(උපාලි ආනන්ද)
අනුරාධපුර මහ නගර සභාව මගින් පාලනය වන ‘රිවර් පාර්ක්‘ උද්‍යානයේ සහ ‘නේචර් පාර්ක්‘ උද්‍යානයේ කළ විශේෂ වැටලීමකදී තරුණ පෙම්වතුන් 304 දෙනකු පොලිස් බාරයට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලිසිය රැගෙන ආ බව පොලිසිය කියයි.
එම පෙම්වතුන් සියලු දෙනා අනුරාධපුර නගරයේ උපකාරක පන්ති යන බවට දෙමාපියන්ට පවසා පැමිණි අය බව පොලිසිය පවසයි.
ඔවුන් බස් රථ දෙකකින් පොලිසියට ගෙනැවිත් දැඩි ලෙස අවවාද කර මුදා හැරීමට පොලිසිය මේ වන විට කටයුතු කරමින් සිටියි.
මෙම උද්‍යාන ජයසිරි මහ බෝධියට පිවිසෙන මාර්ගයට මුහුණලා පිහිටා තිබෙන අතර පූජනීය ස්ථානයකට පිවිසෙන මාර්ගයක් ආසන්නයේ මෙවන් උද්‍යාන නොතිබිය යුතු බවට අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතා අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත.
මෙම මෙහෙයුමට පොලිස් නිලධාරීන් 45ක් යොදාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ පරපුර ආදරය කරන්න යන්න ඕන එහෙනම් පන්සල් වලටද.....ලංකාවේ ආදරය කරන දෙන්නෙකුට සැනසිල්ලේ කතාකරන්න,අතින් අල්ලගෙනවත් ඉන්න තැනක් නෑ හැබැයි තරුණ අසහනය ගැන හොයන්න පර්යේෂණත් කරනවා.
මේ වගේ හැදිච්ච පොලිස් ලොක්කෝ ඉඳ හිටලා වත් හමුවෙන්නේ අපේ සිරි ලංකාවේම විතරයි .
ගණිකා ජාවාරම් වලට වැඩිම ප්‍රසිද්ධියක් තියෙන නගරයක් තමයි අනුරාධපුර. මේක පොලිසිය දන්නා කරුණක්. ඉතින් ඒවා වටලන්නේ නැද්ද?. ඒවායින් ගාණක් එනවා. උද්‍යානවල ඉන්න පෙම්වතුන්ගෙන් කීයක් වත් පගාව ගන්නේ නෑ. එ්කයි සත්‍යය.
මේ අහිංසක කොල්ලො, කෙල්ලො ටිකක් අල්ලගෙන කූඩුකළාට හරියන්නේ නැහැ. කසිප්පුකාරයෝ, ගංජා කාරයෝ, පාතාල කාරයෝ, කප්පම් ගන්නා අය කොච්චර ඉන්නවද? ඒ අයට මොකක්ද එතකොට කරන්නේ...?
ආදරය කියන්නේ තරුණ වයසට ඇතිවන ස්වභාවික හැඟීමක්. එය විඳින්නට ඔවුන්ට ඉඩ දිය යුතුයි. නැතිනම් එය තරුණ අසහනයට හේතුවක්. පොලීසියට මනෝවිද්‍යාව ඉගැන්විය යුතුයි.
ඇත්තටම මේක වැරදි වැඩක්. තරුණ වයසට දරුවන් ප්‍රේම කිරීමට යොමු වීම සාමාන්‍ය දෙයක්. ඔවුන් පාසල් සිසුන් නම් එම ගුරුවරුන් හරි දෙමව්පියන් ඒ පිළිබඳව වගබලා ගන්න ඕනේ. එ්කට පොලිසිය මැදිහත්වෙලා ඔවුන් ප්‍රසිද්ධියේ පොලිසියට ගෙනත් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මෙම දරුවන් මේ වගේ වුණාම මී ළඟ වතාවේ තෝරා ගන්නේ හෝටල් කාමර තමයි.
