බන්ධනාගාර රෝහල තුළ සහකාර වෛද්‍යවරුන්ගේ අධිකාරියක් පවත්වාගෙන යාමට උත්සහකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ප්‍රකාශ කරයි.
බන්ධනාගාර රෝහල තුල සහකාර වෛද්‍යවරුන් නව දෙනකු සේවය කරන අතර ඉන් වෛද්‍යවරුන් හත් දෙනකු වසර 05 ට වැඩි සේවාකාලයක් බන්ධනාගාර රෝහලේ කටයුතු කරන බවත් ඇතැම් සහාකර වෛද්‍යවරුන් වසර 10 ක පමණ කාලයක් අඛණ්ඩව බන්ධනාගාර රෝහලේ සේවයකරමින් සිටින බවත් එම සංසදය කියයි.
එබැවින් වසර පහකට වඩා සේවය කරන වෛද්‍යවරුන් සඳහා වහාම ස්ථානමාරුවීම් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සෞඛ්‍ය අමාත්‍යාංශයේන් ඉල්ලා සිටියි.
වෛද්‍යවරයකු අඛණ්ඩව රෝහලක සේවය කළයුතු කාලසීමාව වසර පහක් වවද බන්ධනාගාර රෝහල තුළ එය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කරයි.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර මාෆියා කල්ලිය බන්ධනාගාර ඇතුළේ ක්‍රියාත්මක උනේ නැත්නම් තමයි පුදුම වෙන්න ඕනා. ලෝකේ කිසිම රටක නැතිව ඇති මේ වගේ දොස්තර මාෆියා කල්ලියක්.
වැඩ වර්ජනයට සූදානම් දොස්තරලට තව හේතුවක් හම්බවෙලා වගේ......බොරුද බලන්න.
සම්බාහන මධ්‍යස්ථානවල ඉන්න වෙද මහත්තුරුනට උසස්වීමක් දීලා එවන්නකො මේ තනතුරුවලට.
දැන්නම් පොඩ්ඩක් රිදිලා වගේ. මෙච්චර කල් නොදැක්ක දෙයක් වගේ එකපාරටම කෑගහන්නේ බලලා මල්ලෙන් පනින්න වගේ. කට වහගෙන හිටියනම් හොඳයි රට හිනස්සන්නේ නැතුව. මිනිස්සු කොච්චර කල් මේක කිවුවද කරන්න කියල.