හදවත් සැත්කමෙන් දෙමස් වියැති බිළිඳා මියයයි හදවතේ සිදුරක් සහිත වු මාස 02 ක් පමණ වයසැති දරුවකු ළමා හෘද රෝග විශේසඥ වෛද්‍යවරයාගේ අනුදැනුමකින් තොරව කරනු ලැබු ශල්‍යකර්මයකින් පසුව මියගොස් ඇතැයි ගාල්ල කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි. 21 June 2017
හිස් වූ උතුරු පළාත් අමාත්‍යධුර විග්නේෂ්වරන් පවරාගනී උතුරු පළාත් කෘෂිකර්ම ගොවිජන සේවා අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත පවරාගනිමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි විග්නේෂ්වරන් මහතා අද (21) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 21 June 2017
බලහත්කාරකමේ ගිය පොලිස් සැරයන් ගුටි කා රෝහලේ කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයෙකුට එම කාන්තාව පොල්ලකින් පහරදී ඇති අතර බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. 21 June 2017
ඥානසාර හිමිට නඩු තුනෙන්ම ඇප බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවැති තවත් නඩුවකදී ඒ හිමියන් රුපියල් 10000ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය. 21 June 2017
ප්‍රශ්න ඇසූ නිතිඥයාට විනිසුරුගෙන් අවවාද පේ‍්‍රමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව විභාගවන නඩුවේ දී පැමිණිල්ලේ සාක්කිකරුගෙන් ආවේගශීලී නොවී ප්‍රශ්න අසන්නැයි රත්නපුර මහාධිකරණ විනිසුරු නීතිඥවරයාට අද(21) උපදෙස් දුන්නේය. 21 June 2017
කරදියාන පාරේ කුණු දැමූ 40කට නඩු ඉදිරිපිට මාර්ගයේ දෙපසට කසළ මුදා හැරි බව කියන සැකකරුවන් 40 දෙනකුට එරෙහිව නඩු පැවරූ බව පිළියන්දල පොලිස් පාරිසරික ඒකකය කියයි. 21 June 2017
ඥානසාර හිමිට යළිත් ඇප සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඇප නියම කළේය. 21 June 2017
ඥානසාර හිමි අත්අඩංගුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගනු ලැබූ බව එහි ආරංචි පවසයි. 21 June 2017
එස්බී අස්ගිරි මහ නාහිමියන්ගෙන් සමාව ගනී සමාජ සවි බල ගැන්වීම් හා සමාජ සුභ සාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා අස්ගිරි මහ නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයෙන් අද (21) පෙරවරුවේ සමාව ඉල්ලා සිටියේය. 21 June 2017
ඇතැම් ක්‍රීඩකයන් සෙල්ලම් කරන්නේ ඉන්දියාවට - ක්‍රීඩා ඇමති ඇතැම් ක්‍රීඩකයන් ලංකාවෙන් ශාරීරික යෝග්‍යතාවය (ෆිට්නස්) හදාගෙන ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන බව ක්‍රීඩා ඇමැති සහ කැබිනට් සම ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කීවේය. 21 June 2017
ගිනි නිවන හමුදාවට බොරු කළ අයෙක් සොයයි කොම්පඤ්ඤවීදිය වෑකන්ද ප්‍රදේශයේ බේකරියක් ගිනි ගන්නා බවට ගිනි නිවන හමුදාව වෙත ව්‍යාජ පැමිණිල්ලක් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කොම්පඤ්ඤවීදිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 21 June 2017
ඥානසාර හිමි අපරාධ මැඩලීමේ ඒකකයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට පැමිණියේය. 21 June 2017
හෙරොයින් ප්‍රවාහනය කළැයි දිවි ඇති තෙක් හිරගෙට හෙරෝයින් මත් කුඩු සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණයේ වැරදිකරුවකු වු පුද්ගලයකුට ඡීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු ඇන්ටනී කීටස් ඩෙප්ත් මහතා අද (21) නියම කළේය. 21 June 2017
දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ක්‍රියාත්මක කිරීමට සිටි වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා පවසයි. 21 June 2017
ආගම් අතර ගැටලු ගැන පැමිණිලි 21ක් ආගම් අතර ගැටලු ඇති කිරීම් ගැන පැමිණිලි 21 ක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. 21 June 2017
ඥානසාර හිමිට ඇප කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 21 June 2017
බ්‍රසල්ස් දුම්රිය ස්ථානයක පිපිරීමක් බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදි මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට පැමිණි බවට සැක සහිත පුද්ගලයකු ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇතැයි වාර්තා වේ. එම අවස්ථාවේ කුඩා පිපිරීමක් සිදු වූ බවත් කිසිවකුටත් හානි නොවූ බවත් බලධාරීහු පවසති. 21 June 2017