මට මතක් වෙන්නේ මීගමුව පැත්තේ මේ වගේ අත් අඩගුවකින් පස්සේ තරුණියක් වහ බීල මරුන. මැරෙන්න කලින් ලියල තිබුන යක්ෂණියක් වෙලා පොලිස් නිළධාරියව කනවා කියල.
මට මතක් වෙන්නේ මීගමුව පැත්තේ මේ වගේ අත් අඩංගුවකින් පස්සේ තරුණියක් වස බීල මරුණා. මැරෙන්න කලින් ලියලා තිබුණා යක්ෂණියක් වෙලා පොලිස් නිලධාරියව කනවා කියලා.
"පූජනීය ස්ථානයකට පිවිසෙන මාර්ගයක් ආසන්නයේ මෙවන් උද්‍යාන නොතිබිය යුතු බවට අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතා අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත". මේක සංස්කෘතික පොලිසියක් වෙන්න ඇති. ඒ වගේම නගරයේ සැලැස්ම හදන්නෙත් පොලිසිය වෙන්න ඇති. සමහරවිට ඔවුන් හිතනවා ඇති තරුණ තරුණියන් ශ්‍රී මහා බෝධි මළුවට ගිහින් ආදරය කරනවා මිසක් උයන්වලට යන්න හොඳ නෑ කියල. උයන් තියෙන්නේ හිඟන්නන්ට නිදා ගන්න නේ. අනේ මෙහෙමත් මිනිස්සු!
"පූජනීය ස්ථානයකට පිවිසෙන මාර්ගයක් ආසන්නයේ මෙවන් උද්‍යාන නොතිබිය යුතු බවට අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතා අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත". මේක සංස්කෘතික පොලිසියක් වෙන්න ඇති. ඒ වගේම නගරයේ සැලැස්ම හදන්නෙත් පොලිසිය වෙන්න ඇති. සමහරවිට හිතනවා ඇති තරුණ තරුණියන් ශ්‍රී මහා බෝධි මළුවට ගිහින් ආදරය කරනවා මිසක් උයන්වලට යන්න හොඳ නෑ කියලා. උයන් තියෙන්නේ හිඟන්නන්ට නිදා ගන්නනේ. අනේ මෙහෙමත් මිනිස්සු!
අපේ පොලිස් සේවයට ගන්න 8 පාස් ... ගුණාත්මක සේවයක් බලාපොරොත්තු වෙන්න අමරුයි...
"පූජනීය ස්ථානයකට පිවිසෙන මාර්ගයක් ආසන්නයේ මෙවන් උද්‍යාන නොතිබිය යුතුයි" කියන ප්‍රකාශය ඉතාමත් විශිෂ්ටයි. සංස්කෘතිය ගැන කොයිතරම් උජාරුවෙන් කතාකලත් අපිට අපේකම පෙන්නන්න ගන්න බැහැ. සමහරුන්ට ලැජ්ජාවක් ඇතිවෙනවා. අපිට යුරෝපය වෙන්න ඕන නැහැ. මැදපෙරදිග වගේ වෙන්න ඕනත් නැහැ. ශ්‍රී ලංකාව වගේ වෙන්න තමයි අවශ්‍ය. රටක පුරවැසියන් වශයෙන් නිදහස, විනෝදය වගේ අවශ්‍ය දේවල් තියෙනවා. නමුත් ඒ සඳහා සුදුසු ස්ථාන වෙන්කර තිබීම සහ සීමාමායිම් තිබීමත් අත්‍යවශ්‍යයි. අනුරාධපුරය වගේම තමයි නුවරත් මේ වෙද්දී. ඉතාමත් ඛේදනීය තත්වයක්.
දරුවන් කරපු දේ සාධාරණීකරණය කරනවා නොවේ. නමුත් තාරුණ්‍යයේ හැඟීම් ගැන පොලිසිය මීට වඩා බුද්ධිමත්ව ක්‍රියා කල යුතුව තිබුණා. සේරමලා පොලිසියට දක්කාගෙන එන්නේ නැතිව උද්‍යානයේදීම හොඳින් කරුණු වටහා දීලා එයාලට යන්නට ඉඩ සලස්වන්න තිබුණා. පොලිසියේ මහතුනි... ඔබලාටත් තරුණ කාලයක් තිබුණා නේද?
