(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස බලකරමින් රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් , සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රවලට අයත් සේවක සේවිකාවන් හෙට (21) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිත ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සයිටම් විරෝධී ජනපවුර සංවිධානය මගින් සංවිධානය කරනු ලබන එම වර්ජනයට රටපුරා රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්,හෙද හෙදියන් ,සෞඛ්‍ය කාර්ය මණ්ඩල ,රජයේ පාසල්වල විදුහල්පතිවරුන් ,ගුරුවරුන් ,පිරිවෙන් ගුරුවරුන් ,විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ,අනධ්‍යයන සේවකයින් ඇතුළු පිරිසක් එම වර්ජනයට එක්වන බවද සයිටම් විරෝධී ජනපවුර සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මේ අතර රටපුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට(21) පෙරවරු 8.00 සිට ආරම්භ කරන වැඩ වර්ජනය අනිද්දා (22) පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි.
මාතෘ රෝහල්,ළමා රෝහල් ,පිළිකා ආයතන ,වකුගඩු ආයතන හා හමුදා රෝහල්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන අතර අනෙකුත් රෝහල්වල හදිසි ප්‍රතිකාර පමණක් සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර රෝහලේ තත්වය කොහොමද කියලත් දැනගන්න අාසයි රජයේ දොස්තර සංගමයෙන්... ඔබලා දැන් රටටම විහිළු සපයන්නන් බවට පත්වීම පිළිබඳ අපට ඇත්තේ දුකක් පමණයි. එයට වග කිවයුත්තේ ද ඔබම වීම ගැන අපට ඇත්තේ සතුටකි.
මම දන්නා පරිදි, සයිටම් එකේ මෙදිචාල් කියන්නේ එක අංශයක් පමණි. මුළුමනින්ම අහෝසි කරන්නේ කොහොමද? එතකොට අනෙක් අංශවල ළමයින්ට මොකද වෙන්නේ?
දොරේ ගලනවයි කියන ප්රජාතන්ත්රවාදය හින්දා මේ ජන පීඩකයන්ට විරුද්ධව මොකුත් කරන්න ආණ්ඩුව බයයි. ලෙඩ්ඩු මැරුණට කමක් නෑ, ඔවුන් ප්‍රාණ ඇපයට අරන් නොමරා මැරෙන්න ඇරියට කමක් නෑ. අපි කරබාගෙන ඉන්නවා කියන එක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. එක අතකට ආණ්ඩුවේ ලොක්කෝ ලංකාවේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නෙත් නැති හින්දා, දුප්පත් ලෙඩ්ඩු විඳින දුක ගැන වැටහීමකුත් නැහැනේ.
රජයේ විශ්ව විද්‍යාල රජයේ පාසල් සිසුන් සඳහා වෙන් කර ඇත. පුද්ගලික පාසල් වලින් එන සිසුන් සඳහා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හැර අනෙකුත් විශ්ව විද්‍යාල ඇත. පුද්ගලික පාසල් වලින් බිහිවෙන වෛද්‍ය වරයෙක් වීම සඳහා සිහින දකින සිසුන්ගේ සිහින සැබෑ කරගැනීම සඳහා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් බිහිවන්නේ කවදාද? එහෙම නැතිනම් අපි පුද්ගලික පාසල් සියල්ල රජයට ගන්නා තුරු සියලු පුද්ගලික පාසල් වර්ජනය කරමුද? එ්කට හැමෝගෙම සහයෝගය දෙනවද?
මේ ඔස්තාර්ලා ගැන දැන්නම් කේන්තිත් යනවා. මේ කරන මෝඩ වැඩවලට..
ජය වේවා සයිටම් අහෝසි කරන සටනට. ඕකඔ කොහොම හරි වහලා දාන්න. සාමාන්‍ය ජනතාව විදියට අපේ සම්පුර්ණ සහයෝගය ලබා දෙනවා නිදහස් අධ්‍යාපනය රැක ගන්න උත්සාහ කරන ඒ විද්වතුන්ට. හැබැයි මේක මෝඩයන්ට තේරෙන්නේ නැති එක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද බහුතරයක් දෙනා මේ ගැන ඉතා බුද්ධිමත්....
සයිටම් එපානම්, පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපානම් රජයේ වෛද්‍යවරුන්ට පුද්ගලික වෙදකමත් (ප්‍රයිවෙට් ප්‍රක්ටිස්) සියල්ල නැති කරමු. සෞඛ්‍ය සේවයේ සියල්ල රජයෙන්.. රජයේ වෛද්‍යවරු ප්‍රයිවෙට් කලොත් විසි අවුරුදු සිර දඩුවම්.. කැමතිද වෛද්‍ය සංගමය?
