(විනීතා එම් ගමගේ)
විදුලි වර්ජනය අතරතුර සිදුවූ විදුලිය බිඳ වැටීම්වලින් 95%ක්ම කඩාකප්පල්කාරී ක්‍රියා බව විදුලි බල ඉංජිනේරුවන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික අතුල වන්නිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
මෙවැනි කඩාකප්පල්කාරි ක්‍රියා වැඩිම ප්‍රමාණයක් සිදුවූයේ අම්පාර දිස්ත්‍රික්කයේ යැයි ද ඔහු කීවේය.සේවයේ යෙදෙන සේවක පිරිස සමඟ හැකි උපරිම අන්දමින් නඩත්තු කටයුතු කරන බව ඒ මහතා කියයි.
විශ්‍රාමිකයින් කිහිප දෙනකු මණ්ඩලයේ ඉල්ලීම අනුව සේවයට වාර්තා කළ බවත් සඳුදා තවත් පිරිසක් එනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසයි.
බලධාරීන් වැරදි තීන්දුවක් ගෙන ඇත්නම් අධිකරණය ඉදිරියට යා හැකිව තිබියදී ජනතාව අපහසුතාවට පත්කිරීම අනුමත කළ නොහැකි බව ද වන්නිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට අනුව දැඩි දඬුවම් දිය යතුය.
විදුලිය සැපයීම තවම අත්‍යවශ්‍ය සේවයක් හැටියට පත්කර ගැසට් කරලා නැද්ද ? පුවත්පත් වාර්තාවක් අනුව අසරණ පුද්ගලයෙක් අවාසනාවන්ත මරණයකට පත්කිරීමට මෙවැනි කඩාකප්පල්කාරී බිඳවැටීමකුත් හේතුවී තිබෙනවා නේද ? වැඩට වාර්තා නොකරන සේවකයන් හෝ වෙනත් අය වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කිරීමට දැන් කාලය එළඹී තිබේ. විදුලිය සැපයීම, ජල සැපයීම, ඉන්ධන සැපයීම, හෙද සේවා මහජනයාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය සේවා නොවේද ?
මේ නීති විරෝධී, කුහක, අමානුෂික වර්ජිතයන් විදුලි පුටුවල හිඳුවන්න! ඒ උනත් ඒකටත් විදුලිය තියෙන්න ඕන නේ !!!!