රංජක් කස්තුරි
ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික නිලධාරීන්ට සියයට 13ක වැටුප් වැඩිවීමක් ද, තාක්ෂණික නොවන නිලධාරීන්ට සියයට 6ක වැටුප් වැඩිවීමක් ද ලබා දීමට ලංවිල අධ්යක්ෂ මණ්ඩලය තීන්දු කර තිබේ.
එම වැටුප් වැඩිවීම 2017 ජනවාරි මාසයේ සිට ක්රියාත්මක වේ. ඒ අනුව මාස නවයක හිඟ වැටුපක් ද සේවකයන්ට හිමවනු ඇතැයි ලංවිම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට රට ගැන හැඟීමක් නෑ.ලක්ෂෙකට එහා පඩියක් ගන්න ගමන් තවත් ඉල්ලනවා. කරන වැඩකුත් නෑ. මේ අායතන පාඩු පිට පාඩු ලබන්නේ මේ අය නිසා. රටේ අැත්තටම වැටුප් වැඩිවිය යුතු අංශ ගැන කවුරැත් අවධානයක් නෑ. ගුරුවරුන්ගේ වැටුප එහෙම කියන්නත් ලැජ්ජයි.
මේ අයට රට ගැන හැඟීමක් නෑ. ලක්ෂෙකට එහා පඩියක් ගන්න ගමන් තවත් ඉල්ලනවා. කරන වැඩකුත් නෑ. මේ අායතන පාඩු පිට පාඩු ලබන්නෙ මේ අය නිසා. රටේ අැත්තටම වැටුප් වැඩි විය යුතු අංශ ගැන කවුරුත් අවධානයක් නෑ. ගුරුවරුන්ගෙ වැටුප එහෙම කියන්නත් ලැජ්ජයි.
හරිම අසාධාරණයි. පඩි වැඩි කරන්ඩ නෙමේ තියෙන්නේ.මොවුන්ව ගෙදර යවන්න.
පඩි වැඩි කළාට නම් කමක් නැහැ. හැබැයි විදුලි ගාස්තු වැඩි කරලා ජනතාවගේ ජීවන බර වැඩි කරන්න එපා. දැනටමත් ලංකාව තමයි විදුලි ගාස්තු ඉහළම රට. අන්තනෝමතික විදියට පඩි වැඩි කර ගත්තට රටේ ජනතාව වගකිව යුතු නැත.
මෙතන තියෙන ප්රශ්නය එක පන්තියකට ලොකු වැටුපක් ගෙවද්දී තව පන්තියකට එකෙන් නවයෙන් එකක් වගේ අඩු වැටුපක් ගෙවන එකයි. ලංවිම පාඩු ලබමින් එක පන්තියකට විතරක් විශාල ලෙස වැටුප් වැඩි කිරීම සාධාරණද ? අනෙක් පන්තිය වැඩි වැටුප් ඉල්ලන එකේ අසාධාරණයක් මම නම් දකින්නේ නැහැ. හැමදේකම සාපෙක්ෂතාවයක් තියෙනවා.
විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ගෙවන වැටුප් ප්රසිද්ධ කරන්න. එහල ඉඳන් පහළට කාගේත් වැටුප ජනතාව දන ගත යුතුයි. ජනතාවගෙන් වැඩිම වැඩි බහුතරයක් හට ගෙදර ගෙනියන පඩිය විසිදාහට අඩුයි.