එතකොට ඉසුරුමුණියේ තියෙන පෙම් යුවලගේ රූපේ? එ්කත් තියෙන්නේ අනුරාධපුරයේම සිද්ධස්ථානයක නේ. එ්කේ ඉන්න කාන්තාව පිරිමියාගේ උකුලේ ඉඳගෙන නේද ඉන්නේ?
පොලිසියට ඔය තරම්ම ඉරිසියාවද? පොලිසියේ කිහිපවතාවක්ම රෙදි ගැලෙව්වේ මෙවැනි වැඩ නිසා .
පොලිසියේ ලොක්කන්ගේ මානසික තත්වය ඔය වැඩෙන් රටටම හෙළිකළා. අපි තාම ජීවත්වෙන්නේ නොදියුණු යුගයක නේද කියලයි හිතෙන්නේ. ඔය වැඩේට සම්බන්ධ වූවන්ට සහ උපදෙස් දුන්නු අයට වගේම මතු අනාගතයේදී ඔවැනි බාල වැඩ කරන්න හිතන් ඉන්නවුන්ටත්, මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඕනෑ. සිංහ ලීලාවෙන් ගිහින්, මහලොකු වැඩක් කරා කියල හිතනවා ඇති...
පූජනීය ස්ථානයකට පිවිසෙන මාර්ගයක් ආසන්නයේ උද්‍යාන තිබීම ඉතාම අශෝබනයි. එවැනි මං දෙපස තිබිය යුත්තේ සසර කළ කිරවන ආකාරයේ ලෙඩෙක්, හිඟන්නෙක්, මළ කඳක් වැනි දේ හෝ කටු පඳුරු, පොලිතීන්, කැළිකසල වැනි දැහැමි සිතිවිලි උපදවන දෑ ය. දැනට මළ කඳන් නැතත් අනික් දේ තිබෙන හෙයින් තරමක් හෝ පුජනීයත්වය ආරක්ෂා වී තිබීම ගැන සතුටු විය හැක.
පොලිසියේ ලොක්කන්ගේ මන්ද මානසිකත්වය ඔය වැඩෙන් රටටම හෙළිකළා. අපි තාම ජීවත්වෙන්නේ නොදියුණු යුගයක නේද කියලයි හිතෙන්නේ. ඔය වැඩේට සම්බන්ධ වුවන්ට සහ උපදෙස් දුන්නු අයට වගේම මතු අනාගතයේදී ඔය වැනි බාල වැඩ කරන්න හිතන් ඉන්න අයටත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි.සිංහ ලීලාවෙන් ගිහින්, මහලොකු වැඩක් කරා කියල හිතනවා ඇති. ලැජ්ජයි හලෝ.
ලොකු හීනමානයකින් ඉන්න ඕ.අයි.සී කෙනෙක් වගේ...
වතාවක් මීගමුව පැත්තේ හෝටලයක නීතිඥ මහත්වරු සෙට් කරලා පොලිසිය අල්ලලා ජෝඩුවක් රිමාන්ඩ් කෙරුවා. ඉන් පස්සේ තමයි දැන ගත්තේ දෙදෙනෙක් කාමරයක හිටියට දඬුවම් කරන්න නීතියක් නැති බව. අන්තිමේ පොලිස් මහත්වරුන්ට අතින් වන්දි ගෙවන්නත් වුණා.
දිගම ඔසරිය උස්සන්න බලහත්කාරයෙන් ළමයි ගේන්න පොලිස් ආරක්ෂාවක්.... තරුණ තරුණියන් තමන්ගේ වයසට අත්වන ස්වභාවික අාදරය ප්‍රකාශ කරන්න ගියාම යන්න වෙන්නේ කූඩුවට. මම ඉන්නේ පිටරට. මම දන්න කුරුණෑගල ප්‍රදේශයේ හිටපු වෛද්‍යවරයෙක් මෙහෙ ඉන්නවා ඔය වගේ අවස්ථාවකට මූණ දීලා දිවි නසා ගත් ළමයෙකු ගේ මරණ පරීක්ෂණයකට ගිය. එයාට අදත් ඒ සිද්ධිය මතක් වෙනකොට කම්පනයක් අැතිවෙනවා. අපි ඉන්නෙ මොන යුගයකද කියලා සිතා බලන්න කරුණාකරලා.
