බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන
පුත්තලම මනල්තිව් ග්‍රාමය හරහා ගලා බසින මීඔයේ අතු ගංගා දෙකක් වන මහ ඇළ සහ නොතාරිස් ඇළ දෙපස පිහිටා ඇති වසර සියයකටත් වඩා පැරණි කුඹුක්ගස් 100ක් පමණ කපා දැමීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
ජනාධිපති ලේකම්වරයා එලෙස ලිඛිතව දැනුම් දී ඇත්තේ කුඹුක් ගස් කැපීම ගැන ජනාධිපති විමර්ශන ඒකකයෙන් කළ විමර්ශනයකට අවධානය යොමු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් වහා පියවර ගන්නැයි දුන් උපදෙන් අනුවය.
මෙලෙස කපා දැමූ කුඹුක් ගස් අතර වට අඩි 10ට වඩා විශාල ගස් රැසක් ඇතැයි ජනාධිපති විමර්ශන ඒකකය කළ විමර්ශනයෙන් අනාවරණය වී තිබේ. සියලු ගස් මුල ගිනි තබා විනාශ කිරීමෙන් පසු කපා ඇතැයි ද එම විමර්ශනයේදී හෙළිවීයැයි ජනාධිපති ලේකම්කාර්යාලය පොලිසියට දන්වා තිබේ.
මෙලෙස කුඹුක් ගස් විනාශ කිරීම දීර්ඝ කාලයක සිට සිදු කර ඇතත් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් එය නැවැත්වීමට කිසිත් කර නැතැයි ද ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයට ගොස් විමර්ශනය පැවැත්වූ ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්යක්ෂ රූබන් වික්‍රමආරච්චි මහතා සම්බන්ධ කරගෙන පරීක්ෂණ සිදු කරන ලෙස ජනාධිපති ලේකම්කාර්යාලය පොලිස් මූලස්ථානයට දන්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා බලාගෙන, සංහිඳියාවට එහෙම බාදා කරනවා නෙමෙයි ඔන්න.
කරල තියෙන්නේ නම් මහා විනාශයක්.
මෙය ඉතාමත් නහීන ක්‍රියාවකි. අපේ රටට සහ පරිසරයට ආදරය කරන ජනතාවක් රටේ නොසිටීම ගැන ශ්‍රී ලංකාවේ අභාග්‍යකි. රටට විනේ කටින එවුන්ට උපරිම දඩුවම් දීමට අදිකරණය කටයුතු කල යුතුය. මෙය වෙනත් රටක සිදු වුනා නම් සියලු නිලධාරීන්ට තම සේවය අහිමි වෙනවා පමණක් නොව වන්දි ගෙවීමටද සිදුවේ.
පරිසරයට හා අනාගත පරපුරට කර ඇති මේ මහා පාඩුව විනාශය, සදහා දායක වෙච්ච සියලුම රජයේ නිලධාරින් හා දේශපාලකයින් දැඩි දඩුවම් ලැබිය යුතුය. එහෙම නැතිනම් තවත් එක් නඩු නිමිත්තක් විධියට ඉතාම ලඝු කොට සලකලා දියාරු තීන්දු තීරණ අරන් ඉවතට එහෙම දමනවා නෙවෙයි.අපිට වුවමණා ඉක්මනින් මේවා නිවරදි වෙලා රට සාධාරණ සමාජයක් කරා ගෙන යන්නයි.
ඕව නං සහ ගහන අපරාධ .
ලංකාවට ඉතින් වැස්ස ඉතින් වහිද හැමදේම හොයන ගමන් අර විල්පත්තුව කපන එක ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න ගොඩාක් හොඳ දෙයක් ...
වැරදිකරුවන් සිංහල බෞද්ධ නම් පරීක්ෂණ පවත්තන්න. නැතිනම් එපා සංහිදියාවට හානිකරයි.
තව ටික කාලෙකින් නුවරඑළිය, බණ්ඩාරවෙල පැතිවල සීතල පහවෙලා රස්නේ වැඩි වෙනකොට මිනිස්සු පිස්සෝ වගේ ගස් කොළන් හොයා හොයා දුවයි. එතකොට වෙන්න ඕනේ හරිය සහමුලින්ම වෙලා ඉවරයි.