මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට ද්විත්ව පුරවැසිභාවය නිසා පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය දැරීම නුසුදුසු බව තීරණය කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනය විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
අගවිනිසුරු ප්රියසාත් ඩෙප් මහතා විසින් එම විනිසුරු මඬලුල්ලට නම් කරන ලද්දේ සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න, බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්න ජයවර්ධන සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද්විත්ව පුරවැසි භාවය තිබෙනවාද? නැද්ද ? යන්න ඊට අදාල වූ ලියවිල්ලක ඇති කරුණක් පදනම් කරගෙන දෙන ලද නඩු තීන්දුවක් අභියෝගයට ලක් කරමින් ඉදරිපත් කරන ලද අභියාචනයක් බවයි අපට වැටහෙන්නේ. අභියාචනා විභාගයකදී අලුතෙන් කරුණු විමසන්නේවත්, එකතුකරන්නේවත් නැති බවයි අපට තේරුම් ගොස් ඇත්තේ. ඉතින් මේ කාරණාව ගැන ගරු විනිසුරුතුමන්ලා එක්කෙනෙක් බැලුවත් පස් දෙනෙක් බැලුවත් විවිධ අයුරින් පෙනෙන්න ඉඩකඩක් තිබෙනවාද කියන එක අපට නොතේරෙන දෙයක්. හැබැයි ඉතින් අර කවුදෝ කිව්වා වාගේ රටේ සිදුවන යම් යම් දේවල් හා අදාළ රටාවන් පරිදී ඉදිරි අවුරුදු දෙකහමාරක කාලය කල්මැරීමේ වැඩ සටහනක් ද කියලා තේරෙන්නේ නම් නැහැ.
ද්ව්ත්ව පුරවැසි බව හිමි අයකුට ශ්‍රී ලංකාව තුල වත්කම් හා අනෙකුත් ඓතිවාසිකම් දැරීමට හැකියාව ඇත. ජාතික හැඳුනුම් පතකත් ලබාගැනීමටද පුළුවන. මැතිවරණයකදී අපේක්ෂ්කයකුලෙස ඉදිරිපත්වීමටද හිමිකම් ලබාදීමේ වරදක් මට නොපෙනේ. විදේශ සම්බන්ධතා හේතුවෙන් එවන් නකුගෙන් රටට වාසියක්ද ගෙනදෙතයි සිතිය හැකිය.ගීත කුමාරසිංහ මා දන්නා අයකු නොවේ. නිමල් සමරතුංග
නාගානන්ද කොඩිතුවක්කු මහතාණෙනි, රන්ජන් රාමනායක මහතාණෙනි, ඔබ කියූ දේ කොතරම සත්‍යද? කිසිම ජාතික වැදගත්කමක් නැති මේකට පංච පුද්ගල මඩුල්ලක්. පරාජිතයන් අර ලැයිස්තුව හරහා පස්ස දොරෙන් දියවන්නාවට රිංගන එක ගැන කතා නෑ.
පැහැදිලිවම ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කියලත් තියෙද්දී, මෙතුමියගේ මන්ත්‍රී කම අනිවාර්යයෙන්ම අහෝසි කලයුතුමයි. මෙයට ඡන්දෙ දුන්නේ බෙන්තරින් නෙවෙයි, මහින්දට සපෝර්ට් කරපු හින්ද මුතුහෙට්ටිගේ ඡන්දෙ දෙවෙනි මනාපෙන් ගොඩ ගිය කෙනෙක් මෙයා.
තනි පුරවැසි කම තිබුනත් ඉතින් කරන වැඩක් නැනේ.
මෙය ඉතාමත් තීරණාත්මක සහ පුර්වධර්ශි නඩු තීන්දුවක් වේවි
ජාතික වැදගත්කමක් නැති මේ වගේ නඩුවලට විනුසුරුවන් 5 ක්. ආගමන විගමන දෙපාර්තමේන්තුවෙ ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා. මේවට අනුමැතිය දෙන අයට මොලේ පැදේවා
රටක පාර්ලිමේන්තුව කොතරම් උත්තරීතර තැනක්ද? එත් මෙවෙනි අය පාර්ලිමේන්තුවට යැවීමෙන් මහජනතාවට ලැබෙන දෙයක් නැහැ. මේ අය තමන්ගේ විශ්‍රාම වැටුප හදාගෙන වාහන පෙර්මිට් එක අරගෙන තමන්ගේ දේවල් කරගනී. අවශ්‍ය වන්නේ උපාධියක් ඇති තරුණ උගත් කෙනෙක් පාර්ලිමේන්තුවට යැවිමයි.
මේවගේ නඩු වලින් වාසි ඇති වන්නේ කළු කෝට්කාරයන්ට පමණයි.