මොනවද මේ? පොලිසියේ ගල් යුගයේ වැඩ. බුදුන් ආදරය තහනම් කරලද? මේක ගෝත්රවාදයට ගෙනියන්න එපා...
මේක සංකීර්ණ ගැටළුවක්.. එක අතකින් ප්‍රේම කිරීමට කාටත් අයිතියක් ඇත.. තරුණ වියෙහි සිට ආදරය සෙනෙහස විඳ තම අනාගත සහකරු, සහකාරිය තෝරාගැනීම ඉතා හොඳය.. අනික් අතින් තාම උසස් පෙළවත් නොකරපු ඉගෙනගන්න ළමයි.. ගෙදරට උපකාරක පංති යනවයි කියලා ඇවිල්ලා මෙහෙම සිටින්නේ.. මට තේරෙන විදිහට මේවා බොහෝවිට කෙලවර වන්නේ හොඳ අවසානයකින් නොවේ.. අධ්‍යාපනය කඩාකප්පල් කරගැනීම 90% පමණ අවස්ථාවකදී සිදුවේ.. පැනලා යෑම්, අඩු වයසින් ගැබ් ගැනීම් හෝ සම්බන්ධතා බිඳ වැටීම් තමා අවසාන ප්‍රතිඵලය බොහෝ විට.. මෙහෙම කීවට පාසල් වයසේ ප්‍රේමයෙන් ජීවිත සාර්ථක කරගත් ජෝඩු නැතුවා නොවේ.. ළමයින්ටම ඇඟිල්ල දික් කිරීමත් සාධාරණ නැත.. නව යොවුන් වියේ අදහස් වලට ඔවුන්ට පමණක් ගැරහීම සාධාරණ නැත.. දෙමාපියන් මීට වඩා පොඩි කාලෙ සිට ළමයින් සමඟ සමීප සම්බන්ධතාවක් ඇති කරගන්නේ නම් නව යොවුන් වියේදිත් ළමයින් දෙමාපියන්ගෙන් ඈත් වීම අඩුවිය හැක.. එනම් දෙමාපියන් ලෙස පමණක් නොව ළමයාගේ හොඳම යහළුවා ලෙසත් දෙමාපියන්ට ක්‍රියා කල හැකි නම්.. එහෙත් වර්තමාන රස්සා, මුදල්, තත්වය මූලික කරගත් සමාජයෙහි මෙය සිදු වන්නේ ඉතා අඩු වශයෙනි.
මේ කතාවේ පැති දෙකක් තියනවා. ආදරය කියන්නේ ස්වභාවික දෙයක්. නමුත් අහිංසක ළමයි සල්ලාලයන්ට ගොදුරු වෙන්නත් පුළුවන්. ඒ හින්දා මේ වගේ දේවල් වලදී ගොඩක් ප්‍රවේශමෙන් වෙන්න ඕනේ. නමුත් මෙතන ලොකුම මෝඩ වැඩේ කරලා තියෙන්නේ පොලිසිය. ප්‍රසිද්ධියේ බස්වල දාගෙන ආපුවම ඒ ළමයි කොහොමද දෙමාපියන්ට, සමාජයට මුහුණ දෙන්නේ.
හොඳ වැඩේ දෙමාපියන් රවටලා බොරු කරලා මේ වගේ වැඩවලට යනවට....
