදුරුවන්ගේ , නඩුත් හාමුදුරුවන්ගේ
මේ යන්නේ ඒකාධිපති ගමනක් නොවේද? නිල විපක්ෂය හා ආණ්ඩුව එකතු වී ජනතාවට විපත් විය හැකි පනතුත් මේ විදියටම ගෙනේවි.
ලෝකේ පළාත් සභා තියෙන කිසිම රටක් ඡන්දය එකවර පවත්වන්නෙ නැහැ. පළාත් සභා විසිර වීමේ බලය තිබෙන්නේ එම පළාතේ ආණ්ඩුකාරවරයාට. එක පළාත් සභාවක් විසිරේව්වොත් අනිත් පළාත් වලත් ඡන්දය තියන්න ඕනෙද?
මම නම් ඡන්ද එක දවසක් පවත්වන එකට කැමති.. 2018 දී ඡන්ද පැවත්වුනොත් ඇති.
ජනතාව වෙනුවෙන් මේ සංවිධාන පහ කටයුතු කිරීම ගැන ඔවුන්ට මගේ ආචාරය! මැතිවරණ කොමිසමේ සභාපතිතුමාත් ආණ්ඩුව වැරදි බව දිගින් දිගටම බය නැතුව ප්‍රකාශ කිරීම ගැන අපි සතුටුයි.
මේ ආණ්ඩුව පත් කරන්න ඔය කියන සංවිධානත් ගිය ඡන්ද වලට ඉස්සර පුදුම විදිහට නැහුණා. දැන් මේ අය කියන ඒවා ආණ්ඩුව තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. දැන් සනීපද ඔහෙලට? ගිය නුවණ අලියා ලවා නෙමෙයි අත ලවාවත් අද්දන්න බැහැ.