පර්පෙචුවල් ට්‍රෙෂරීස් පෙත්සම සලකා බැලීම කල් යයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා පර්පචුවෙල් ටේරෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ජූලි 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය. 20 June 2017
බස්ගාස්තු වැඩිවෙයි බස් ගාස්තු 6.28%කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇත.ඒ අනුව ජූලි 01 වැනිදා සිට අවම බස් ගාස්තුව රුපියල් නවයේ සිට රුපියල් 10 දක්වා වැඩි වෙනු ඇත 20 June 2017
දූෂණ සෙවූ කමිටුවට නඩු දමන්න යයි දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ෂණය කළ ත්‍රිපුද්ගල කමිටුව තමා සම්බන්ධයෙන් පදනම් විරහිත සාවධ්‍ය චෝදනා හා කරුණු ඇතුළත් කරමින් වාර්තාව සකස් කර ඇති බවත් මෙම කමිටුවට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බවත් උතුරු පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේසන් මහතා සදහන් කළේය. 20 June 2017
ගැලනිගම ආපනශාලාවක මුදල් කොල්ලයක් බණ්ඩාරගම ගැලණිගම ආපනශාලාවකට අද (20) උදේ පැමිණි පුද්ගලයකු ආපනශාලාවේ අයකැමි කවුන්ටරයේ මුදල් සොරා ගන්නා අයුරු සිසිටීවී කැමරාවේ සටහන් වේ. 20 June 2017
මහ බැංකුව වැරදි තොරතුරු ලබා දුන්නා-විගණකාධිපති බැඳුම්කර නිකුතුවට අදාළව මහ බැංකුව තමාට වැරදි තොරතුරු ලබාදී ඇති බවත් එම දත්ත පදනම් කරගනිමින් විගණකාධිපති වාර්තාව සකස් කර ඇතැයිද බැඳුම්කර කොමිසම හමුවේ හත්වැනි දිනටත් සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය. 20 June 2017
ආපදා පෙදෙස්වල පොලිස් පැමිණිලි පිටපත් නොමිලේ ආපදා හේතුවෙන් විපතට පත් වු ජනතාව පොලිසියට ඉදිරිපත් කරන පැමිණිලිවල පිටපත් නොමිලේ නිකුත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. 20 June 2017
දුම්රිය වැඩ වර්ජනය පැය 24කින් කල්යයි ඉල්ලීම් කිහිපයක් මුල් කරමින් දුම්රිය රියදුරු සහ නියාමකවරු අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සිටි දුම්රිය වැඩ වර්ජනය හෙට (21) දිනය දක්වා පැය 24කින් තාවකාලිකව කල් දැමූ බව දුම්රිය නියාමක සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා පවසයි. 20 June 2017
තිස්සට රට යන්න අවසර මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමේ චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට විදෙස් ගතවීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(20) අවසර ලබා දුන්නේය. 20 June 2017
කීත් නොයාර් සිද්ධියේ සැකකරුවන්ට ඇප මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වදහිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබ සිටි යුද හමුදා බුද්ධි අංශ සෙබළුන් හයදෙනා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද(20) නියම කළේය. 20 June 2017
අසාද් සාලිගේ කියුම් ගැන සොයයි හිටපු පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා විසින් බෞද්ධ ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර අසමගියක් ඇතිවන ප්‍රකාශ නිකුත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කර ඇත. 20 June 2017
ආපදා පෙදෙස්වල සිසුන්ට සරසවි යන්න වරම් හතරක් ගංවතුරෙන් සහ නායයෑම්වලින් ආපදාවට ලක්වූ පෙදෙස්වල උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුළත් විම සඳහා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථා 4ක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 20 June 2017
ආපදා පෙදෙස්වල උසස් පෙළ සිසුන්ට නොමිලේ ප්‍රශ්නපත්‍ර කට්ටලයක් ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලයක් නොමිලේ දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසීය. 20 June 2017
සෞඛ්‍ය ඇමැති එනතුරු යළි පාර්ලිමේන්තුව කල් තබයි ඩෙංගු සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ අද(20) උණුසුම් වූ අතර ඒ හේතුවෙන් කල් තැබූ පාර්ලිමේන්තුව යළි පස්වරු 2.10ට ආරම්භ විය. 20 June 2017
ඩෙංගු මඩින්න තරුණයන් 5000ක බල ඇණියක් ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණෙන් තරුණයන් 5000 දෙනකුගෙන් සමන්විත බල ඇණියක් යොදවන බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. මෙම බල ඇණිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඩෙංගු මර්දන කටයුතුවල දී මැදිහත් වනු ඇතැයි ද බණ්ඩාර මහතා කියයි. 20 June 2017
කොලස්ටරෝල් මට්ටම අඩු කරන්න එන්නතක් රුධිරයේ කොලස්ටරෝල් මට්ටම අඩුකිරීමට සමත් එන්නතක් සාර්ථක ලෙස අත්හදා බලමින් පවතින බව වියනාවේ මෙඩිකල් යුනිවර්සිටිහි පර්යේෂකයෝ පිරිසක් පවසති. 20 June 2017
ඩෙංගු ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව කල් තැබේ පාර්ලිමේන්තු සභා ගැබේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද(20) පස්වරු 1.50ට කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගත්තේය. 20 June 2017