අනේ අම්මපා, මේ අදහස් දාන අයද පොලීසියට කොටුවුණේ..? පන්ති යනවා කියලා මෙහෙම හිටියාම හරියනවාද? දෙමව්පියන් වියදම් කරන්නේ නොකානොබී... මම නම් කියන්නේ අල්ලලා බැඳලා දාන්නයි තිබුණේ.. කච්චේරියට බස් දෙකම අරගෙන ගිහින්... මේ අය ළඟ සුන්දර ආදරයක් කොහිද? මේවා සාධාරණීකරණය කරලා නීතිය ක්‍රියාත්මක කරන එක වළකන්න එපා.. දැන් අටේ, දහයේ පන්තියේ ඉඳලාම මේවා තියෙනවා.
පොලිස් මහතුනි ඔබට අපේ ප්‍රණාමය වගේම ඔබ කල දේ හරි ප්‍රසිද්ධියේ හෝ අප්ප්රසිද්ධියේ ,පෙම් කිරීමට ඉඩ නොදෙන්න. තරුණ ළමුන් විවාහ වන තුරු ප්‍රති ලිංගිකයන් සමග සම්බන්දකම් පැවැත් වීම තහනම් කරන්න. කාන්තාවකගේ අතින් ඇල්ලීම හා බැලීමත් නතරකල යුතු බව මගේ හැගීම හා අදහස.
හිරු එකග වෙමි.. එමෙන්ම දෙමාපියන්ද ළමයින්ට මීට වඩා ඔවුන්ගෙ අවශ්‍යතා හදුනාගෙන,හොද ළමා වියක් උරුම කරදී දැනුමෙන් පමණක් නොව මානුෂීය ගුණාංග වලින්ද සන්නධ්ධ කරන්නේනම් වඩාත් හොදයි. අද ළමයෙකුට මිතුරු මිතුරියන් සමග සෙල්ලම් කරන ළමාවියක් නැත.. ඩිජිටල්,සමාජ ජාල ලෝකය ඒ වෙනුවට ආක්‍රමණය කර ඇත.. හොදම මිතුරා එක්කෝ ටෙලිවිශනය නැත්තං කම්පියුටරය.. දෙමාපියන්ටද ළමයි පන්ති යන්නේනම් එහි දෙන ගණන් සාදන්නේනම් එතනින් එහාට දෙයක් නැත.. ළමයින් වැඩෙන්නේ ඔවුන් අත්විදින දේවල් අනුවය.. පොඩි කාලෙ හොද මානුෂීය ගුණාංග,හොද දේවල් දෙමාපියන් පෙන්නුවෙ නැත්නම් ළමයින්ද ඒවා පුරුදු වන්නෙ නැත.. අද ඩිජිටල්,සමාජ ජාල ලෝකය තුල ළමයින් නරකට මිස හොද දෙසට යොමුවීම නම් සිදු නොවෙන තරම්..
මෙම පොලිස් ලොක්කා මෝඩයෙක්.......මේ තරුණ ළමයි හෝටල් ගානේ යන්නද???
අහන්නත් සන්තෝසයි.ඔන්න පොලිසේ පොඩ්ඩන්ට බාර දූර රාජකාරියක් පවරලා. වෙන වැඩ නැහැනේ අහිංසක ජෝඩු පාර්ක් වලට පැනල අල්ලන.
මෙයාල අනුරාධපුරයේ තියෙන හෝටල් කාමරයකට නොගොහින් උද්‍යානයට ගියාට වෙන්න ඇති. මොකද හෝටල් කාමර අයිති කාරයෝ ලබල දෙන පගාව මදි ඇති.අනික නාගරික කොමසාරිස්ට නියෝග දෙන්න අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහානාමට තියෙන බලය කුමක්ද?
ඔය වගේ ස්තාන අශෝබනයි කියලා අයින් කරන්න ගත්තොතින්.සිද්දස්තාන ලග තියෙන පොලීසිත් සේරම අයින් කරන්න වෙනවා.මොකද පගා ගන්න ට්‍රෆික් පොලිස් අයත් ඉන්නෙ ඔවගෙනේ.එතකොට එක පට්ටම අශෝබනයිනේ..
