විදුලි වැඩ වර්ජනය නිසා දින හතරක් තිස්සේ තමන්ට විදුලිය නැතැයි කියමින් අම්පරේ විදුලි පාරිභෝගිකයෝ පිරිසක් වීරගොඩ විදුලි පාරිභෝගික මධ්‍යස්ථානය අද පැමිණියහ.
රාත්‍රී කාලයේ අලින් ගම්වදින බවත් හදිසියේ ලෙඩෙක් පවා රෝහලට රැගෙන යාම මහා අනතුරක් බව ඔවුහු පැවැසූහ. උහන ප්‍රදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ගන්තුනේ සිචින්න හිමියන් ඇතුඵ පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
වගකිය යුතු නිලධාරීයකු නොමැති නිසා හෙට දිනයේ විසැදුමක් දෙන බවට මධ්‍යමකඳවුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඩී.එස්. බාලසූරිය මහතා පොරොන්දු වීමෙන් පස සියලුම දෙනා විසිරගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව නිවේදනයක් දැම්මේ වැඩ වර්ජනය අසාර්ථකයි කියලා. එහෙනම් මේ අම්පාර තියෙන්නේ ලංකාවේ නෙමෙයි වෙන කොහේ හරි රටක වෙන්න ඇති.
මේ වගේ අය තමයි අපිට ඕනේ, හරි දෙයකට උදව් දෙන...
කැප කරන්න තව මාසයක් වත් කරුවලේ ඉඳලා රජයට සහයෝගය දෙන්න. රට පාලනය කරන්නෝ කළුවරේ නැත. ඡන්දේ දුන් අපි කළුවරේය.