උතුරු මැද පළාත් සභාවේ ගැටළුකාරි තත්ත්වයක් උතුරුමැද පළාත් සභාවේ සභාපති ඩී.එම්.ආර්.සිරිපාල මහතාට එරෙහිව බාරදී තිබු විශ්වාසභංග යෝජනාව අද (20) පළාත් සභාවේ රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොකිරිම සම්බන්ධයෙන් අර්බුදකාරි තත්ත්වයක් ඇති විය. 20 June 2017
හිටපු බුද්ධී අංශ ලොක්කා තෙවැනි දිනටත් එෆ්සීඅයිඩියට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවත්වාගෙන යන කේබල් රූපවාහිනී ආයතනයකින් සහ තවත් ආයතන කිහිපයකින් රුපියල් මිලියන ගණනක් සිය ගිණුමට බැර කරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා අද (20) තෙවැනි දිනටත් මුල්‍ය අපරාධ කොට්ඨාසය කැදවනු ලැබ ඇතැයි පොලිසිය කියයි. 20 June 2017
රන් පවුම් 26ක් කොල්ල කෑ සැකකරුවෝ අත්අඩංගුවට යාපනය කෝපායි හී බැංකු නිලධාරියකුගේ නිවසක් බිද එහි තිබූ රුපියල් ලක්ෂ 12ක පමණ වටිනා රන් පවුම් 26ක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ යාපනයේ නමගිය කොල්ලකරුවන් දෙදෙනෙකු අද (20) අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය පවසයි. 20 June 2017
උමා ඔය උමගක ජල කාන්දුවක් - ඌව මහ ඇමැති උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැලිමඩ ඩයබරා සිට ඇල්ල කරඳගොල්ල දක්වා ඉදිවන උමං මාර්ගයේ ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයේ විශාල ජල කාන්දුවක් සිදුවීමත් සමඟ බණ්ඩාරවෙල ප්‍රදේශයේ තවත් නිවාස හා ගොඩනැගිලි විනාශ වෙමින් ජල ප්රශ්නය ද උග්‍රවී ඇති බව තමා කළ නිරීක්ෂණයක දී හෙළිවූ බව ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා පවසයි. 20 June 2017
උතුරු කොරියාවෙන් නිදහස ලැබූ ඇමෙරිකානු සිසුවා මිය යයි මාස 17කට ආසන්න කාලයක් උතුරු කොරියානු සිර අඩස්සියේ සිට නිදහස ලැබූ ඇමෙරිකානු සරසවි සිසු ඔටෝ වොම්බියර් ජීවිතක්ෂයට පත්ව තිබේ. 20 June 2017
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරෝ වැඩ වරති ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද(20) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. 20 June 2017
බස් ගාස්තු වැඩිකිරීම ගැන කැබිනට් තීරණය අද ජූලි 1 වැනිදා සිට සිදුකිරීමට යන බස් ගාස්තු සංශෝධනය පිළිබදව අද(20) කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ආරංචි පවසයි. 20 June 2017
පැරීසියේ ලස්සනම මාවතට තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ප්‍රංශයේ පැරිස් නුවර ‘ෂොම් සෙඑළිෂේ’ මාවතේ නවතා තිබූ පොලිස් වෑන් රියක් වෙත ගෑස් කැනිස්ටර් පිර වූ මෝටර් රථයක් කඩා වැදීමෙන් එහි සිටි රියදුරු මියගියේය. 20 June 2017
පෝද්දල ජයන්තගෙන් රහස් පොලිසියට පැමිණිල්ලක් පසුගිය රජය සමයේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී අත පය කඩා දැමීම ගැන විමර්ශනයක් ඉල්ලා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. 20 June 2017
පානදුර පල්ලියට ගැසූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට පානදුර එළුවිල මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සරසවි සිසුවකු අද (19) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි. 19 June 2017
සිසුන් අතුරුදන් කළැයි නාවික හමුදා නිලධරයකුගෙන් ප්‍රශ්න කරයි නාවික හමුදා අත්අඩංගුවේ දී ද්‍රවිඩ සිසුන් 11 දෙනකු අතුරුදන් වුයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරණ පරීක්ෂණක් සදහා නාවික හමුදා සුළු නිලධාරියකු ප්‍රශ්න කිරීම සදහා අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවු බව එහි ආරංචි පවසයි. 19 June 2017
කහවත්තේ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂක සාක්කි දෙයි ‘‘වෙඩි වැදීමෙන් පසු දොඩම්ගොඩ මහතා මට අඩි දහයක් විතර ඉස්සහින් වැටී හිටියේ. දොඩම්ගොඩ ඇතුළු සැරසිලි කළ පිරිස ඉදිරියට ආවා කියලා හිතන්න පුළුවන්. මේ රැස්වීමට අවසර අරගෙන තියෙන්න ඇති කියලා මම හිතුවා‘‘ යැයි පොලිස් පරීක්ෂක සුසන්ත සමන් කුමාර බෝදරගම (49) මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේ අද (19) සාක්කි දෙමින් කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි අධිචෝදනා නවයකින 19 June 2017
ජ‘පුර රෝහල උණ රෝගීන් ඇතුළු කිරීම සීමා කිරීමට යයි ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඩෙංගු හා වෛරස් උණ රෝගීන්ගෙන් පිරී පවතින අතර රෝහලට උණ රෝගීන් ඇතුළත් කර ගැනීම විටින් විට සීමා කිරීමට සිදුවනු ඇතැයි එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පවසයි. 19 June 2017
‘ඍජු ස්ථානගත කිරීම ඉවත් කිරීමට හිටපු මහ බැංකු අධිපති මැදිහත්වෙලා‘ පරීක්ෂණ වලදී හෙළී වු ආකාරයට සෘජු ස්ථානගත කිරීම ඉවත් කිරීමට මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මැදිහත් වී ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය. 19 June 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026