පළමුව කිව යුත්තේ රටක උසාවිය හා පොලිසිය අනිවාර්යෙන්ම නිරාගමික විය යුතුයි , මෙහි අදහස් ටික ඔය සංජීව මහානාම කියෙව්වා නම් දැනුවත් වෙන්න පුළුවන් තමන් කෙතරම් අදුරදර්ශී මෝඩයෙක්ද කියල.ඔය බස් වලින් ගෙනල්ල කොඳු කැඩුවේ අන් අය ඉදිරියේ අසරණ කලේ රටේ අනාගත පරපුරයි.ඒ ළමයි මහා ලොකු වරදක් කලා වගේ තමන් ලොකු චන්ඩිකමක් කලා කියල පත්තරේටත් කියල හවසට දේශපාලකයින්ට කොන්ද නමන සර් කියාගෙන වැද වැටෙන මෙවන් ගොබ්බයින් පුනුරුත්තාපනය කළ යුතුයි .
මට හිතෙන්නේ සෞදි අරාබිය තව හොඳයි වගේ. නරකද ආගමික පොලිසියකුත් හදා ගත්තනම්.
පුතාලා, දූලා පාර්ක් යන්න එපා...
තරුණ ළමයින් ආදරේ කරන එක වරදක් නෙමෙයි නමුත් ඒකටත් සීමාවක් තියෙන්නේ ඕනේ නේද ? ටියුෂන් යනවා කියලා දෙමාපියන්ගේ සල්ලි අරගෙන දවසක් දෙකක් ගියාට කමක් නැහැ කියමු .ඒත් එහෙම එක දවසක් ගිය ළමයා හැමදාම කරන්නේ කරන්නේ ඒ දේම තමයි එයාට එයින් තොර ලෝකයක් නැ.ඒක තමයි ලෝක ස්වභාවය .ඒත් ගැටලුවකට තියෙන්නේ එතැන ඉන්න ළමයින්ගෙන් අති බහුතරයක් o/Lහොඳට සමත් අය සහ ගමේ ඉඳන් නගරයට ඇවිත් බෝඩින් වෙලා ඉගෙන ගන්න අය .ඒ ළමයින්ගේ දෙමව්පියෝ ගිනි අව්වෙ හේනක් කුඹුරක් කොටලා මාසයකට අවම වශයෙන් රුපියල් 12,000 ක්වත් තමන්ගෙ ළමයට බෑ නොකියා යවනවා .එහෙම සල්ලි යවලා දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ළමයා හොඳ පෙම්වතෙක් පෙම්වතියක් වෙන්න ඕනි කියලා නම් නෙමේ.අනිත් එක තමයි මෙහෙම ළමයින් හැමදාම ටියුෂන් කට්කරම ඒක කෙලින්ම බලපාන්නේ රටේ ආර්ථිකයට .
මෙවැනි සිදුවීම් දුරදිග යාම නිසා සිදුවන්නේ සිදු වන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම්, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන රට තුළ තව තවත් ඉහළ යාමයි. මීට යම් විසඳුමක් ලෙස ඉස්සර වගේ පාසල් තුල ලිංගික අධ්‍යාපනය පිළිබඳව වැඩ සටහන් පවත්වා,... ළමයින් තුළ පවතින ලිංගිකත්වය පිළිබඳ අනවශ්‍ය කුතුහලය තුරන් කර ළමා මානසිකත්වය ගොඩ නඟන්නේ නම් අද සමාජයේ තිබෙන එවැනි ගැටළු වලට විසඳුම් ලැබෙනු ඇත.
එක අතකට මිලේච්ඡයන්ට මොන දේවල්ද නේද? හරියට කළා නම් ඔය වැඩේ අහවරයිනේ...
පොලිසියකට තරුණ ගැහැණු ළමයෙකුට, ඇහැට කනට පෙනෙන ගැහැණු කෙනෙකුට පැමිණිල්ලක් දාන්නවත් යන්න බැහැ. පොලිසියේ ඉන්න සමහර පුද්ගලයින් නිසා. මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමනි, මෙවැනි පුද්ගලයන් ප්‍රථමයෙන් පොලිසියෙන් ඉවත් කරන්න. අහිංසක දරුවන්ට හිරිහැර කරන්න එපා. පුළුවන් නම් තරු පහේ හෝටල් පරීක්ෂා කරන්න.