(ටෝනි කරුණානායක)
නිතීවිරෝධී ලෙස බෝට්ටුවෙන් නවසීලන්තය බලා යමින් සිටි මඩකලපුවේ 28 දෙනකු ඉන්දූනිසියාවේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ආපසු ලංකාවට හරවා එවා ඇත.
ලංකාවට පැමිණීමෙන් පසු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදි සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය නියෝග කළාය.
ඇපකරුවන් සැකකරුවන්ගේ ළඟම ඥාතියා විය යුතු බවටද ඇප කොන්දේසි නියම කෙරිණ.සැකකරුවන්ට පෙබරවාරි 06 වැනි දා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ රටින් යන්න ඕනේ කෙනෙකුට කරුණාකරලා යන්න ඉඩ දෙන්න. මේ අය රටින් යන්න හදන්නේ මේ රටේ රැකියාවක් කරලා ජීවත් වෙන්න අමාරු නිසයි.
අනික් පාර ටීම් එක සමග යන්ට ලෑස්ති වෙන්න.
මේ අයට නොව දඬුවම් කල යුත්තේ හොර මිනිස් ජාවාරම් සංවිධානය කරන අයටයි.