(ඉන්දිකා රාමනායක)
කොළඹ නගරයේ විනීතව හා විනයගරුකව රිය පදවන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට මුදල් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් හෙට (18) පෙරවරුවේ සිට සතියක් පුරා කි‍්‍රයාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කර ඇති අතර හෙට (18) පෙරවරු 8.30 නෙළුම්පොකුණ රඟහල ඉදිරිපිටින් පොලිස්පතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වීමට නියමිත ය.
පොලිස් නිලධාරීන් යොදවා රියදුරන් නිරීක්ෂණය කර විනීතව රිය පදවන රියදුරන් හඳුනාගෙන ස්ථාන කිහිපයකදීම එම රියදුරන්ට ප‍්‍රසංසනාත්මක ස්ටිකර් හා ත්‍යාග වවුචර් පිරිනමන බවද පොලිස් මුලස්ථානය කියයි.
ඉකුත් අගෝස්තු මස 15 වැනි දා සිට 20 වැනිදා දක්වා මහනුවර නගරය ආශි‍්‍රතව ද මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කර තිබු බවත් එහිදී නීතිගරුක හා විනයගරුක රියදුන් 300 ට ත්‍යාග වවුචර් පිරිනැමු බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් දන්නා විදියට අවිනීත රියදුරන්ගෙන් පොලීසියටද බොහෝ තෑගි ලැබෙනවා.
අවුරුදු 5ක් නොකඩවා මාර්ග නීති කඩ නොකළ අයට සහතිකයක්ද දෙනවා නම් හොඳයි.
පාරේ හරියට යනවා කියලා තෑගි දෙන්න තරම් අපේ රටේ මිනිස්සුන්ගේ විනය පිරිහිලාද? වැරදි කරුවන්ට හරියට දඬුවම් දෙන්න. පොලිස්පතිතුමාගේ ගෙදර සල්ලි නෙමෙයිනේ ඔය දෙන්නේ අපේම බදු සල්ලිනේ...
ඩුබායි වල මේ වැඩසටහන පොලිසියෙන් කරලා එක අයකුට ඩිරාම් 1000ක් බැගින් තෑගි ලෙස රියදුරන් 500 කට දුන්නා. බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වුණු වැඩසටහනක්...
බොරු වැඩ. ඔය ස්ටිකර් ගහ ගත්ත ත්‍රීරෝද කරැවෝ දැන් නුවර යන විදිය පොලිසිය දැකලා නැතිව ඇති