චාපා මධුභාෂිණි
මැදිරිගිරිය මීගොල්ලෑවේ හේනක ගස් බෙනයක සඟවා තිබූ රන් පැහැති ලෝහමය පිළිමයක් සොයාගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
උසින් සෙන්ටිමීටර් 14 සහ පළලින් සෙන්ටිමීටර් 12 පමණ මෙම පිළිමය සමාධි ප්රතිමාවක් ආකාරයට නෙළා ඇත.
ඉටි බෑගයක ඔතා ගස්බෙනය සඟවා තිබියදී සොයගෙන ඇත්තේ අසල හේනක ගෙවියෙකි විසිනි.
මෙය කිසිවකු විසින් පසුව රැගෙන යන්නට සඟවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඹ රන් සහ රත්තරන් අතර වෙනස දන්නා කෙනෙක් ඉන්නවනම් පහදලා දෙනවද? පොඩි කාලේ ඉඳලා ඇහිච්ච වචනයක් නමුත් වෙනස දන්නේ නැහැ.
දැන් ඉතින් ඔය පිළිමේ මහා මෝරෙක් ගිලගනීවී.
හැබෑටම ගොවියෙක් හොයලා දීපු පිළිමේ එක්ක පොලිසියේ අය ඉඳලා පොටෝ ගහන්නේ මොකද? මේක හැමවිටම වෙන දෙයක් ..
මේ පිළිම වහන්සේ සොයාගත් ගොවි මහතාගේ දෑතේ පිළිමය තබා පින්තුරයක් පත්තරවල පල කලා නම්, ඔහුට පුවත කියවන හැමෝම පින් දෙනවා ඇති. ඒ මනුස්සයාගේ හැටිවත් අපිට දකින්න නොලැබීම එයාගේ අවාසනාවක් නොවේද ?