ජූනි 27 තෙක් වැසි සක්‍රියව පවතින නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් ජූනි 27 වැනිදා දක්වා දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ දෙපාර්තමේන්තුව අද (23) දහවල් 12ට නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වේ. 23 June 2017
වෛද්‍ය වර්ජනය නතර කරන්න පස්වරු 3 වන තුරුත් තීරණයක් නෑ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර අද(23) දින ගෙවී ගිය කාලයේ රෝහල්වල රෝගී සත්කාර සේවා බිඳවැටී තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 23 June 2017
බලහත්කාරකමේ ගිය පොලිස් සැරයන් රිමාන්ඩ් පොලිස් නිළ ඇදුමින් ගොස් කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ සැරයන්වරයකු ජූලි මස 6 වන දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ රත්නායක මහතා අද (23) නියෝග කළේය. 23 June 2017
අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ලබන ජූලි 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් දුලානි එස්. වීරතුංග මහත්මිය අද(23) නියෝග කළාය. 23 June 2017
රුවන් යළි පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සෞඛ්‍ය හේතුන් මත පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වු බවත් ඒ සඳහා පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පත් කර ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. 23 June 2017
හලාවත රෝහලේ ගැටුමක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම පිණිස හලාවත දිස්ත්‍රික් මහ රෝහලට අද (23) දහවල් රෝගියකු රැගෙන ආ පිරිසක් හා රෝහලේ වෛද්‍යවරයකු අතර හට ගැනිමට ගිය ආරාවුලක් සමතයට පත් කළ බව හලාවත පොලිසිය කියයි. 23 June 2017
කල්ඉකුත් වු රට ඉඳි තොගයක් වනවාසලින් ඉදිරි කල්පිරුණු දිනයක් යටතේ වෙළෙඳපොළට නිකුත් කිරිම සඳහා නව ඇසුරුම්වලට සකස් කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු රට ඉඳි කිලෝ 1800ක් වනවාසල පෞද්ගලික ගබඩාවක දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අත්අඩංගුවට ගනු ලැබීය. 23 June 2017
ග්ලයිෆොසේට් නිසා බස්නාහිරට හානි ග්ලයිෆොසේට් කෘෂි රසායනිකය ගෙන්වා තේ වගාව සඳහා යෙදුව හොත් එයින් බස්නාහිර පළාගේ ජනතාව බරපතල සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ දෙනු ඇතැයි වකුගඩු රෝග පිළිබඳ පර්යේෂකයෙකු වන රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 23 June 2017
සයිටම් අර්බුදය ගැන පාර්ලිමේන්තු විවාදය අද සයිටම් අර්බුදය සම්බන්ධයේ ඊයේ(22) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට තිබූ විවාදය අද විවාදයට ගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා දැන්වීය. 23 June 2017
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත්විය. 23 June 2017
‘නාහිමිවරුන්ගේ අනුශාසනා අනුව අපි නිවෙනවා‘ - ඥානසාර හිමියෝ කියති රජය ඇතිවි ඇති ප්‍රශ්නවලට ඇහුම්කම් නොදෙන බවත් ඒවාට විසඳුමක් දිය නොහැකිව කට්ටි පනිමින් ඒවාට කතා කරන අය අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට කටයුතු කරන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ. 23 June 2017
තහනම් ක්‍රමයට මසුන් අල්ලන්න ගිය 17 ක් අත්අඩංගුවට ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 ක් මගින් තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත. 23 June 2017
සුවසිරිපායට ලක්ෂ නවයක හානි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන වල සාමාජිකයන් කලහකාරී ලෙස හැසිරීමෙන් සෞඛ්‍ය අමාත්‍යංශ දේපොළවලට (සුවසිරිපායේ) රුපියල් ලක්ෂ නවයක පමන හානියක් කර ඇතැයි පොලිසිය කියයි. 22 June 2017
අන්තරේ සුගතානන්ද හිමි රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී දේපොළවලට අලාභ හානි කළැයි සැකපිට අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ජූලි පස් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස් වීරතුංග මහත්මිය නියෝග කළාය. 22 June 2017
සයිටම් නිසා වෛද්‍යවරු ගහ ගනිති සයිටම් අර්බුදය නිමා කරමු මැයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විද්වත් සමුළුවකදී වෛද්‍යවරුන් පිරිසක් අතර ඇති වු ගැටුමකින් පහර කෑමට ලක්වූ එක් වෛද්‍යවරයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 22 June 2017
ඉඩම් පනත නැති නිසා අපදා වැළැක්වීම අපහසුයි ජාතික ඉඩම් පරිහරණ පනත මෙතෙක් සම්මත නොවීම ආපදා තත්ත්වයන් වළක්වාගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී එස්.කේ.දෙනියගෙදර මහතා පවසයි. 22 June 2017
ඇෆ්ඝනිස්ථානයට - අයර්ලන්තයට ටෙස්ට් වරම් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම පූර්ණ සාමාජිකයන් ලෙස ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය පිළිගනු ලැබ තිබේ. ඒ අනුව ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිවනු ඇත. අද (22 වැනිදා) පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබ ඇත. 22 June 2017