පළාත් පාලන මැතිවරණ කොට්ඨාස ගණන 4500කට අඩුවෙයි නව සීමා නිර්ණයන්ට අනුව පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 දක්වා අඩුකළ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන ඡන්ද විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ දැක්වේ. 21 June 2017
ඥානසාර හිමියෝ උසාවියට බාරවෙති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මීට ස්වල්ප වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධීකරණයට බාර වූහ. 21 June 2017
නවක වදය දුන් සිසුන් නවයකට පන්ති තහනමක් නවක වදය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අග්නිදිග සරසවියේ කළමණාකාර පීඨයේ සිසුන් නව දෙනෙකුට මාසයක සරසවි තහනමක් පැනවූ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.එම්.එම්.නාජිම් මහතා ලංකාදීපයට පැවසීය. 21 June 2017
දඹුලු විහාරයේ ප්‍රවේශපත්‍ර බලය සංස්කෘතික අරමුදලට ලෝක උරුමයක් වන රන්ගිරි දඹුලු ලෙන් විහාර සඳහා ප්‍රවේශපත්‍ර නිකුත්කිරීමේ බලය මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 20 June 2017
කොස්ගම ගෑස් කඩයක ගින්නක් කොස්ගම කනම්පැල්ල හන්දියේ ගෑස් අලෙවිසලක හා ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලක ඇතිවූ ගින්නකින් කොළඹ-අවිස්සාවෙල්ල මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ. 20 June 2017
උතුරු පළාත් අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි උතුරු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික ක්‍රීඩා අමාත්‍ය ටි. ගුරුකුල රාජා මහතා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (20) සවස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා වෙත භාරදී තිබේ. 20 June 2017
රජයේ ගිණුම් විගණනය කිරීම ප්‍රතික්ෂේප කළා-විගණකාධිපති මුදල් අමාත්‍යංශය සකස් කළ 2016 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා රජයේ ගිණුම් විගණනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් මතයක් පළ කිරීම තමා ප්‍රතික්ෂේප කළ බව රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය. 20 June 2017
උතුරු පළාත් සභාපතිට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නවා-විග්නේෂ්වරන් උතුරු පළාත් සභා මන්ත්‍රීන් 21 දෙනකු විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංගය පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා විසින්ම ආණ්ඩුකාරවරයා වෙත බාර දීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් ඔහුගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් පළාත් සභාවේදී විවාද කර ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. 20 June 2017
ආයෝජන මණ්ඩලයේ සභාපති අසාද් සාලිගෙන් වන්දි ඉල්ලයි කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තමාගේ කීර්තිනාමයට සිදුකළ අපහාසය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී සහ ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි ගෙන් රුපියල් කෝටි 10ක වන්දි මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය. 20 June 2017
‘ඥානසාර හිමිගේ හැසිරීම අනුමත නොකළත් මතවාද වැදගත්‘ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ ආවේගකාරී හැසිරීම් රාටව හා අදහස් ප්‍රකාශන ශෛලිය අනුමත නොකරන නමුත් ඒ හිමියන්ගේ මතවාද බැහැර නොකරන බව අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව කියයි. 20 June 2017
බාලවයස්කාර විත්තිකරුවකුට මරණ දඬුවම දිය නොහැකියි වයස අවුරුදු 18ට අඩු බාල වයස්කාර විත්තිකරුවකුට යාපනය මහාධිකරණය විසින් නියම කරනු ලැබූ මරණ දඬුවම ඉවත් කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපති ගොනු කළ මෝසමක් අභියාචනාධිකරණය විසින් අද (20) නිෂ්ප්‍රභ කළේය. 20 June 2017
සිරුරට ගිනි ඇවිලී වතුකම්කරුවෙක් මරුට බගවන්තලාව ෆෙටිරසෝ වතුයායේ වතුකම්කරුවකුගේ සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත්වි ඇතැයි බගවන්තලාව පොලිසිය පවසයි. 20 June 2017
පිළියන්දල වෙඩි තැබීමට ගෙන ආ ගිනිඅවියක් සොයා ගැනෙයි පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමට රැගෙන ආ බව කියන මිලිමීටර් නවය ගිනි අවියක් සහ උණ්ඩ අටක් ඉංගිරියේ හඳපාංගොඩ නිවසක් පිටුපස ගල් දෙබොක්කාවක සඟවා තිබියදී සොයාගත් බව මිරිහාන පොලිසිය කියයි. 20 June 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026