එච්. චන්දන
පුත්තලම රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ මුදල් පාර්සලයක් සොරකම් කළැයි කියන නාවික හමුදා සෙබළකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
පුත්තලම නගරයේ ව්‍යාපාරිකයකු රුපියල් 175000ක් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන විත් එය එක් පසෙක තබා රිසිට් පත් රැගෙන ඒමට ගිය මොහොතේ මේ මුදල් පසුම්බිය අස්තාන ගතවී ඇති බව පොලිසිය කියයි.
පසුව මේ පිළිබදව පුත්තලම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව බැංකුවේ සි.සි.ටි දර්ශන ඇසුරෙන් ලබා විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව සැකකාර නාවික සෙබළා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැණික් මල්ලක් නෙමෙයිනේ?
සමහරු කියන විදිහට ඉතින් මේ නාවික සෙබළාව සොරකම් කිරීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන්න ඕනෑ.. ඇයි ඉතින් රටවෙනුවෙන් සතුරාට මුහුණදෙන අයනේ..
මේ අපේ රණවිරුවෙක්... නිදොස් කොට නිදහස් කරන්න.
ඉස්සර නේවි අය නම් මේ වගේ වැඩ කළා ගොඩක් අඩුයි. ඒකට දැන්...
හමුදාවල විනය ඉහළම මට්ටමේ තියාගන්නේ මේ නිසයි. හමුදා සහ සිවිල් අපරාධයක් කළාම මොවුන්ට දැඩි දඬුවම් දෙන්න එපා කියන සමාජය මිට වගකියන්න ඕනෑ...
එතකොට මෙයත් රණවිරුවෙක්ද?