ලාහෝර් ප්‍රහාරයට අත්අඩංගුවට ගත් දෙදෙනෙක් නිදහස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් පකිස්ථානයේ ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සැකකරුවන් දෙදෙනෙකු මුදා හැරීමට එරට අධිකරණයක් නියෝග කර ඇතැයි එරට පළවන ද නේෂ්න් වෙබ් අඩවිය අද (22) වාර්තා කළේය. 22 June 2017
මහ බැංකු අධිපතිවරයා සීඅයිඩීයට පැමිණිලි කළැයි දැන සිටියේ නෑ පර්පචුවල් ටේරෂරීස් සමාගම, මහා බැංකුවට ලබාදුන් ඉතාමත් රහසිගත තොරතුරු මහජනතාවට පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පරීක්ෂණයක් සිදු කළ බව තමා දන්නා නමුත් ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කළේ මහ බැංකුවේ අධිපතිවරයා බව තමා දන්නේ නැතැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක තාක්ෂණ අධක්ෂක වසන්තද අල්විස් මහතා කියා සිටියේය. 22 June 2017
වන්දි ගෙවන්න මර්වින් සිල්වා එකඟ වෙයි කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නිවසක් නීතිවිරෝධි ලෙස කඩා ඉවත් කීරීමේ සිද්ධියට අදාළව එම නිවැසියාගේ කඩවූ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් වන්දි ලෙස රුපියල් ලක්ෂ හතරක මුදලක් ගෙවීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දු විය. 22 June 2017
අන්තරේ හිමිනමක් සොයා පොලිසිය රෝහලට ගිහින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කාර සුගතානන්ද හිමියන් වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමට යෑම නිසා අද සවස කොළඹ ජාතික රෝහලේ උණුසුම් තත්ත්වයක් ඇති විය. 22 June 2017
අද වැඩවර්ජනය වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගෞරවය නැති කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදී නීතිවිරෝධී ලෙස හැසිරුණු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඊට එරෙහිව වෛද්‍යවරුන් වැඩවර්ජන කිරීම ඔවුන්ගේ වෘත්තීය ගෞරවය නැති කරගැනීමක් බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. 22 June 2017
ලෝක ජනගහනය කෝටි 100කින් වැඩි වෙයි ලෝක ජනගහනය ඉදිරි වසර 13 ඇතුළත කෝටි 100කින් වැඩිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඒ අනුව වර්ථමානයේ කෝටි 760ක් වන ලෝක ජනගහනය වර්ෂ 2030 වනවිට කෝටි 860ක් වනු ඇත. 22 June 2017
ආණ්ඩුවෙන් යනවාද නැතිද තීරණය කරන කාලයක් සම්මුතිවාදී ආණ්ඩුවේ කාලය දෙසැම්බර් මාසයෙන් අවසන් වන බැවින් ඉදිරි මාස දෙක තුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතා වැදගත් වන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. 22 June 2017
බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගය ජූලි මැද අවසන් වෙයි වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි විභාගය ලබන ජුලි මාසයේ මැද වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා පැවසීය. 22 June 2017
සයිටම් නඩුව කල් යයි මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම්) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම ලබන ජූලි 05 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කළේය. 22 June 2017
‘වෛද්‍ය වර්ජනය ගැන රජය මෙතෙක් නොගත් ක්‍රියාමාර්ග ගන්නවා‘ - රාජිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් මෙතෙක් කල් නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සුදානම් යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 22 June 2017
දුම්රිය සහය රියදුරු වර්ජනය අවසන් දුම්රිය රියදුරු සහයක ශ්‍රේණියේ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවක් මුල්කරගෙන දුම්රිය රියදුරු සහායකයින් ඊයේ(21) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය අද(22) පස්වරුවේ සිට අත්හිටවූ බව රියදුරු සහායකයින්ගේ සංගමයේ උප සභාපති චන්ද්‍රසේන බංඩාර මහතා පවසයි. 22 June 2017
ඥානසාර හිමි පෙත්සම ඉල්ලා අස් කරගනී තමන්වහන්සේ අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයෙහි මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී. 22 June 2017
හිස් වූ උතුරු පළාත් අමාත්‍යධුර සඳහා අයදුම්පත් කැඳවයි උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය ධුරය හා අධ්‍යාපන අමාත්‍යධූරය සදහා නවක අමාත්‍යවරුන් දෙදෙනෙකු තෝරාපත් කර ගැනීම සදහා හෙට(23) අවසන් වීමට පෙර තමන් වෙත අයදුම්පත් ඉදිරිපත් කරන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා එම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයින් වෙත දැනුම් දී තිබේ. 22 June 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026