හේමා හොඳ කරුණක් මතු කළේ. පෞද්ගලික පාසල් වල ළමයින්ට ශ්‍රී ලංකා උසස් පෙළ හා ශ්‍රී ලංකා සාමාන්‍ය පෙළ ලිවීමට හැකිවනසේ නීති සංශෝධන ගෙන ආ නොහැකිද?පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අනවශ්‍යයි.
දොස්තරලා මෙහෙම වර්ජන කරනකොට ලෙඩ්ඩු ඉතිරි වෙන එකක් නැහැ.
ඔය වර්ජනය එක දිගට මාස තුන හතරක් කරන්න. මොලේ කළඳක් නැති, දොස්තර මාෆියාවට ආ වඩන, ඔයාලට පිනට උගන්වන්න බදුගෙවන අයට ඔහොම වෙලා මදි !!!
නිර්මාණයට වඩා විනාශය අගය කරන අධර්මිෂ්ඨ අඥානයෝ ඉන්න සමාජයක කුහක මිලේච්ජ පැතිකඩ බොහෝ අදහස් වලින් පැහැදිලියි.සයිටම් එකේ විතරක් නෙමේ, කොතලාවල ආයතනයේත් ලාංකික සිසුන්ට වෛද්‍ය විද්‍යාව හැදෑරීම තහනම් කර ඇති රටේ, ලොකුවට හිතාගෙන ඉන්න පිනුම් අප්පුලා බඩ පිනුම් ගහනවා දැක්කම අපිට නම් හිනා යනවා. සම හරකගෙ අදහස් දැක්කම වෛද්‍යවරු විතරක් නෙමේ, මේ සිරි ලංකාවට මොන්ටිසෝරි ගුරුවරුත් ආනයනය කල යුතුයි කියලයි මට නම් හැඟෙන්නේ. අමනයින්ගේ සමාජයේ වර්ජනයත් ජාතික මෙහෙවරක්ලු?????
නාරද කොමෙන්ට් දාන්න පුළුවන් කම තිබුනට පට්ටපල් බොරු ලියන්න එපා.අද වෛද්‍ය විද්‍යාලයක නෙමේ රජයේ හෙද විදුහලකවත් අවම සුදුසුකම මොකක්ද දන්නවද?බී3ත් නෙමේ ඊට වඩා ටිකක් අඩු සුදුසුකම් වලට පුත්තලමෙන්,හම්බන්තොටින් යන්න ඇති අවුරුදු බර ගාණකට කලින් හැබැයි ඒ කාලෙ වැඩ 3 සමත් වෙනවා කියන්නෙත් සෑහෙන දෙයක්.ඒකනිසා රටේ නැති බොරු ඇත්ත විදිහට පෙන්නන් නැතුව ඉතුරු ළමයින් ටිකටවත් ඉගෙනගන්න කාලෙ හරි පාර පෙන්නන්න උත්සාහ කරන්න.
මේ රටේ වංචාවට, දූෂණයට යටවෙන සල්ලි, මන්ත්‍රී වරප්‍රසාද ආදිය අඩු කළොත් රාජ්‍ය උසස් පෙළ අධ්‍යාපන අවස්ථා පුළුල් කල නොහැකිද?රටේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි රාජ්‍ය උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්න. ජීව විද්‍යාව කරපු 100%ම වෛද්‍යවරු කිරීම, ගණිතය හැදෑරූ සියල්ලම ඉංජිනේරුවන් කිරීම රටේ අවශ්‍යතාවය නොවේ. රටට ඇති තරම් එම වෘත්තිකයන් බිහිකර, අනෙක් ළමයින්ද සුදුසු තෘතීය අධ්යාපනයනයකින් පසු රටේ ශ්‍රම බලකායට අනුකූල වෘත්තියකයන් බවට පත්කරන්න. හැකිනම් අනෙක් රාජ්‍ය පාඨමාලා වලත් සුදුසු කාලීන වෙනස්කම් හෝ නැවත ව්‍යූහගත කරන්න. උපාධිධාරීන් රැකියා නොමැතිව සිටිනවා යනු ඒ සඳහා වියදම් කල ජනතාවගේ බදු මුදල් අපතේ යැවීමක් නොවේද? දේශපාලනය පක්ෂ, පාට නොබලා සුදුස්සාට, සුදුසු තැන දී මේ රටේ තරුණ පරම්පරාව නිවැරදි පරිදි හසුරුවා ගන්න. එවිට 86%කට පොල් කැඩීමට සිදුවන්නේ නැත. අතේ මුදල් තිබෙන නිසා තම දරුවාටද දොස්තර විය නොහැකිද? යන සිතුවිල්ල පමණයි දැන් තිබෙන්නේ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් දක්ෂයාට ඉහළට යෑමට තිබෙන අවස්ථාව වන නිදහස් අධ්‍යාපනය ක්‍රමයෙන් විනාශ වී යෑමයි මෙයින් සිදුවන්නේ....