(රංජන් කස්තුරි සහ හර්ෂණ තුෂාර සිල්වා)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 8ක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද(20) රාත්‍රියේ අවසන් කළ බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින්ට සාමාන්‍ය පරිදි හෙට(21) පෙරවරුවේ සිට රාජකාරියට වාර්තා කරන්නැයි දැනුම්දුන් බවද එම සන්ධානය කියයි.
විදුලි සේවක වෘත්තීය සමිති නියෝජිතයින් කම්කරු දෙපාර්තමේන්තුවේදී කම්කරු ඇමැතිවරයා සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමැතිවරයා සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථකවූ හෙයින් තම වර්ජනය අවසන් කළ බව එම සන්ධානය සඳහන් කරයි.
විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික සේවකයින්ට 10%ත් 13%ත් අතර ප්‍රතිශතයකින් හා ලිපිකරු සේවකයින්ට 10%කින් ආදී ලෙස වැටුප් වැඩිවීමක් ලබාදීමට ලංවිම පාලනාධිකාරිය එම සාකච්ඡාවලදී එකඟතාවය පළකර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ගිය එක හොඳයි. නැත්නම් මේ අය ගුටිකනවා.
එතකොට අර හොරකම්, වංචා හා නාස්තිය ගැන කියපු දේවල් ගැන...!? ඒවා කරගෙන ගියාට අවුලක් නෑ කිව්වද?
වර්ජනය පටන් ගත්තේ අපේ විදුලි බිල අඩු කරන්න කියලා... අන්තිමට කොහොම හරි වැටුප වැඩි කරගත්තා.
සාපේක්ෂව බලනකල මෙම සේවකයන්හට ඉතාමත් අාකරෂනීය වැටුප් හිමිවේ. ඔවුන්ගේ සේවය වර්ජනය නමැති ආයුධය යොදාගෙන ඉහල තත්වයකට ඔසවා තබාගෙන තම මඩියම තරකරගන්නනවා. මෙය රටේ අවාසනාවන්ත තත්වයකි. එම සේවකයනුත් සාමාන්‍ය රජයේ සේවකයන් මෙන් සලකන්නේ නැත්තේ මොන හෙතුවටද ?
කිව්වේ දුෂණය නැති කරන්න විදුලි බිල වැඩිවීම නවත්වන්න වර්ජනය කරන්න කියල නමුත් ජනතාවට බදු බර. ජවිපෙ මොකද කියන්නෙ.
දැන් CEB එක රස්සාවල් වලට ඉතා ආකර්ශනීය තැනක් දේසපාලුවෝ ලක්ෂ ගණන් පාගා අරන් CEB එක පුරවනවා එතකොට අපේ බිල වැඩිවෙනවා CEB එක කම්බස් වෙනවා.
මට නම් කියන්න තියෙන්නේ ලැබෙන වැටුපට වැඩ කරනවා නම් අපිත් කැමතියි.